Breaking News

චමල්ට හම්බන්තොට මිනිස්සු ගැන අමුතු ආදරයක් – සිංහරාජ වැව් ගැන නැවත මතක් කරයි

වැවක් හදන්න ගිය විට ඇතැමුන් විවිධ තර්ක ඉදිරිපත් කළත් එහි අවශ්‍යතාවය තේරෙන්නේ වතුර නැති අයට යැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

ජනතාවට ජලය දෙන්න නම් වැව් හදා ජලය එකතු කර ගත යුතු යැයි කී ඇමතිවරයා පරිසරය විනාශ කරනවා, ගස් කපනවා කියමින්අ කෑ ගසන අයට එම අවශ්‍යතාවය තේරෙන්නේ නැතැයි ද සඳහන් කරයි.

මෙවැනි කටයුතුවලදී පරිසරයට යම් හානියක් සිදුවන්නේ නම්, ඒ වෙනුවට ගස් වගා කළ යුතු බව ද ඇමතිවරයා පවසා තිබේ.

අමාත්‍ය චමල් රාජපක්ෂ මේ බව පැවසුවේ අනුරාධපුර, තන්තිරිමලයේදී ඉදිකිරීම් ඇරඹුණු මෙරට තෙවැනි විශාලතම ජලාශය වන මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

චමල් රාජපක්ෂ ඇමතිවරයා මේ වැව් ලෙස සඳහන් කරන්නේ සිංහරාජය තුළ ඉදිකිරීමට සැලසුම් කර ඇති වැව් දෙක පිළිබඳවයි. ඇමතිවරයා පතල මහා කරුණාවෙන් ජනතාවට ජලය ලබාදීම වෙනුවෙන් මෙම වැව් ඉදිකරන බව පැවසුවත් සත්‍ය ලෙසම සිදුවන්නේ හම්බන්තොට ප්‍රදේශයේ සිදුවන චීන ආයෝජන සඳහා ජලය සැපයීම බව පරිසරවේදීන් හෙළිකර තිබේ. අනෙක් අතින් චමල් රාජපක්ෂගේ ජනතාව වෙත වූ කරුණාවේ මහිමය හොඳින්ම පැහැදිලි වෙමින් ඇත්තේ ඔහු දේශපාලන කටයුතුවල නියැලෙන ප්‍රදේශය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් සිටින වල්සපුගල ගොවීන්ට එම රක්ෂිතය ගැසට් කරන බවට පොරොන්දු ලබාදී එය ඉටු නොකිරීම හරහායි. ඔහුගේ කරුණාව ජනතාව වෙත කෙසේවෙතත් සමාගම් වෙත නම් පවතින බව වන අලි රක්ෂිතය ලෙස ගැසට් කිරීමට ඉල්ලා සිටින වනාන්තරය තුළ ඉඩම් විවිධ සමාගම් වෙත වාණිජ භෝග වගාවන් සඳහා ලබාදීමෙන් පෙනේ.

සිංහරාජය තුළ වැව් ඉදිකරන බව පැවසීමත් සමඟම ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ මෙම සිංහරාජය තුළ ජලාශ ඉදිකිරිම මදක් වෙනස් කොට සිංහරාජය ආශ්‍රිත ගමක ඒවා ඉදිකෙරෙන බව පවසන ලදී. නමුත් තවමත් ජනතාව එය විශ්වාස නොකරන නිසා සහ ආණ්ඩුවට පරිසර විනාශය සම්බන්ධයෙන් එල්ල වෙමින් තිබෙන විරෝධය සමනය කිරීමේ අරමුණින් ජනතාවට ජලය සැපයීමේ අවශ්‍යතාවය පෙරට දමමින් සිටියි.

පසුගියදා (පෙබරවාරි 23) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පරිසරවේදී සජීව චාමිකර මෙම සිංහරාජය ආශ්‍රිතව වැව් ඉදිකිරිම ගැන පහත පරිදි විස්තර කර තිබුණි.

“ඉතාම පැහැදිලිව අපි දන්නවා මේ වනවිට හම්බන්තොට මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය කරන ජලය ගේන්න පළවෙනිම සැලසුම තමයි උමා ඔය ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළා, පරිසර ඇගයීම් වාර්තාව සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වාර්තාවකට මධ්‍යම පරිසර අධිකාරියෙන් බලහත්කාරයෙන් අනුමැතිය ලබාගෙන තමයි ව්‍යාපෘතිය ආරම්භ කළේ, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් විදියට අද වනවිට පවුල් 17500කට වැඩි ප්‍රමාණයක් සම්පූර්නයෙන්ම අවතැන් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ෆේල් වෙලා තියෙනවා.

එතකොට ඒ ජලය ගේන්න බැරි හින්දා මේ වනවිට ගිං – නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න හදනවා. මේ ජලය ගේන්නෙ ජල කොල්ලයකට මිසක් ජනතාවට ජලය ලබාදෙන්න නෙවෙයි. අපි දන්නවා මේ වනවිට හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දෙනකොට මූලික එකඟතාවයක් තියෙනවා ඒ ආශ්‍රිතව තව අක්කර 15000ක් දෙන්න චීන කර්මාන්ත ශාලා ස්ථාපිත කරන්න. මේ වනවිට දිගින් දිගටම චීන සමාගම් විසින් බලපෑම් කරනවා ජල ප්‍රශ්නයට විසඳුම් සපයලා දෙන්න, ඒගොල්ලන්ගෙ ආයෝජන කටයුතු සිද්ධ කරන්න කියලා. ඒ සඳහා තමයි මේ සැලසුම සකස් කරන්නෙ”

leave a reply