රාත්‍රියට විතරක් ඇඳිරි නීතිය පැනවීම මෝඩ උපක්‍රමයක් – වෛද්‍ය ගිෂාන්ත දසනායක

රාත්‍රියට පමණක් ඇඳිරි නීතිය පැනවීම මෝඩ උපක්‍රමයක් බව සමස්ත ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ගිෂාන්ත දසනායක පවසයි. ඔහු පවසන්නේ කොරෝනා යනු නිශාචර වෛරසයක් නොවන බවත් එය ඕනෑම වෙලාවක පැතිරීම සිදුවෙන බවයි. එසේම රාත්‍රී කාලයේ මිනිසුන් ගැවසීම ඉතා අඩු බව වෛද්‍ය ගිෂාන්ත දසනායක පෙන්වා දෙයි. ඔහු පවසන්නේ රාත්‍රී කාලයට විතරක් ඇඳිරි නිතිය දැමීමේ ක්‍රමය කිසිම සෞඛ්‍ය විශේෂඥවරයෙකුගේ උපදෙසක් අනුව ක්‍රියාත්මක වන්නක් නොවිය හැකි බවයි. එය ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කළාම එන දෝෂාරෝපණය වළක්වා ගන්න ගත්ත මෝඩ උපක්‍රමයක් බවද සමස්ත ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ගිෂාන්ත දසනායක වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,
“කොරෝනා අවසන් බවට අපට ඉඟියක් ලැබෙන්නෙ නැහැ. ආණ්ඩුව ධනාත්මක කරණා දෙකක් හුවා දැක්වූවා. එකක් අලුතින් වාර්තාවන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වෙනවා කියන එක. දෙවැනි එක රෝග ලක්ෂණ නැති රෝගීන් කියන එක. නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් රෝගීන් වාර්තා වීමට හේතුව PCR පරීක්ෂණයට ලක් කරන්නේ එම මධ්‍යස්ථානවල සිටින රෝගීන් විතරක් වීම නිසා. මේ වෛරසය සමාජයට ගිහින් නෑ කියන එක විද්‍යාත්මක දත්ත වැරදි ලෙස විග්‍රහ කිරීමක්. ඒ වගේම රෝග ලක්ෂණ නැති රෝගීන් වාර්තා වෙනවා කියන්නේ රෝගය බෝ කරන්නන් සමාජය තුළ ඉන්නවා කියන කාරණය.

රෝගය පාලනය කරා කියලා තක්සේරු කරන්න තව සෑහෙන කාලයක් ගතවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියන විදිහට රෝගය පාලනය කිරීමට තව මාස 06ක කාලයක්වත් යයි. ඇඳිරි නීති සිමා ලිහිල් කළ යුත්තේ ඒ සිමා පැනවීමේ හේතු අවසන් වුනාට පස්සේ. නැතිනම් එම සීමා පනවපු එක වැඩක් නැතුව යනවා. දේශපාලන වුවමනා මත ඇඳිරි නීති උපක්‍රම ලිහිල් කරලා කොරෝනා පැතිරීමේ ඉඩකඩ ඇති ඇති කරමින් ඉන්නවා. ”

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...