පාතාල අපරාධකරුවෙක් බව පවසා අත පිසදා ගැනීම

ආණ්ඩුව විසින් අද දින සිදුවූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරමින් සිටින ප්‍රකාශ සම්බන්ධයෙන් සැක මතුවෙමින් තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීම රට තුළ දැනට පවතින අපරාධ කල්ලි අතර ගැටුමක ප්‍රථිපලයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට පැවසීය.

මියගිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා වැලිගම ලසා ලෙස ජනප්‍රිය බව ඔහු පැවසීය. “ඔහු පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඔහුට විරුද්ධව අධිකරණ නඩු ගණනාවකට තියෙනවා. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධ වෙලා,” අමාත්‍යවරයා පැවසීය.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද පාතාල කල්ලි සාමාජිකයන් විසින් මෙම තොරතුරු හෙළි කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මෙම පුද්ගලයා සම්බන්ධ එවැනි සාක්ෂි තිබේ නම් ඔහු අත්අඩංගුවට නොගත්තේ ඇයිද යන්න මතුවන පළමු සැකයයි.

නැතිනම් ආණ්ඩුව උත්සාහ කරන්නේ තමනට තවමත් පාතාලය, මහ මග සිදුවන වෙඩි තැබීම් සහ ඝාතන පාලනය කිරීමට බැරිවීම සම්බන්ධයෙන් එල්ල වෙන විවේචනය යටපත් කිරීමට මෙවැනි දේ පවසනවාද යන සැකය මතුවේ.

මෙම මිය ගිය පුද්ගලයා පාතාල අපරාධකරුවෙක් වුවත් මෙය පාතාල කල්ලි අතර ගැටුමක් වුවත් මේ ආකාරයට මහ දවල් සිද්ධවෙන මනුෂ්‍ය ඝාතන නැවත්වීම සඳහා ආණ්ඩුව කඩිනමින් මැදිහත්විය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...