ණය ගෙවන්න පෝලිමේ එන්න නෙළුම් මලට නැග බහින්න

ණය වාරික ගෙවන්නට නොහැකිනම් තම වත්කම් පවරා ගන්නා බව චීන්නු පවසා තිබේ. ආණ්ඩුව නෙළුම් කුළුණ ජනතාවට නැරඹීමට විවෘත කරන බව පවසයි. නෙළුම් කුළුණ නැරඹීමට රුපියල් පන්සීයක් අයකර ගන්නා බවද ආණ්ඩුව කියයි.

නගින්න නගින්න පෝලිමේ එන්න
ගෙවන්න ගෙවන්න චීන ණය ගෙවන්න
ගෙවන්න බැරි ණය අපිට පලක් නැති කුළුණු
නගින්න නගින්න පෝලිමේ එන්න

වත්කම් ඉල්ලන චීන්නු හොම්බෙන් යවන්න
නැගලා බැහැලා උස කුළුණ
පෙති අතගා නෙලුමේ බහින්න

උඩට ගිහින් බිම බලන්න
ජනෙල් කවුළු ළඟ ඉඳගෙන
සෙල්පි යෙකුත් ගහලා එන්න

ණය ගෙවන්න පෝලිමේ එන්න
500දී නගින්න සාදු කියා බිමට එන්න
චීන ණයට හිලව් වෙන්න
නෙළුම් මලට නැග බහින්න

නගින්න බහින්න
බහින්න නගින්න
නගින්න බහින්න
ණය ගෙවන්න ඔබත් එන්න

චීනව හොම්බෙන් යවන්න
පොලිත් එක්ක ණය ගෙවන්න
නගින්න බහින්න
බහින්න නගින්න
නගින්න බහින්න
බහින්න නගින්න
නගින්න බහින්න
.
.
.
.
.

ණය ගෙවා ඉවර වෙනතුරුත්
ඉන් පසුත් දිගටම නගින්න බහින්න

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...