ඛනිජ නිධි ටිකත් විදේශිය සමාගම්වලට

ලංකාවේ ඛනිජ කැනීමට විදේශීය සමාගම් 14ක් පැමිණෙන බවත්, ඒ සඳහා රජය අවසර දෙන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ .

මේ පිළිබඳ සිය facebook ගිණුම හරහා අදහස් පලකරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ මේ ආණ්ඩුව බලයට පැමිණීමට පෙර මෙවැනි දේවලට විරුද්ධ වූ ආකාරය සිහිපත් කර තිබ.

ඔහු පවසන පරිදි මේ ආණ්ඩුව බලයට පැමිණීමට පෙර පැවසුවේ ඛනිජ අගය එකතු කිරීමකින් තොරව අපනයනය කිරීමට ඉඩ නොදෙන බවයි. වසර දෙකක් තුළ ලංකාවේ ඛනිජ නිධි වලින් 30%ක් හාරාගෙන යාමට අනුමැතිය දෙන කැබිනට් පත්‍රිකවක් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් අනුමත කළ පසුව ඒ ගැන පුළුල් විවේචනයක් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකර ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණ වසරක් ගත වුවත් ඒ කැබිනට් පත්‍රිකාව අවළංගු කර නැති බව [පැවසේ. ඒ වෙනුවට එම මංකොල්ලය නීතිගත කිරීමට ජාතික ඛනිජ ප්‍රතිපත්‍තිය නමින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සකස් කළ කෙටුම්පත සම්මත කිරීමට මේ ආණ්ඩුව සැරසෙන බව පුබුදු ජයගොඩ පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...