අමු අමුවේ මහ දවල් පොලිස් පැහැර ගැනීමක්

මලික අබේකෝන්! මැක්කා… ඔව් ඌ රස්තියාදුකාරයෙක් වගේ තමයි. කොණ්ඩෙ හැඩපලු ගොතාගෙන තමයි. ඇගේ පච්චත් කොටල තමයි. රැවුලත් දිගයි තමයි. ඒ තමයි ඌ! ඉතිං පොලිසියට ……කද?

ජනවාරි 12 මාව උස්සං ගියේ කුරුඳුවත්ත පොලීසියෙන්. 2019 A/L කරපු උන් එක්ක අප්පොච්චගෙ ගෙදර ලගදි. එදත් මැක්කා කැමරාවත් අරගෙන ඇවිල්ල හිටියා. පොලිස් ගහලයෝ ඇදගෙන යන්න හදද්දි කැමරාව පැත්තක දාලා ඌ අපිව බේරගන්න හැදුවා. පොලිසියේදි කූඩුවෙන් පිටත කතා බහ මගේ කනටත් ඇහුණා. එක වෙලාවක උන් කතා කරේ මැක්ක ගැන.

“කවුද සාම් මහත්තයා අර කොණ්ඩෙ වවාගෙන හිපියෙක් වගේ හිටපු එකා? ඌ මීඩයා කාරයෙක්ද, අරුන්ගෙ එකෙක්ද? ලොක්කට මල පැනල හිටියෙ ඌත් එක්ක. පොරට ඔය වගේ උන් නිකං දැක්කත් කේන්ති යනවනෙ. කොණ්ඩෙ වවාගෙන, රැවුල වවාගෙන, පච්ච කොටාගෙන පිස්සෙක් වගේ. ඇදගෙන එන්න හැදුවෙ. හැබැයි ඕක අල්ලගත්තනං හොඳ සබ්බුවක් දෙන්න තිබ්බා! ”

ඔන්න උන් අද ඒ හිපියව අල්ලගෙන. ඌට අර කියපු සබ්බුව දීලා. මේක අත්තඩංගුවට ගැනීමක් නෙමෙයි. අමු අමුවේ මහ දවල් පැහැර ගැනීමක්. පොලිසියේ උන්ගෙ ඇරියස් කවර් කරගන්න. ඌ ගියේ ෆොටෝ ගහන්න. මොකක්ද හේතුව හිරේ දාන්න? පොලීසියට ගෙනිහින් ගහන්න? මොකක්ද එහෙම කරන්න පොලීසියට තියෙන අයිතිය? ඕ.අයි.සීට කොණ්ඩෙ වවපු උන් පේන්න බැරි නම් ඒක උගේ අවුලක්. ඒ කියලා උන් අරගෙන ගිහින් කූඩුවේ දාගෙන ගහන්න මොකාද අයිතිය දුන්නේ? ඕ.අයි.සී හරවරං දෙයියොද?


Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...