ඉල්ලීම් 5ක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනයක

Date:

වසංගතය හමුවේ පොදුවේ සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙන විශේෂ ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා සහ දින 180 සම්පූර්ණ කරන ලද කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ස්ථිර නොකිරීමට එරෙහිව සෞඛ්‍ය සේවකයන් අද දිනයේ වර්ජනයක නිරත වී තිබේ.

සෞඛ්‍ය සේවකයන්ගේ මූලික ඉල්ලීම් වන්නේ දින 180 සම්පූර්ණ කල සියලු අනියම් , ආදේශක සෞඛ්‍ය සේවකයින් වහා ස්ථිර කිරීම, සියලු සෞඛ්‍ය සේවකයන්ට කෝවිඩ් විශේෂ අවදානම් දීමනාවක් ලබාදීම, සතියේ වැඩ කරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබාදීම, සේවක හිඟය වහා පියවීම, ප්‍රවාහන , එන්නත්කරණ, ආරක්ෂිත උපකරණ ගැටලු වහා විසඳීම යන ඒවායි.

එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසුවේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ජාතික රෝහල අසළ ආරම්භ කළ සත්‍යග්‍රහයට දින 3ක් ගතව ඇතත් එම ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය අවම මැදිහත්වීමක් හෝ සිදු නොකළ බවයි. ඒ අනුව අද දවසේ පැය 4ක් සේවයෙන් බැහැරවීමට තීරණය කළ බව එම හිමියන් පවසයි . වසංගතය තුළ ප්‍රමුඛතම කාර්ය බාරය ඉටුකරන පිරිස වන සෞඛ්‍ය සේවකයන් සමහරක් වසර ගණනාවක් පුරා ස්ථිර කර නැති තත්ත්වයක් තුළ ඔවුන්ගේ ජීවිතවලට යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම කිසිවකු බරනොගන්නා බවත් නිරෝධායන වන අවස්ථාවලදී එම කාල සීමාව සඳහා වැටුප් ලබා නොදීමක් සිදුවන බවද ලේකම් හිමියන් වැඩිදුරටත් පවසා තිබේ.

අද පැවැත්වුණු වර්ජනයාට සාපේක්ෂව ගැටළුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයන් විසින් විසින් රෝහල් කිහිපයක් ඉදිරිපිටදී විරෝධතාද පවත්වා තිබේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...