කොන්ද රිදෙනවා ආනන්ද

කලාන්තයි ආනන්ද
කොන්ද රිදෙනවා ආනන්ද
මේ දවස්වල මං වැඩ වසන්නේ
V.P.ගෙ කාරෙකේ ඩෑෂ් ⁣බෝඩය මත

මල් අඞ අඞා පරවෙනවා
පස්සෙ ෂීට් එක මත
ඇහැක් උස්සන්නෙ කොහොමද
බෙල්ල කකියන කොට

වැටෙන හැම වළක් ගානෙම
කොන්ද වදිනවා වින්ස්ක්‍රිනය මත

” ආරෝග්‍යා පරමා ලාභා”
බෝඩි එක
ඡීවකගෙ චැනල් සෙන්ටරේ
දොර උඩ

සල්ලි බෑගය දානකොට ඩිකියට
ගැස්සෙනවා තෙවළා දහම් බණ පද

ක්ලාන්තයි ආනන්ද
කොන්ද රිදෙනවා ආනන්ද

ඍධියෙන් වුව වඩින්නේ කොහොමද
ගමි ගා අලවා අැත පස්ස පැත්තම
හෙළවෙන රිදී බෝ කොළේ
වදිනවා නළලට
හැම බ්රේක් පාරටම

සුනීත සෝපාකලා
බේත් අරගෙන
ඔහේ යනවා
කාරෙක දිහා බලාගෙන

හම්බ වුනොත්
යසෝදරාවට කියනවද
කිරිපිඩු ටිකක්
පැන් සුමුගක්
කාටත් හොරෙන්
වඩම්මන ලෙස කාර් එකටම

දිලීප් කුමාර ලියනගේ

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...