පාතාල අපරාධකරුවෙක් බව පවසා අත පිසදා ගැනීම

ආණ්ඩුව විසින් අද දින සිදුවූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරමින් සිටින ප්‍රකාශ සම්බන්ධයෙන් සැක මතුවෙමින් තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීම රට තුළ දැනට පවතින අපරාධ කල්ලි අතර ගැටුමක ප්‍රථිපලයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට පැවසීය.

මියගිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා වැලිගම ලසා ලෙස ජනප්‍රිය බව ඔහු පැවසීය. “ඔහු පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඔහුට විරුද්ධව අධිකරණ නඩු ගණනාවකට තියෙනවා. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධ වෙලා,” අමාත්‍යවරයා පැවසීය.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද පාතාල කල්ලි සාමාජිකයන් විසින් මෙම තොරතුරු හෙළි කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මෙම පුද්ගලයා සම්බන්ධ එවැනි සාක්ෂි තිබේ නම් ඔහු අත්අඩංගුවට නොගත්තේ ඇයිද යන්න මතුවන පළමු සැකයයි.

නැතිනම් ආණ්ඩුව උත්සාහ කරන්නේ තමනට තවමත් පාතාලය, මහ මග සිදුවන වෙඩි තැබීම් සහ ඝාතන පාලනය කිරීමට බැරිවීම සම්බන්ධයෙන් එල්ල වෙන විවේචනය යටපත් කිරීමට මෙවැනි දේ පවසනවාද යන සැකය මතුවේ.

මෙම මිය ගිය පුද්ගලයා පාතාල අපරාධකරුවෙක් වුවත් මෙය පාතාල කල්ලි අතර ගැටුමක් වුවත් මේ ආකාරයට මහ දවල් සිද්ධවෙන මනුෂ්‍ය ඝාතන නැවත්වීම සඳහා ආණ්ඩුව කඩිනමින් මැදිහත්විය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...