උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ තියෝගු නගර් වීදියේ සිලාවත්ත දකුණු ප්‍රදේශයේ නීති විරෝධී වැලි ගොඩදැමීමේ හා හොර ගස් ජාවාරම් මේ වන විට වැඩි වී එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ.මුලතිව් දිස්ත්‍රික්කයේ ඇති මෙම සම්පත් ජාවාරම්කරුවන් විසින් මේ වන විට සූරා කමින් සිටිති.
මෙම ජාවාරම් සඳහා ඇතැම් පොලිස් නිලධාරීන් හා වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් ද ජාවාරම්කරුවන්ගෙන් අල්ලස් ලබා ගනිමින් අනුබල දෙන බව ද දැකිය හැකි අතර ඒ තුළින් සම්පත් තව තවත් විනාශයට පත්වෙමින් තිබේ.රාජ්‍ය නිලධාරීන් මීට විරුද්ධ වී කටයුතු කළ යුතු වුව ද ඔවුන්ගේ වගකීම් විරහිත හැසිරීම් පිළිබඳව මුලතිව් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා මේ වන තුරු නිහඬව සිටීම ද ජනතාවට ඇති ගැටළුවකි.
1964/12/18 වන දින ආසියාවේ විශාලතම කුණාටුව ඇති වෙතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත.ඒ දක්වාම ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කරන ස්ථානය ලෙස පැවතියේ දනුෂ්කෝඩි ප්‍රදේශයයි.
1964/12/23 දින ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය කරා පැමිණි රාමේෂ්වරම් කුණාටුව මුලතිව් නගරයේ ජනාවාස හා ජනයා සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට සමත් විය.එම කාල වකවානුව තුළදීම තායිලන්ත දේශ සීමාවේ තිබූ නැවක් ද කුණාටුවට හසු වී ශ්‍රී ලංකාවේ මුලතිවු දිස්ත්‍රික්කයේ සිලාවත්ත තියෝනගර් ප්‍රදේශයට සේන්දු විය.මේ නිසා තියෝගනගර් ප්‍රදේශය, කප්පලඩි යනුවෙන් ද හැඳින්වූහ.
මෙසේ තිබියදී 1966න් පසු කාල වකවානුවේදී වෙරළබඩ ප්‍රදේශයේ ජීවත් වන්නේ කෙසේද යන බියක් ජනයාගේ සිත් තුළ ඇති විය.මෙම බිය මුලතිවු මනුෂ්‍ය වාසයට නුසුදුසු ප්‍රදේශයක් සේ සලකා ඇතැමුන් වෙනත් දිස්ත්‍රික්කවලට අවතැන්ව යාමට තරම් දරුණු විය.නමුත් තමන් ඉපිද සැදී වැඩුණු ස්ථානය අතහැර යාමට ඔවුන්ගේ සිත් ඉඩ නොදීය.මුලතිව් නගරය ඉහත සඳහන් කළ ආකාරයේ විපත්වලින් ආරක්ෂා කරගැනීම සඳහා වෙරළට මීටර් 500ක් 600ක් පමණ ඈතින් මුහුදු වැලි ගෙන මුහුදු වෙරළ දිගේ ගොඩගසා බැම්මක් සෑදූහ.අදටත් ආරක්ෂිත බැම්මක් සේ පවතින්නේ ද වැව් ලෙස පවතින්නේ ද එදා එසේ මුහුදු වැලි ගොඩගසා සාදන ලද බැම්මයි.මුහුදෙන් ඇති වන අනතුරු වළක්වා ගැනීම සඳහා එය එකල ගත් උත්සාහයක් විය.එය එදා මුතුන්මිත්තන් වැගිරූ ලේ,දහදියේ ඵලයයි.2004 වර්ෂයේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් මුලතිව් ප්‍රදේශයත් එහි ජනයාත් ආරක්ෂා වූයේ මෙම බැම්ම නිසා බව නොරහසකි.
මුලතිවු ප්‍රදේශය ආරක්ෂා කරගැනීම පිළිබඳව මෙවන් පෞඩ ඉතිහාසයක් පැවතිය ද, අද වන විට ප්‍රදේශයේ වටිනා සම්පතක් වූ වැලි හා අධික වටිනාකමින් යුත් ගස් කපමින් මහත් විනාශයක් ප්‍රදේශය තුළ ජාවාරම්කරුවන් විසින් සිදු කරනු ලබයි.මෙම ජාවාරම්කරුවන් අද වන විට ජනයා අතර ඉතා ප්‍රස්ද්ධ ජාවාරම්කරුවන් වී සිටින අතර ජාවාරමේ නිරතවීමට පෙර ඔවුන් සතුවූ දේපළ හා වැලි ජාවාරමේ හා ගස් කැපීමේ ජාවාරමේ නිරත වීමෙන් පසු ඔවුන් සතු දේපළවල වටිනාකම සොයා බැලීම ඔබ සතු වගකීමකි.ප්‍රසිද්ධ වැලි ජාවාරම්කරුවන්ගේ හා ගස් ජාවාරම්කරුවන්ගේ නම් මෙසේය.
ජාවාරම්කරුවන්ගෙන් ප්‍රමුඛස්ථානය හොබවන්නේ කුන්ජප්පන් නමැත්තාය.ඉන් අනතුරුව සම්පත් සූරා කමින් මුදල් උපයන්නේ සෝලන් නමැත්තාය.සිලාවත්ත හතරවන සැතපුම් ප්‍රදේශයේ වැලි ජාවාරමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරන්නේ වේන්දන් නමැත්තාය.
කුන්ජප්පන්
තියෝගනගර්හි ඉඩම් රැසක් මිලදී ගෙන දිවා රෑ වැලි ගොඩ දමමින් සිටින්නෙකු ලෙස මොහු හැඳින්විය හැකිය.වැලි ගොඩදමන ස්ථානය අවට සිටින්නන් හට මෙසේ වැලි ගොඩ දැමීම නොපෙනෙන පරිදි විශාල තාප්ප ඉදි කොට ඒ තුළ බර වාහන සහ බැකෝ යන්ත්‍ර (JCB) උපයෝගි කර ගනිමින් වැලි ජාවාරමේ නිරත වෙති.මොහු වැව් අසළ ඉවුරුවල වැලි ගොඩදැමීමේ අරමුණින් ඉඩම් මිලදී ගෙන,ඔහුගේ නමින් මෙන්ම ඔහුගේ මිතුරන්ගේ නම්වලින් ද පවුලේ සාමාජිකයන්ගේ නම්වලින් ද බර වාහන මිලදී ගෙන වැලි ජාවාරමේ හා ගස් ජාවාරමේ නිරතව සිටියි.
මෙම ජාවාරම්වලට විරුද්ධව ප්‍රදේශයේ ජනතාව විරෝධය දක්වා විවිධ අවස්ථාවල දී මුලතිවු පොලිස් ස්ථානයේ පැමිණිලි කළ ද එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කුන්ජප්පන් නමැති මෙම පුද්ගලයාගෙන් විවිධ අල්ලස් ලබා ගනිමින් ඊට නිසි ක්‍රියාමාර්ග නොගෙන ඔහුට පක්ෂපාතීව කටයුතු කරන ලදී.මෙම ජාවාරම්වල නිරතව සිටින පුද්ගලයින්ට විරුද්ධව කිසිවෙකු හෝ පෞද්ගලිකව නීතිමය ක්‍රියාමාර්ගවල යෙදුණහොත් ඔවුන්ට විරුද්ධව අසත්‍ය ලෙස නඩු පවරා සිරගත කරන බවට තර්ජනය කර බියගන්වා තිබේ.
මොහුට අනුබල දෙමින් තම ආඩම්බර ජීවිතයට අවශ්‍ය මුදල් උපයාගැනීමේ අරමුණින් සිලාවත්ත සුවාමිත්තෝට්ටම්හි කතෝලික දේවස්ථානයේ පූජකවරයා යාපනයේ සිටින සරණාගත දරුවන් වෙනුවෙන් සිදු කරන ඉදි කිරීමකට අවශ්‍ය වැලි ලෝඩ් 05ක්,06ක් සඳහා බලපත්‍ර ලබා ගෙන එම බලපත්‍රය මගින් වැලි ලෝඩ් 400ක් හෝ 500ක් ගොඩදමා කුන්ජප්පන් හට විකුණා මුදල් උපයාගන්නා ලදී.තවද මොහු තල් ගසක් හෝ ගස් 02ක් කැපීමට අනුමැතිය ලබා ගෙන ගස් 15ක් 20ක් පමණ කපා එය ද කුන්ජප්පන්ට විකුණා මුදල් උපයයි.මොහු වැලිවරුවේ ඉතා මිල අධික මත්පැන් වර්ග පානය කොට සුවාමි තෝට්ටම්හි සේවයට පැමිණෙන කාන්තාවන් සමඟ අනියම් සම්බන්ධතා ද පවත්වන බව මුලතිවු වැසියන් හොඳින් දන්නා කරුණකි.
සෝලන්
මොහුගේ පියා බොහෝ වත්කම්වලට හිමිකම් ඇති අයෙකු වුව ද මොහු මුදල් ඉපයීමේ අරමුණින් මීට පෙර වැලි ජාවාරමේ නිරතව සිටියේය. මොහු වැලි ජාවාරම්කරුවෙකු බව ප්‍රසිද්ධියට පත්වූ පසු වැලි ජාවාරම අතහැර දමා වැලි ගෙන පිට ප්‍රදේශවලට සතියට ගල් 5000 සිට 10000 දක්වා අපනයනය කරයි.මොහු වැලි කපන ස්ථානයට ඉදිරියෙන් ඇති විශාල වැලි කන්ද මොහුට අයිති අතර එය කෝටි ගණනකට විකිණීමේ උත්සාහයක නිරත වෙමින් සිටියි.ඊට බොහෝ විරෝධතා එල්ල වන බව දන්නා නිසා ගැමි ජනයාට උදව් කරන්නාක් සේ රඟපාමින් සිටියි.
වේන්දන්
මොහු සිලාවත්ත සිව් වන සැතපුම ප්‍රදේශයේ වාසය කරයි.මොහු වැව් බැම්ම අසළ ඉඩම් මිලදී ගෙන එය වටා පොල් අතුවලින් ආවරණය කොට (අඩි 10ක් පමණ උසට) මතස්‍යයින් ඇති කරන බව පවසමින් වැලි කැපීම සිදු කරයි.එනම් නීති විරෝධී වැලි ජාවාරම්හි නිරතව සිටියි.
මෙහි සඳහන් කර ඇති සියලුම කරුණු මුලතිව් ප්‍රදේශවාසීන් සියලු දෙනාම දන්නා කරුණු වන අතර ඒ පිළිබඳව ඔබතුමාට සියලු ප්‍රදේශවාසීන්ගෙන් විමසා දැනගත හැකිය.එබැවින් ඉහත කරුණු පිළිබඳව විමර්ශනය කර ඊට නිසි ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
විශේෂ ලියුම් කරුවෙකි