විෂ්ණු වාසු ගේ සිනමා නිර්මාණයක් වන , අම්මා චිත්‍රපටය නැරඹුමට මට අවස්ථාව හිමි වුයේ, විහඟ පෙරේරාගේ සමාජ මාධ්‍ය පොස්ටුවක් හේතුවෙනි. අදාළ චිත්‍රපට කතාව ඉතාම කෙටියෙන් කියමි. උතුරුමැද පළාතෙහි යකාවැව සිංහල ජනාවාසයේ , ජීවත්වූ ගොවියෙක් අතුරුදහන් වීමත් සමඟ අසරණ වූ ස්ත්‍රියක් සහ දරු තිදෙනෙක් , එම සිදුවීම නැවත කියවාගැනීම ආශ්‍රිතව එය ගොඩ නැගී ඇත. සහකරු අතුරුදහන් වූ පසු, දරුවන් රැක ගැනීමට , තම මව විඳි වේදනා, දියණිය විස්තර කරන්නේ , “අපේ අම්මා මේ වැටෙන හැම අව්වුවක්ටම පිච්චුනා. මේ වැටෙන හැම වස්සකටම තෙමුනා. ඒ අපි නිසා “. අඛයානය ඉතාම කෙටි සාරාංශය නම් මෙම පවුල, ජාතික සහ ආර්ථික අනාරක්ෂිතභාවය හේතුවෙන් නිරන්තරයෙන් හිංසනයට පත් වූ බවය.
එසේම යකාවැව බස්රථය වෙත එල්ලවූ විමුක්ති කොටි ප්‍රහාරය හේතුවෙන් , ජිවිත 50කට අධික ප්‍රමාණයක් අහිමි වීමත් මෙහි වන අතරු කතාව වේ. ඉන් අනතුරුව 2014 දී ,චිත්‍රපටයේ කතා නායිකා ව වෙත , උසාවි නියෝගයක් ලැබෙනුයේ, තම සහකරු අත්රුදහන් කිරීමට වගකිව යුතු පුද්ගලයා අත්අඩංගු වට ගෙන තිබෙන බවත් ඒ වෙනුවෙන් වන අධිකරණ ක්‍රියාවලියට සහභාගී වන ලෙසත්ය. එම සැකකරු පිලිබඳ , මෙම කතානායිකාව කරන හැදින්වීම නම් , “උසාවියේ අර-වගේ මේ- වගේ හිටියේ. මට කීවා , මගේ හිමියන්ගේ අතක් බලන්න පුළුවන් වේවි කියලා. මට ඕනේ නැහැ කුණ බලන්න. මම එයාට (සැකකරුට ) වෛර කරන්නේ නැහැ . උපන් උපන් ජාතිවත්. අපි එකතුවෙලා ඉහත ආත්මයක කරපු පවක් මේ . දැන් මම තව වෛර බැඳ ගත්තොත් , එක නවතින්නේ නැහැ” (මතකයේ රැදී ආකාරයට වචන කියූ ඇයගේ වදන් නැවත ලීවෙමි)
ශ්‍රී ලංකා රජය සහ විමුක්ති කොටි සංවිධානය අතර වූ යුධ ගැටුම අවසාන වුයේ 2009 දිය. එය මා හදුන්වනුයේ ජන සහාරයක් ලෙසිනි. ඉතාම හිංසනාත්මක ලෙස සිදු වූ ජන සංහාරයක් වූ , එහිදී අතුරුදහන් කරන ලද ජිවිත සහ මරාදමන ලද ජිවිත වෙත මේ ගෙවෙන මොහොතේ ද රාජපක්ෂ හෝ රාජපක්ෂ නොවන ආණ්ඩුවකින් යුක්තියක් ඉටු වී නොමැත.
ශ්‍රී ලංකා හමුදාවට බාර වුනු පසු අතුරුදහන් කරන ලද ජිවිත සොයාමින් ඔවුන්ගේ ආදරණියයන් විදි පුරා රැදී, බලාපොරොත්තු දල්වා සිටි. මියගිය කිසිවෙකු සැමරිය නොහැකි ලෙස ට , covid 19 වසංගතය මාධ්‍ය යේ රජය විවිධ වාරණ ගෙන එනු ලැබිය. වයස අවුරුදු 6ක දරුවෙකු ද ඇතුලත්ව, සිවිල් වැසියන් ඝාතනය කිරීමේ චුදිතයන් ට නිදහස හිමි විය. අරන්තලාව භික්ෂු ඝාතනය, දළඳා මැදුරේ දී බෝම්ම් පුපුරවා හැරීම සහ නැගෙනහිර පළාත තුල වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් වෙත වගකිව යුතු පුදගලයන්, ආණ්ඩුකරණ ට සම්බන්ද පසු බිමක නරඹන අම්මා චිත්‍රපට පිලිබඳ ස්ත්‍රී හර්දසාක්ෂිය මෙය වේ.
විශුනුගේ සිනමාව තුල පවතින දේශපාලනය මා වටහා ගනු ලබන්නේ මෙසේය. යුද්ධය විසින් වින්දිතභාවයට පත් ස්ත්‍රියක්, විසින්, වින්දිතභාවය අභියෝගයට ලක්කරමින් , රාජ්‍ය විසින් සපයා දීමට අසමත් වූ ආරක්ෂාව , තමා විසින්ම සපයාගැනීමට කටයුතු කිරීමක් ලෙසය. එහිදී ඇය මුහුණ දෙන ආරථික අභියෝගය ඉතාවිශාලය. දෛනික ජීවිතය තුල ,මුලික අවශ්‍යතා ඉටු කරගැනීමට නොමැතිව ද, ඇය තමාගේ ශාරීරක ශක්තිය වෙත පමණක් විශ්වාසය තබමින් , දරුවන්ද රැකගන්නා ස්ත්‍රියක්විය. එවැනි ස්ත්‍රී දහස් ගණනක් යුද්ධය විසින් නිර්මාණය කර තිබේ. කිලිනොච්චියේ හරිත පැහැ ධර්මපුරම් හි සිට, මුලතිව් දක්වා මට මුණ ගැසුණු බොහෝ ස්ත්‍රීන් ගේ අඛයානයන්, යකාවැවේදී, වාසුට හමු වූ ස්ත්‍රිය හා සමය.
ධර්මපුරම් , පොදු වෙළඳසැලෙහි , වන්නි කුළුබඩු විකුණන ,ධන ලක්ෂීගේ , 43 වැනි වියේ වූ සහකරු මිය යන්නේ, ශ්‍රී ලංකා හමුදාව විසන් එල්ල කල මල්ටිබැරල් ප්‍රහාරය හේතුවෙනි. ඉන් පසු දියණියන් දෙදෙනෙකු සමඟ ඇය , 2009 දී හමුදා පාලන ප්‍රදේශය වෙත එළඹෙන අතර, හමුදා කඳවුරේ දී , අන්නන්ත දුක්ක දොමන්සස්සයන් විදි බව පැවසිය . නැවත ධර්මපුරම් වෙත පැමිණි පසු, දරුවන් ගේ වගකීම වෙනුවෙන් , කුළුබඩු සදා පැකට් කර විකුණා, මුදල් ඉතිරි කරගැනීමේ අනවරත අරගලයක ඇය නිරත විය.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින විට, විෂය පුළුල්ව ඉගෙනීම උදෙසා අපි වරක් , ‘පුත්තලම ඒළුවන්කුලම අනාථ කඳවුර වෙත ගියෙමු ‘. එහි සිටි මුස්ලිම් සහෝදරවරියක් පැවසුවේ , “ඉස්කෝලේ යන්න විදිහක් නැහැ. උදේට ලුණු කඩන්න යනවා . නැතිනම් ජිවත් වෙන්න විදිහක් නැහැනේ “…. ඇය පාසල් ගොස් තිබුනේ 5 වසර දක්වා පමණි. එවකට පැවති යුද්ධය හේතුවෙන් , අභ්‍යන්තර අවතැන් වීමේ වින්දිතයන් ලෙස එළුවන්කුලම වෙත ඔවුන් හට පැමිණීමට සිදු තිබුණි.
වසර තිහකට අධිකව දිග් ගැස්සුණු යුද්ධය , අප කිසිදු කෙනෙක් වෙත සාමයක් ඉතිරි කර නොමැත. වාසුගේ සිනමා රුපය එය සිහි කැඳවන අතර, ඒ තුල ආරථික අනාරක්ෂිතතාවයෙන් පිඩාවට පත් වීම මම කියවනු යේ පංති පිඩාවක් ලෙසය. යකාවැවේ දී අතුරුදහන් වන, මිය යන ජනයා ද , මුල්ලියවයිකාල් හිදී මිය යන්නේ ද එකම පංතියේ ජනයා වේ. සිංහල, දෙමළ , මුස්ලිම් ප්‍රජාවේ වැඩකරන පංතිය මෙම යුද්ධයේ දී පිඩාවට පත් විය. වන්නියේ ජීවිතය යැදී බහුතර දෙමළ ජනයා ගේ උපන්බිම් , කන්දඋඩරට හෝ දකුණේ විය. ඔවුන් ව ක්‍රමික ව ධනේශ්වර නියෝජනය විසින්, පිඩනයට පත් කරමින් , පලවාහැර , ඔවුන් ගේ දේපළ , ශ්‍රමය සහ ජිවිතය කොල්ල කන ලදී. අවසානයේ දී වන්නි යේ රැඳුනු ඔවුන් , ජීවිතය ඉල්ලා කන්නලවු කරන ලදී.
එසේම යකාවැවේ දී පමණක් නොව යුද්ධයට මායිම් ව පිහිට සිංහල ජනාවාස හි බහුතරය අයත් වන්නේ ද මෙම වැඩකරන පංතිය ට වේ. එහිදී යකාවැවේ දී පුපුරා ගිය බෝම්බ හේතුවෙන් තම අදරනියයන් අහිමි වූ පසු ජිවත් වීම වෙනුවෙන් , ඉතාමත් රළු ශ්‍රම අරගලයක් ගෙන යනගිය ජිවිත බහුල වේ. එහෙත් යුද්ධය පවත්වා ගැනීමට ඉඩ දෙමින් , එය ප්‍රාග්ධනය උපන මාර්ගයක් බවට පත් කරගත් ධනේශ්වර කණ්ඩායම, වාර්ගිකවාදය යෝදාගනිමන් අපි සැමට පොදු වන මෙම පංති පිඩාවේ අවධානය මරා දමා ඇත.
එසේම , අදවන විට මෙම යුද්ධයේ වින්දිතයන් යුක්තිය බලාපොරොත්තු වෙන් සිටි. එය අනෙකාට ප්‍රේම කිරීම ලෙසට වාසු තම සිනමා රුපකය තුලින් පැවසූ වද , මගේ කියවීම නම්, එය ව්‍යුහාත්මක සහ පටිපාටිමය ක්‍රියාවලියක ප්‍රතිපලයක් විය යුතු බවය. මක් නිසාද යත් බලහත්කාරයෙන් අතුර්දහන් කිරීම් , වධහිංසනය ට පැමිණීම වෙනුවෙන් හුදෙක්ම සමාව දීමක් හරහා පමණක් යුක්තිය ඉටු නොවන හෙයිනි. එසේම , එම සිදුවීම් හි වගකිවයුතු පාරශ්ව වෙත සමාව දීම අගනා බවත්, එය සියලුම වින්දිතයන් සිදු කල යුතුබවත් යෝජනා කිරීමට අප කිසි වෙකුට කිසිදු අයිතියක් නොමැත . මම එය අවධාරණය කිරීම වෙනුවෙන් නැවත ලියමි. යුධ අපරාධයන් හි කිසිදු පාර්ශවයකට, සාමයේ නාමයේ සමාව දිය යුතු බවට යොජානා කිරීමට කිසිදු ශිලාචාරාත්මක හැකියාවක් අප කිසි වෙකුට නොමැත.
අවසාන වශෙයෙන් කිව හැකි කරුණ නම්, වාසු, ඔව් , ඔබ කියන ලෙසම , අප සැවොම මෛත්‍රිය කිරීමට කැමැත්තෙමු. එහෙත්, අප යුක්තිය බලා පොරොත්තු වෙමු. මන්දයත් , 2009 දී අවසන් වුයේ , අප සියලු දෙනා මත බලහත්කාරයෙන් පටවන ලද යුද්ධයකි. අපට දැන් අවශ්‍ය වන්නේ , අපේ පංතිය එකතු කල හැකි මාර්ගයකි. ඔව් ගෝර්කි සහ ඔබ මතක් කර දෙන , මේ ලෝකය පවතින්නේ, හිරුගේ කිරණින් සහ මවගේ ආදරයෙන් වන අතර , එම ආදරය ට කල හැකි උපරිම උත්තමාචාරය , යුද්ධයේ වින්දිත වූ ඔවුන් සැමට යුක්තිය ඉටු කිරීම ය.