ගමනක් යන්න තියෙන කොට පෙරදා රාත්‍රිය හොඳින් නින්ද නොයාම රෝගයක් නොවන බව මට අනුව සත්‍යයි.
ගමනේ නිමිත්ත අනුව ඒ වෙනස් විය හැකි නමුදු, මට නම් නිමිත්ත කොයි ආකාර වුවද, හෙට ගමන යන්න අද ඉදලම ලක ලෑස්ති වුනත්, මහ පාන්දර ඉදලම දෙනෙත සහ මනස යන දෙකම අවදියෙනි.
මවකට දරුවෙකු තරම් දෙයක් තව කොහෙද? අපමණ දුක් වේදනා දරා දෙපයින් හිටගත් ආදරණීය දරුවන් දැකීමෙන්ම ඒ වේදනාවන් ඈතින් ඈතටම පලා යනු ඇත. හදවත බදාගත් ඒ නොනිමි සතුටින් රාත්‍රිය නිදි වර්ජිතවම පහන් වූ බව නම් ඇත්ත ය.
මේ දිනවල මහනුවර යනු නුවරඑළිය ම වේ.
ඝනැති සලුපිලි මේස් සපත්තු නොමැති නම් ශරීරය ගල්වෙන තරමට ම සීතලය.
ඒ සීතලට ඇඳුම් පැළඳුම් සේම, උණුසුම් ආහාර පාන සේම, උණුසුම් සිතිවිලි ද, ජීවිතය උණුසුමට තබා ගැනීමට අවශ්‍ය වේ.
ආහාර පාන, ඇඳුම් පැළඳුම් වැනි භෞතිකමය අවශ්‍යතා මනුෂ්‍යයෙකුගේ මූලිකම අවශ්‍යතා වුවද.. සීතල හදවතක් ඇත්තෙකුට උණුසුම් වචනයක් වුව ජීවිතය උණුසුමට තබා ගැනීමට මාහැඟි ඖෂධයකි.
මේ ගල්වෙන සීතලේ උදේ පාන්දරම අවදිව, මහනුවර සිට කොළඹ බලා දිවෙන දුම්රියෙන් මා පුතු දැක ගැනීමේ අටියෙන් යන අතර මඟ මා මනස තුල දෝලනය වන සිතිවිලි නෝට් පෑඩයේ සටහන් කරමින් යමි.
ඔබ ඉන්නා තැනින් අඩියක් හෝ ඔසවා තබන අය වටේට තියාගන්න වගේ තේරුමක් තියෙන පෝස්ටුවක් දැක්ක. ඒ වුණාට ඒක එහෙමම ද?
මං දන්න එක මවක්, ආදරණීය මවක් ඉන්නවා. ඇගේ එකම පුතු විදේශ ගත වෙලා. රටින් පිටව යනතුරු ඒ මවගේ ආදරණීය උණුසුමේ ආදරය විඳ, අද වන විට දුරකථන ඇමතුමක් තියා, එක වචන මාත්‍රයක කෙටි පණිවිඩයක් පවා නොමැතිව ඈ අතිශය දුකින්, නිතර කඳුලු සලමින් ජීවත් වේ.
මා සමග ඈ කියූ එක වචන පේලියක් මගේ හදවතේ ගැඹුරේම තැන්පත්ව, අද ද මතක් වන මොහොතක් පාසා කිව නොහැකි රිදුමක් හදවතට දැනවේ.
” අනේ… රැවටීමක් වුනත් කමක් නෑ. ආදරේ නැතුවත් කමක් නෑ. මට බොරුවට හරි ආදරෙන් කතා කලා නම් ඒත් ඇති. ඒකට කමක් නෑ. මං ඒ රැවටීමට කැමතියි. මං මැරෙනකම්ම රැවටිලා ඉන්න කැමතී”
අපිව ඉහලට ඔසවා තැබීම කෙසේ වෙතත්, මවක් දරුවෙකුට දුන්න ආදරේ කවරදාවත් ම ආපසු ගන්නේ නැත. මොන විදියකට දරුවා හැසිරුනත්, ඒ මව් ලයේ පැලපදියම් වුන සෙනෙහස කිසිදා මැරෙන්නේ නැත..
ඒ මව් සෙනෙහසයි,..
මේ.. ස්ත්‍රි පුරුෂ ප්‍රේමය.
ආදරවන්තයා, ආදරවන්තිය විය හැකිය,..
ස්වාමියා, බිරිඳ අතර විය හැකිය.
කවුරු කෙසේ කීවද,
කෙසේ ඔවදන් දුන්නද,..
ප්‍රේම කල වුන්,
කිසිදු අවස්ථාවක එකිනෙකා හැර නොයන්නෝමය.
ආසියාතික රටවල අපේ මනස සකස්වී ඇති ආකාරය ඉතාම ප්‍රාථමික ලෙස විග්‍රහ විය හැකිය.
මගේ අදහසට සපුරා වෙනස් අදහස් පල විය හැකිය.
ඒත් මනුෂ්‍ය හදවතක් ආදරයෙන්, සෙනෙහසින්, කරුණාවෙන්, අවධානයෙන් පිරුණ කල ඊට වඩා සුන්දර තැනක් මේ ලොව නොමැත්තේමය.
රේල් පීලි ශබ්දය මැදින් කොලොම් තොට ට ගොඩ බසින විටත්, මහනුවර තිබූ, අඳුරු, වැහිබර කාලගුණය එලෙසම ය. කබායක් ගත දවටා සිටි බැවින් ශීතල ඈතට විසි වී ගොස්ය.
ඒ අතරේ හදවත උණුසුම් කරන කාරුණික පිලිගැනීමක් ලද මගේ හිතට හිතුනේම…
මානව දයාව සුන්දරයි.
මනුෂ්‍යත්වය ප්‍රේමණීයයි!