පාලනයෙන් බැහැරව ඇති බලවේගයන් නිසා අපේක්ෂා කළ ප්‍රතිඵල ගන්න බැරිවුණා – මහ බංකු අධිපති

Date:

තමන් මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය W.D. ලක්ෂ්මන් පවසනවා.

ඒ අනුව, එලැඹෙන 14වනදා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවත් ලබන මස 80වැනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කර තිබුනද පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බවත් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් ක‍රනවා

මෙලෙස මහ බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙස තමාගේ මිතුරන් සහ හිතවතුන් සිතන බවද ඔහු පවසන අතර තමන් මෙතෙක් තම හෘදය සාක්ෂියට එපිටින් වැඩකටයුතු කර නොමැති බවත් ඔබු අවධාරණය කර සිටිනවා.

තමා වෙහෙස වී කටයුතු කළත් තමන්ගේ පාලනයෙන් බැහැරව ඇති බලවේගයන් නිසා අපේක්ෂා කළ ප්‍රතිඵල ලබාගැනීමට නොහැකිවූ බවත් ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධුරය දරන්නැයි තමන්ට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් පවසයි.

ඉකුත් කාලයේ දී ප්‍රතිපත්තිමය ගැටුම් තිබුණු බව ද සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා මේ කිසිවකට නිශ්චිත පිළිතුරු නොදුන්නේ ය.

ධුරයෙන් ඉවත් වන්නැයි ආණ්ඩුව බලපෑම් කළේ දැයි විමසූ අවස්ථාවේ දී අධිපතිවරයා ඊට නිශ්චිත පිළිතුරක් නොදුන් අතර තමන් විවෘත වීමට සූදානම් යැයි සිතුණු කලෙක මෙම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන බව ද වැඩිදුරටත් කීවේ ය.

හිටපු මහබැංකු අධිපතිවරයකු වන සහ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවන අජිත් නිවාඩ් කබ්රාල් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී මහ බැංකුවේ අධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි ඉකුත් දිනවල ප්‍රවෘත්ති වාර්තා පළ විය.

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...