කොන්ද රිදෙනවා ආනන්ද

කලාන්තයි ආනන්ද
කොන්ද රිදෙනවා ආනන්ද
මේ දවස්වල මං වැඩ වසන්නේ
V.P.ගෙ කාරෙකේ ඩෑෂ් ⁣බෝඩය මත

මල් අඞ අඞා පරවෙනවා
පස්සෙ ෂීට් එක මත
ඇහැක් උස්සන්නෙ කොහොමද
බෙල්ල කකියන කොට

වැටෙන හැම වළක් ගානෙම
කොන්ද වදිනවා වින්ස්ක්‍රිනය මත

” ආරෝග්‍යා පරමා ලාභා”
බෝඩි එක
ඡීවකගෙ චැනල් සෙන්ටරේ
දොර උඩ

සල්ලි බෑගය දානකොට ඩිකියට
ගැස්සෙනවා තෙවළා දහම් බණ පද

ක්ලාන්තයි ආනන්ද
කොන්ද රිදෙනවා ආනන්ද

ඍධියෙන් වුව වඩින්නේ කොහොමද
ගමි ගා අලවා අැත පස්ස පැත්තම
හෙළවෙන රිදී බෝ කොළේ
වදිනවා නළලට
හැම බ්රේක් පාරටම

සුනීත සෝපාකලා
බේත් අරගෙන
ඔහේ යනවා
කාරෙක දිහා බලාගෙන

හම්බ වුනොත්
යසෝදරාවට කියනවද
කිරිපිඩු ටිකක්
පැන් සුමුගක්
කාටත් හොරෙන්
වඩම්මන ලෙස කාර් එකටම

දිලීප් කුමාර ලියනගේ

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...