Breaking News

පැතිර යන ජන අරගල හමුවේ ආණ්ඩුව පැලැස්තර විසඳුම් ලබාදෙමින් ජනතාව රැවටීමට උත්සාහ කරනු පෙනේ.

එහි එක් පියවරක් ලෙස නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්‍රිත්, නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධනත්, නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.ඇල්.පීරිස්ත්, නව මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර තිබෙනවා.

මුදල් අමාත්‍ය ධූරය හැර අනෙකුත් සියලුම අමාත්‍ය ධූර මීට පෙර පැවති අමාත්‍ය ධූරම වීම විශේෂත්වයක්.

මේ ප්‍රෝඩාවන්ට නොරැවටී ජනතා ජයග්‍රහණ දිනා ගැනීම වෙනුවෙන් ජනතාව තවමත් අරගලවල නිරත වෙමින් සිටිනු දැකිය හැක.

leave a reply