Breaking News

කොරෝනාවේන්  මිනිස්සු ආරක්ෂා කරන්න දූෂණය වෙන පරිසරය

කොරෝනා වසංගතයේ ප්‍රථම අවධියේ දී ලෝකය lockdown වන විට අපි උදම් ඇනුවා  ස්වභාදහම  නැවත සැකසෙමින් තිබෙනවා කියලා.  කොරෝනා  වසංගතය  මිනිස්සුන්ව ආරක්ෂිත පියවරයන් වෙත යොමු කරනු ලැබුවා. එහිදී අපි අත්වැසුම් මුහුණු ආවරණ සහ තව බොහෝ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුරුදු වුණා.  මාස තුනක් විතර ලෝකය lockdown වෙලා තිබීමෙන් අනතුරුව  අලුත් වුණු අප අවට පරිසරය  මිනිස්සු එළියට බැහැලා සතියක් ගත වෙද්දී නැවතත් පරණ තිබුණු තැනටම ඇදවැටුණා.  වායු දුෂණය වැඩි වුණා. දීනපතා අප විසි කරන අපද්‍රව්‍ය ගොඩට  අලුතෙන් මුහුණු ආවරණ අත්වැසුම් වැනි දේ පමණක් නෙවෙයි අලුතින්  කොරෝනා වෛරසයෙන්   බේරෙන්නට අප පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය සුළු වශයෙන් හෝ පරිසරයට එක් වෙන්න පටන් ගත්තා.

 දැන් අපි අලුත් ප්‍රශ්නෙකට මුහුණ දීලා තියෙනවා  මුළු ලෝකයම මුහුණු ආවරණ පාවිච්චි කරනවා.  ටික කලක් මේ පිළිබඳව සැලකිලිමත් වෙච්ච මිනිස්සු මේ මුහුණු ආවරණ පැළදීම  සහ අත්වැසුම් දැමීම පුරුද්දක් හැටියට වසරක් විතර පවත්වාගෙන යන විට   ඒවා තමන් සැරිසරන තැන් වල අතහැර දමා යන්නට පුරුදු වෙනවා.  කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්නට ගන්න ක්‍රියාමාර්ග වලින් පරිසරය විනාශ කරන්න දූෂණය කරන්න පටන් අරන්.

මසකට මුහුණු ආවරණ  මිලියන 129 කට වැඩිය ප්‍රමාණයක්  ලෝකෙ පාවිච්චි කරනවා . 2020 වසර සඳහා  ඇස්තමේන්තුව  මුහුණු ආවරණ  ටොන් 440,000යි, අත්වැසුම් ටොන් 160,000 යි. මේ සියල්ලම  දීනපතා අපද්‍රව්‍ය ලෙස බැහැර වන දේවල්ය.

 අද පරිසර දූෂණයේ ප්‍රමුඛයා බවට පත්වෙයි තිබෙන්නේ මුහුණු ආවරණ සහ අත්වැසුම් ඇතුළු කොරෝනා වෛරසයෙන් බේරෙන්න ට මිනිසුන් පාවිච්චි කරන මෙවලම්.

ජීවිත ආරක්ෂාව පිළිබඳ විශ්වාසය බිඳ වැටුන විට. බිය මත ගනු ලබන ක්‍රියාමාර්ග විකෘතීන් බවට පත්වේ .

නොසැලකිල්ල

leave a reply