ඛනිජ නිධි ටිකත් විදේශිය සමාගම්වලට

ලංකාවේ ඛනිජ කැනීමට විදේශීය සමාගම් 14ක් පැමිණෙන බවත්, ඒ සඳහා රජය අවසර දෙන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ .

මේ පිළිබඳ සිය facebook ගිණුම හරහා අදහස් පලකරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ මේ ආණ්ඩුව බලයට පැමිණීමට පෙර මෙවැනි දේවලට විරුද්ධ වූ ආකාරය සිහිපත් කර තිබ.

ඔහු පවසන පරිදි මේ ආණ්ඩුව බලයට පැමිණීමට පෙර පැවසුවේ ඛනිජ අගය එකතු කිරීමකින් තොරව අපනයනය කිරීමට ඉඩ නොදෙන බවයි. වසර දෙකක් තුළ ලංකාවේ ඛනිජ නිධි වලින් 30%ක් හාරාගෙන යාමට අනුමැතිය දෙන කැබිනට් පත්‍රිකවක් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් අනුමත කළ පසුව ඒ ගැන පුළුල් විවේචනයක් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකර ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණ වසරක් ගත වුවත් ඒ කැබිනට් පත්‍රිකාව අවළංගු කර නැති බව [පැවසේ. ඒ වෙනුවට එම මංකොල්ලය නීතිගත කිරීමට ජාතික ඛනිජ ප්‍රතිපත්‍තිය නමින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සකස් කළ කෙටුම්පත සම්මත කිරීමට මේ ආණ්ඩුව සැරසෙන බව පුබුදු ජයගොඩ පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...