Breaking News

දීපාවලි උත්සවයට තහංචි දමා නිරෝධායන නීති කඩා අයියා මලෝ පිං අනුමෝදන් කරති

ලොව පුරා වෙසෙන හින්දු ජනතාවගේ සංස්කෘතික උත්සවයක් වන දීපාවලි උත්සව දිනය අදයි.  ලොව වෙසෙන බොහෝ හින්දු ජනතාව අද මෙම උත්සවය සමරනු ලැබුවේ තම තමන්ගේ නිවෙස් වලට කොටු වෙලා.  ලංකාවේ ජීවත් වෙන  හින්දු ජනතාවත් තමන්ගේ මෙම උත්සවය අද සමරනු ලැබුවේ හුදෙකලාව නිවෙස් වල.  පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් උත්සව අවස්ථාවේ දී කැපකිරීමක් කරමින් මෙම සංස්කෘතික උත්සවය වෙනදා විදිහට පවත්වන්නේ නැතිව   මන්ගේ ගෙවල් වලට පමණක් සීමා කරමින් සමරන්නට යැයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දීලා තිබුණා. ඉතින් මේ පවතින මොහොත ද සැලකිල්ලට ගනිමින් ජනතාව ඊට අවනතව  දීපාවලි උත්සවය මේ ආකාරයෙන් සමරනු ලැබුවා.

 රජයේ මැදිහත් වීමෙන් රටපුරා ඒකරාශී වීම සීමා කර තිබෙන මොහොතක ලංකාවේ සියලුම ප්‍රදේශයන් වලින් කොරෝනා රෝගීන් හමු වී තිබෙන මොහොතක ඉන් ආරක්ෂා වීමට සහ මේ කොරෝනා වසංගතය පාලනය කිරීමට හොදම ක්‍රමය හුදකලා වීම බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව  සාමූහික රැස්වීම්, සංස්කෘතික උළෙලවල්,  වළක්වා තිබෙනවා.

තත්ත්වය මෙසේ පවතින අතර  කොරෝනා වසංගතයේ දෙවැනි පැතිරීමට ජනතාව වගකිව යුතුයි කියන රටේ නායකයා  අද දිනයේ දී  තමන් ජනාධිපති වීමේ වර්ෂ පූර්ණය සහ  අගමැති අයියාගේ උපන්දිනය පන්සිය නමක් මහා

සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ජායනාවක් ඓතිහාසික මිරිසවැටිය පූද බිමේ සලපතල මළුවේදී අද (14) පස්වරුවේ  පවත්වා තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවේ සඳහන්ව ඇති ආකාරයට “රටවැසි සහ ලෝවැසි ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් අත්මිදීම සඳහා ආශිර්වාද කිරීම, ජනාධිපතිතුමා ධූරයට පත්ව වසරක් සපිරීම සහ අග්රාමාත්යතුමාගේ ජන්ම දිනය නිමිති කොට සෙත් පැතීමේ පිංකම සංවිධාන කෙරිණ.

සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්යම පළාතේ ප්රධාන සංඝනායක, අටමස්ථානාධිපති අතිපූජ්ය පල්ලේගම සිරි නිවාස නාහිමියන්ගේ උපදෙස් මත, මිරිසවැටිය චෛත්යාරාමාධිකාරී පූජ්ය ඊතලවැටුණු වැවේ ඥාණතිලක හිමියන්ගේ මෙහෙයවීමෙන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වුණ පිංකමට දිවයිනේ නන්දෙසින් වැඩම කළ පන්සිය නමක් මහා සංඝරත්නය සහභාගී වූහ.” 500 නමක් හාමුදුරුවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.
රටට ජනතාවට වගකියන නායකයෙක් නම් මෙය කළ යුත්තක් නොවේ.

leave a reply