ජනතාවගෙන් එකෙක් වූ මා නිදහස සමරමි

මා යනු
ජනතාවගෙන් එකෙකි
පාලකයාට දොස් පැවරුවෙමි
වරෙක ජනතාවට ද

අංශක තුන්සිය හැටක්
මගේ සිත කය හැරෙව්වෙමි
නමුත් කිසිවක්
හමු නො විණි

මා යනු ජනතාවගෙන් එකෙකි
මා රැවටූවන්ට දොස් පැවරුවෙමි
වැට මායිමට රුවටුනෙමි

අංශක තුන්සිය හැටක්
මගේ සිත කය හැරෙව්වෙමි
මම ය
නමුත් කිසිත් හමු නො විණි

දියර මෙන්
මුසු උණෙමි
ඝණ ද්‍රව වායු උණෙමි
නිදහස හමු නො විණි

අංශක එකසිය අසූවක්
මගේ පිටුපස
දර්පනයක්

අල්තාරයක් ඉදිරිපිට
දෙවියෙක් නැති කෝවිලක
දර්පනය මගේ දෙවියා ය
දෙවියන්ට දොස් පැවරුවෙමි

ඒ මට මය
ජනතාවගෙන් එකෙක් වූ මටම ය
මගේම වෙනස් වීම
බලා සිටියෙමි

නැවත හැරුනෙමි
මා ජනතාවගෙන් එකෙකි
පාලකයාට දොස් නො පවරමි
ඔබ මගේ විශ්වාසය නො වන හෙයිණි

මා නිදහස සමරමි
ලැබුණු හෝ නො ලැබුණු හෝ
පෙන්වා දුන් නිදහසින් නිරෝධව
සුද්දට නො බණිමි
දෙවියන්ට නො අයදිමි

මා යනු
ජනතාවගෙන් එකෙකි
පාලකයන්ට, දෙවියන්ට දොස් නො තියන
ජනතාව සොයමි
නිදහස බෙදාගෙන විඳ ගන්න

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...