කුඩා දොර කවුළුවක් අසල සිටගෙන සිටියි, නුඹ
සයුර ආසන්නයේ හිස් අවන්හලක් තුළ
රාත්‍රිය උදා වෙයි, අගුළුලයි එය හිමිකරු
නමුදු, නුඹ තවම වාරුව සිටියි, රේඩියේටරය මත
සෙමින් උණුසුම අඩුවෙමින් යන
ඇවිද යයි දැන් නුඹ වෙරළ තීරය වෙතට
රැළි මත වියැකෙනා අවසාන වියෝ ගී දකින්නට
නුඹ සිටියෙ කුඩා නිවහන්වලය, තදබද තැන්වලය
නුඹ වටා වූ බිත්ති ලං වෙමින් තිබුණි, නුඹ වෙතට
නමුදු, සාගරයත් අහසත් නුඹගේය
කිසිවෙකුත් නොමැත දැන් නුඹ අසල,
නුඹ සමග මධුවිත පුරන්නට
තෙතමනයෙන් යුත් මීදුමින්, සෙවනැළිමය ගැඹුරතින්
හුදෙකලාවේය නුඹ කරකැවෙන විශ්වයෙහි
සමු ගනිමි, ආදරය, දුර ඈත, උණුසුම් තැනෙක වෙසෙන
රාත්‍රිය අනන්තයි මෙහි, නිහඬතාව අපරිමිතයි.
(Edward Hirsch විසින් රචිත “what the last evening will be like?” නමැති කවියේ පරිවර්තනයකි. මෙය කොරෝනා වයිරස් වසංගතය ආශ්‍රිත අත්දැකීම් ඇසුරින් ලියන ලද්දකි.)