රිහානා සහ ග්‍රේටා තන්බර්ග් ඉන්දීය ගොවි අරගලයට සහාය පළකරයි

නව කෘෂිකාර්මික පනත්වලට එරෙහිව මාස දෙකකට ආසන්න කාලයක සිට ඉන්දීය ගොවියන් ගෙනයන අරගලය වෙත ඇමරිකානු පොප් ගායිකා රිහානා සහ පරිසරවේදිනියක වන ග්‍රේටා තන්බර්ග් සිය සහාය පළ කර සිටියි.

ඉන්දීය ගොවි අරගලය පිළිබදව සීඑන්එන් පුවත් සේවය වාර්තා කර තිබු ලිපියක් සමග විශේෂ ට්වීටර් පණිවිඩයක් නිකුත් කර ඇති රිහානා, “අපට මේ හඩ නෑසෙන්නේ ඇයි ?” දැයි ප්‍රශ්න කර සිටියි.

එමෙන්ම ග්‍රේටා තන්බර්ග් ද, සී.එන්.එන් සේවයේ එම වාර්තාව ම උපුටා දක්වමින්, ඉන්දීය ගොවියන්ගේ අරගලය වෙනුවෙන් තමන් පෙනී සිටින බව පවසා තිබේ.

කෙසේවෙතත් මේ හේතුවෙන් මේ දෙදෙනාටම විවිධ විවේචනවලට මුහුණ දීමට සිදුව තිබේ. ඒ අතරින් බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වෙන කන්ගනා රනවුට් රිහානගේ ප්‍රතිචාරය විවේචනය කරමින් පවසන්නේ අරගල කරමින් සිටින්නේ ත්‍රස්තවාදීන් බවයි. කන්ගනා, මෝදී ආණ්ඩුවට ප්‍රභල ලෙස සහයෝගය දක්වන්නියක් ලෙස සැළකේ.

කෙසේවෙතත් ඉන්දීය ගොවි අරගලය මෑතකාලීනව ඉන්දියාවේ ඇතිවූ විශාලතම මහජන අරගලයක් වුවත් බොහෝ බොලිවුඩ් නළු නිළියන් ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු දැකිය හැක.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...