අවසාන සන්ධ්‍යාව මොන වගේ වේවිද? – එඩ්වර්ඩ් හර්ෂ

කුඩා දොර කවුළුවක් අසල සිටගෙන සිටියි, නුඹ
සයුර ආසන්නයේ හිස් අවන්හලක් තුළ
රාත්‍රිය උදා වෙයි, අගුළුලයි එය හිමිකරු
නමුදු, නුඹ තවම වාරුව සිටියි, රේඩියේටරය මත
සෙමින් උණුසුම අඩුවෙමින් යන

ඇවිද යයි දැන් නුඹ වෙරළ තීරය වෙතට
රැළි මත වියැකෙනා අවසාන වියෝ ගී දකින්නට
නුඹ සිටියෙ කුඩා නිවහන්වලය, තදබද තැන්වලය
නුඹ වටා වූ බිත්ති ලං වෙමින් තිබුණි, නුඹ වෙතට
නමුදු, සාගරයත් අහසත් නුඹගේය

කිසිවෙකුත් නොමැත දැන් නුඹ අසල,
නුඹ සමග මධුවිත පුරන්නට
තෙතමනයෙන් යුත් මීදුමින්, සෙවනැළිමය ගැඹුරතින්
හුදෙකලාවේය නුඹ කරකැවෙන විශ්වයෙහි
සමු ගනිමි, ආදරය, දුර ඈත, උණුසුම් තැනෙක වෙසෙන
රාත්‍රිය අනන්තයි මෙහි, නිහඬතාව අපරිමිතයි.

(Edward Hirsch විසින් රචිත “what the last evening will be like?” නමැති කවියේ පරිවර්තනයකි. මෙය කොරෝනා වයිරස් වසංගතය ආශ්‍රිත අත්දැකීම් ඇසුරින් ලියන ලද්දකි.)

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...