ඉතාලියේ බේර්ගමෝ-ඔරියෝ අල් සේරියෝ ගුවන් තොටුපළේදී ගුවන්ගත වීමට සූදානම් වෙමින් තිබූ Airbus A319 – Volotea ගුවන් යානා එන්ජිමට පැන පුද්ගලයෙකු ජීවිතය හානිකරගෙන තිබේ. මේ බිහිසුණු සිදුවීම සිදුවන්නේ ජූලි මාසයේ 8 දා දහවල් දහයට පමණය. වයස අවුරුදු තිහක පමණ තරුණයකු වන මෙම තැනැත්තා ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිටත තම මෝටර් රථය දමා ඇවිත් බාහිර පුද්ගලයින්ට ඇතුළුවීමට තහනම් ප්‍රදේශයකින් ගුවන් පර්යන්තයට ඇතුල් වී තිබේ. එහි සිටි ආරක්ෂකයන් ඔහුව පරීක්ෂාවට ලක් කරන්නට සූදානම් වන විට ඔවුන්ගෙන් මිදී දිව ගොස් Airbus A319 ගුවන් යානයේ ක්‍රියාත්මක වන එන්ජිමට පැන තිබේ.
පුද්ගලයෙකු ගුවන් යානා එන්ජිමට පැන සියදිවි නසා ගනියි .
Article Published: July 12, 2025
Leave a comment
Posted in: