කොරෝනා සැකය මත කටුනායක ඇඟලුම් කම්හල් තුනක් වහයි

කොරෝනා ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා ඇත.

එහි සේවකයෝ සිය නේවාසිකාගාරවල රැඳී සිටින බව වාර්තා වේ.

සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් සොයා බලන ස්ටෑන්ඩප් මූවමන්ට් ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශිලා දන්දෙනිය පවසා ඇත්තේ මෙම ආයතනවල සේවකයන්ට නේවාසිකාගාරවලට යන ලෙස දන්වා ඇතත් ඔවුන් විධිමත් සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රියාවලියකට තවමත් යොමු කර නැති බවයි.

මෙම ආයතනවල සේවය කරන සේවකයන් සමග එකට නේවාසිකව සිටින වෙනත් ආයතනවල සේවක පිරිස් අදත් සේවයට වාර්තා කර ඇතැයි ද එය අවදානම් තත්ත්වයක් යැයි ද ඇය පවසයි.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පවසා ඇත්තේ මෙම සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ වගකීම අදාළ ආයතන ගත යුතු නමුත් ඔවුන් වගකීම් විරහිතව ක්‍රියා කරමින් සිටින බවය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...