මේ ගැන ගින්දර මෙන් ඇවිලෙන සංවාද මතුවන ලකුණු පෙනෙන්න්ට නැත.

පරාක්‍රම කොඩිතුවක්කු කොහේ හෝ තැනක සිතිජයෙන් එහා සිතන කවියකු අපට අවශ්‍ය බව ඔහුගේ ම අත් අකුරින් ලීවේය . ලක්ශාන්ත අතුකෝරල යනු එබඳු කවියකු බව ඔහුගේ ස්වතන්ත්‍ර කාව්‍ය නිර්මාණ මෙන් ම පරිවර්තන කාව්‍ය ද අපට පසක් කර දෙයි . සිංහල කවියේ ගතිසොබා සියුම් ලෙස පසක් කොට ගෙන එහි සිතිජය තෙරපීම අරබයා අවශ්‍ය භාවමය සහ බුද්ධිමය සම්පත් ලක්ශාන්ත සෙමින් සරි කරන ලකුණු ඔහුගේ කාව්‍ය චාරිකාව දෙස බලන විට දිස්වෙයි. කාන්තරයේ ඊතණ පඳුර දැක ගැනීමේ තියුණු නෙත් ද , කර්කස බිම කැනීමේ දිරිය ද ,කළුගල යටින් ගලන ජල ප්‍රවාහය ඇසීමේ සියුම් කන් ද ලක්ශාන්ත සතුවෙයි .

ලක්ශාන්තගේ සිපුම් සීරුම් කෙනිත්තුම් නම් කෘතිය ගැන අදහසක් දක්වමින් අශෝක හඳගම ප්‍රකාශ කළේ කමලා දාස්ගේ කවි ගැන එතරම් තියුණු නමක් ඇයටවත් මතකයට නො එනු ඇති බවයි . මායා ඇන්ජිලෝගේ කවි පරිවර්තනයට ලක්ශාන්ත “ගැහැනු හදක් ගැහෙන හඬක්” යනු වෙන් ශීර්ශයක් ද එකතු කර ඇත. ඒ ලක්ශාන්තගේ කවිකමයි .

මේ පරිවර්තන කෘතිය නිකුත්වී ටික දවසක් ගෙවී ඇතත් ඒ ගැන ගින්දර මෙන් ඇවිලෙන සංවාද මතුවන ලකුණු පෙනෙන්න්ට නැත. එෆ්බී සංවාදකරුවන්ගේ හදිසි සංවාද අතර එබඳු උනන්දුවක් ඇති වේ යැයි සිතීම ද අමාරුය . ලක්ශාන්ත යනු දීර්ඝකාලීන ආයෝජකයකු නිසා එබදු ක්ශනික ලාභ අවශ්‍ය ද නැත . මේ පිළිබඳව පසුව යමක් ලියන තුරු මේ පොත කියවන ලෙස ඔබට ඇරයුම් කරමි .

ප්‍රියංකර නිවුන්හැල්ල

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...