සංජීවනී රූපසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්වරියක්. ඇය පසුගිය දා ඉන්දියාවේ අධ්‍යයන චාරිකාවක නිරත වුණා. ඇගේ අත්දැකීම් බෙදා හදා ගන්න අද අපි ඇය හමුවුණා.
ඔබගේ ඉන්දීය සංචාරය කුමක් අරමුණු කර ගත් එකක්ද?
මගේ විෂය දර්ශනය. මේක ජෛන දර්ශනය අරමුණු කර ගත් එකක්. මේකට සම්පූර්ණ වියදම් දැරුවේ ඉන්දියාවේ ශ‍්‍රවණබෙගොලා කියන ජෛන පර්යේෂණ මධ්‍යස්ථානය සහ හුම්චා කියන ජෛන මධ්‍යස්ථානය. ඒ මධ්‍යස්ථානවල ප‍්‍රධාන ස්වාමිජීලා තමා අරමුදල් සැපයුවේ.
එහෙ තවමත් නිරුවත් ජෛන භික්ෂූන් ඉන්නවද?
ඔව්. මා ඒ අයව මුණ ගැසුණා. ඒ අය ඉතාමත් අහිංසක පිරිසක්. තමා සතුව කිසිවක් නැහැ ඔවුන්ට. ඇඳුම පවා අත්හැරලා ඉන්නේ. පංසල්වල අයිතිය ඔවුන්ට නැහැ. කෑම බීම කන්න පි`ගානක් කොප්පයක් පවා නැහැ. දායකයින් අතට දෙන දෙයක් ඔවුන් කටට හලා ගන්නවා. කෑම පිළිබඳව ඇති ඇල්ම එයින් නැති වෙනවා. කිසිවකට ඇලීමක් නැහැ.
ගැහැණියක් ලෙස නිරුවත් පිරිමි ඉදිරියට යන්න ඔබට චකිතයක් ඇති වුණේ නිද්ද?
යන්න කලින් එහෙම චකිතයක් තිබුණා. මං අහලා තිබ්බා ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය ශරීරය තුළ සැඟවිලා තියෙන්නේ කියලා. ඒක දිහා බැලෙයි කියලා මං බය වුණා. ඒත් එහෙම ශරීරය තුළ ලිංගේන්ද්‍රිය සැගවිලා තියනවා කියන එක සත්‍යයක් නෙමෙයි. එය පැහැදිලිව දකින්න තිබුණා. එහෙත් සුන්දරම ගැහැණු ළමයි ඉදිරියේ පවා ඔවුන්ට ලිංගික හැඟීම් ඇති වන්නේ නැහැ.
ඒත් ඔවුන් මුණ ගැහෙන්න මට බයක් තිබුණේ නැහැ. මම ගියේ ඉතාමත් විධිමත් ආකාරයට මට ලැබුණු ආරාධනයක් මත. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශ්වවිද්‍යාලයෙන් අවසර අරගෙන. ඒ නිසා මට හානියක් වෙයි කියන බයක් මට තිබුණේ නැහැ. එයාලා මං පිළිබදව ලංකාවට මගේ විශ්වවිද්‍යාලයට වග කියන්න බැ
දී සිටියා. ඒ අය දැක්ක ගමන් මට කලින් තිබූ චකිතය පහව ගියා. මම විතරක් නෙමෙයි තවත් ගැහැණු ගොඩාක් එහි හිටියා. අනික ලිංගිකත්වය ඇත්තේ ශරීරයේ නොව ඉරියව්වේ. අපි මහපාරක පුරුෂ ලිංගයක් එළියේ දාගෙන ඉන්න මිනිහෙක් දැක්කොත් පණ බයේ දුවනවා. ඒ මිනිහා තව මොහොතකින් අපිව රේප් කරන බව අපි දන්න නිසා. මෙයාලා අතින් එහෙම නොවෙන නිසා බයක් දැනෙන්නේ නැහැ. ලිංගික අවයව දැක්කා කියලා ලිංගික හැගීම් ඇති වෙන්නේත් නැහැ. පිරිමින්ට ගැහැණියක් නිරුවතින් දැක්කොත් එහෙම හැඟීම් ඇති වනවා ඇති. ඒත් ගැහැණුන්ට එහෙම හැ
ගීම් ඇති වනවා යැයි මම හිතන්නේ නැහැ. ශාරුක් ඛාන් ඔතන නිරුවතින් හිටියත් මට නම් එහෙම හිතෙන්නේ නැහැ. මට පෞද්ගලිකව ලිංගිකත්වය ඇතිවන්නේ ආදරය සම`ග.
ඔවුන් යම්කිසි මානසික රෝගයකින් පෙළෙන උමතු පිරිසක් ද?
නැහැ. මං එහෙම හිතන්නේ නැහැ. හරිම ප‍්‍රකෘති සිහියෙන් ඔවුන් ඉන්නේ. භාවනා කරන පොත් පත් කියවන පුද පූජා කරන අධ්‍යාත්මික ජීවිතයක් ඔවුන් ගෙවන්නේ.
විශේෂ නුවණක් ඔවුන් සතුයි කියලා ඔබ හිතනවාද?
එහෙම දෙයක් මට දැනුණේ නැහැ. මං ඒ අයගෙන් ඇහුවා ඔබට යම්කිසි පෙර ආත්ම දැකීමේ වගේ නුවණක් තියනවාද කියලා. ඒ අය කිව්වා ඒවා හිත දියුණු කළාම ඒවා ෆිල්ම් එකක් බලනවා වගේ පේනවා කියලා. ඒත් ඒ අයට ඒවා පේනවාද නැද්ද කියලා මට කිව්වේ නැහැ.
ඒ අයගේ ඔබ දුටු විශේෂ පුද පූජා මොනවාද?
එයාලා රාවණ වදිනවා දැකලා මං පුදුම වුණා. එයාලා විශ්වාස කරනවා රාවණ එයාලාගේ ඊළඟ තීර්තංකරවරයා කියලා. ඒ කියන්නේ අපේ ඊළඟ බුදුවරයා වගේ එකක්. එයාලාගේත් තීර්තංකැවරු විසිහතරක් ඉන්නවා. අපේ බුදුවරු විසි අටක් වගේ. අවසාන තීර්තංකරවරයා ජෛන මහාවීර හෙවත් නිගණ්ඨනාථපුත්ත. එයාලාගේ පංසල්වල ඊට පෙර තීර්තංකරවරයන්ට පිළිම තියනවා. වඳීනවා. පාර්ශවනාථ, නේමිනාථ, ආදිනාථ ආදී වශයෙන්. ඒ තීර්තංකරවරුන්ගේ පිළිම බුදු පිළීමවලට හුඟක් සමානයි. ඒවායේ හිටි පිළිම නිරුවතින් ඉන්න නිසායි වෙනස් වන්නේ. දෙව
ගනන්ට වෙන් වූ පංසල් තියනවා. පද්මාවතීට වෙන් වූ පංසලක් හුම්චාවල තියෙන්නේ.
ස්ත‍්‍රිය පිළිබඳ ඔබේ අධ්‍යයන සිදු වන නිසා ස්ත‍්‍රිය පිළිබ`ද වඩා හොඳ ආකල්පයක් ජෛනයන් තුළ තියනවා කියලා ඔබ හිතනවාද?
දෙවඟනන්ට පංසල් තිබ්බා කියලා එහෙම ස්ත‍්‍රීන් කෙරෙහි වඩා හොඳ තත්වයක් තියනවා කියලා මං හිතන්නේ නැහැ. දහනම වන තීර්තංකරවරයා ගැහැණියක් බවත් ඇය මල්ලීනාථ බවත් මා මෙහි යන්නට පෙර අසා තිබුණා. මං එය ලියා තැබූ දෙයක්. ඒත් ඒ පිළිබඳව මම ඔවුන්ගෙන් විමසූ විට ඔවුන් කිව්වේ කිසිම තීර්තංකරවරයෙක් ස්ත‍්‍රියක් ලෙස නැති බවයි. ඒ නිසා පරම විමුක්තිය ස්ත‍්‍රීන්ට එහි හිමිව නැති බවයි මගේ අදහස. මෙය දිගම්බර නිකායේ අදහස. ශ්වේතම්බර නිකාය මීට වෙනස් වන්නට පුලූවන්. ඒත් ඔවුන් ස්ත‍්‍රීන්ට හරියට ගරු කරනවා. එය මුලූ ඉන්දීය සංචාරය පුරාම මං දැකපු දෙයක්.
ඔවුන් අතරින් කිසිවෙක් ඒ ජීවිතය හැර ගිහි ජීවිතයට යනවාද? අපේ හාමුදුරුවරු වගේ.
නැහැ. එසේ යන්නේ නැහැලූ. සිවුරු හරිනවා කියලා එකක් නැහැ. ඔවුන්ට සිවුරක්වත් නැහැ. එක් මුනිවරයෙක්ගෙන් මං ඇහුවා අම්මා බලන්න යන්නේ නැද්ද කියලා. එයා කිව්වා අම්මා එක්ක තියන බන්ධනය හැරදාලා මං ආවේ. ගිය සතියේ අම්මා මිය ගියා. මං බලන්න ගියේ නැහැ. මිනියක් බලලා තේරුමක් නැහැ. මං සියල්ල අතහැරලා ආවේ. එයාගේ ආත්මය විශ්වය සම`ග එක් වුණා කියලා. එයාට ඒ ගැන හොඳ හෝ දුක් සහගත හැගීමක් තිබ්බේ නැහැ. ඔහේ නිකම් කිව්වේ. අම්මා කියන වචනය ඇහීමත් එක්ක ආදරයක් ඒ ඇස්වලින් පෙනෙයිද කියලා බලන්න මං අම්මා මතක් කළේ. ඒත් එවැන්නක් නැහැ. ඔවුන් තුළින් සතුට හෝ දුක ප‍්‍රකට වෙන්නේ නැහැ.
ඔවුන් දුෂ්කර ව‍්‍රත අනුගමනය කරනවා කියලා අපි අහලා තියනවා
ජෛනයන්ගේ නිකායන් දෙකක් තියනවා. එකක් දිගම්බර. එයාලා ඇඳුම් අදින්නේ නැහැ. අනික් කට්ටිය ශ්වේතම්බර. එයාලා සුදු වස්ත‍්‍ර අදිනවා. මෙයාලා කිසිම ව‍්‍රතයක් සමාදන් වෙන්නේ නැහැ. මම ශ්වේතම්බරයන් බැහැ දැකීමට ගියේ නැහැ. එයාලා බල්ලෝ වගේ එළුවෝ වගේ ගොන්නු වගේ ව‍්‍රත සමාදන් වෙනවලූ. මං ඒක දැක්කේ නැහැ.
මොවුන් අවිහිංසාවාදී පිරිසක් කියලා කියන එක ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඔවුන් අතිශයින් අවිංසාවාදීයි. ඉන්දියාවේ එක් අනන්‍යතාවයක් තමයි ජෛන කියන්නේ. මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදයට පවා බලපෑවේ ජෛන දර්ශනය. ඔවුන් මස් මාංශයෙන් තොරයි. පොළොව යට වැවෙන ශාක කොටස් පවා කන්නේ නැහැ. පය තියද්දී සත්තු පෑගෙයි කියලා මොනර පිහාටුවෙන් සෑදු කොස්සක් වැනි එකකින් ඔවුන් පොළොව පිහි දමනවා හෙමිහිට.
ඔබ දුටු විශේෂ ස්ථාන මොනවද මේ ගමන අතරතුර?
හැම එකක්ම මට විශේෂයි. ශ‍්‍රවණබෙලගොලාවල ඇති බාහුබලි පිළිමය තනි සුදු ග‍්‍රැනියිට් පාෂාණයෙන් නිමවූවක්. එය ලොව විශාලම පිළිමයයි. එය නැරඹීම සුවිශේෂ වූවක්. එය පළමු තීර්තංකරවරයාගේ බාල පුතා වූ බාහුබලිගේ රූපයක්. එය පිහිටා තිබෙන්නේ විද්‍යගිරි කියන කඳු මුදුනේ. ඒකට හරියටම ඉදිරියෙන් තියෙන්නේ චන්ද්‍රගිරි කන්ද. එතන ගලින් නිමවූ පංසල් දාහතරක් තියනවා. අශෝක අධිරාජ්‍යයාගේ සීයා වන චන්ද්‍රගුප්ත මෞර්යන් ජෛන සම්ප‍්‍රදායට අනුව සෙලෙඛ වෘත සමාදන් වීමෙන් ජීවිතය අවසන් කර ඇත්තේ එම චන්ද්‍රගිරි කඳු මුදුනේ ඇති ජෛන ආරාමයක කියලායි ජනප‍්‍රවාදයේ එන්නේ. හලේබිඳු කියන ප‍්‍රදේශයේ තිබුණ ජෛන පංසල් සහ හින්දු කෝවිල් මානව නිර්මාණ කියලා විශ්වාස කරන්න බැරි තරම් සුවිශේෂ වූ ඒවා. ඒවා මිනිසුන් පනස් දාහක් වසර පන්සීයක් විතර මහන්සි වෙලා හදන්න ඕන ඒවා. ඒ තරම් ඒ ගල් කැටයම් සියුම්. තාමත් ඒ ආකාරයේ ග‍්‍රැනයිට් කැටයම් ඔවුන් කරමින් ඉන්න එකයි එහි විශේෂත්වය. තාමත් ඒ පැරණි ක‍්‍රමයටම ඔවුන් පංසල් හදනවා.
ඔබට ඔවුන් එහිදී සැලකුවේ කොහොමද?
ඉතා විශිෂ්ට අන්දමින් සැලකුවා. ඉතා හොඳ මිළ අධික ආපන ශාලාවලින් කෑම බීම දුන්නේ. නවාතැන් දුන්නේ තරු පංතියේ හෝටල්වල. ගමන් යාමට සුඛෝපභෝගී වාහන සැපවූවා. ඇත්තටම මං මතක් කරන්න ඕන කර්ණාටක ප‍්‍රාන්තයේ ප‍්‍රධාන දිනපතා පුවත්පත වන ජනමිත‍්‍ර පුවත්පතේ ප‍්‍රධාන කතුවරයා වන මදන් ගෞඩා මහතා තමයි මේ ගමනේ සම්බන්ධීකාරකවරයා වූයේ. ඔහු ඉතා සැලකිල්ලෙන් හැම දේම සොයා බලා ඉටුකළා. විශාල පිළිපගැනීමක් ලබා දුන්නා. පුවත් පත් දෙකක මගේ ගමන පිළිබඳ විස්තර වාර්තා කර තිබුණා. යන යන හැම තැනම පිළිගැනීම් සංවිධානය කර තිබුණා.
එහේ පංසල් අපේ පංසල් වගේ කියලා ඔබට මොහොතකටවත් හිතුණේ නැද්ද?
හිතුණා. ආගමේ එක් අවස්ථාවක හැමෝම එකයි. ඒකයි ආගමේ ස්වභාවය. හුම්චා ජෛන පංසලේ දිනකට දහස් ගානකට කන්න බොන්න නොමිලේ දෙනවා. විශාල පිරිසක් එහි ඉවුම් පිහුම් වැඩවල නිරත වෙනවා. ඒක විශාල දෙයක්. ඒත් එයාලාත් අපි වගේ පෙරහැර කරන අලි ඇති කරන පිරිසක්.
ඔබේ අධ්‍යනය කේන්ද්‍ර වන්නේ කුමන ක්ෂේත‍්‍රවලද කියා අවසන් වශයෙන් අපට කියන්න.
ඇත්තටම පෙරදිග දර්ශනයේ ඇති සුවිශේෂ ඉගැන්වීමක් තමයි අනේකාන්තවාදය කියන්නේ. ඒක ජෛන ඉගැන්වීමක්. එය ඥානය ලබා ගැනීමේ ක‍්‍රියාවලියේ ඉතා වැදගත් තැනක තියන්න අපිට පුලූවන්. ඒ පිළිබඳවයි මගේ අධ්‍යනයන් සිදු කෙරෙන්නේ.