යළි විදුලි ගාස්තු වැඩිවීමේ අවදානමකට අප මුහුණ දී සිටිනවා. සුගිය අගෝස්තු 27 වන දා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළා. එම යෝජනාවට අනුව මේ වසරේ අවසන් කාත්තුව සඳහා 6.8% වැඩිවීමක් ඉල්ලා සිටිනවා. මහජන උපයෝගීතා කොමිෂන් සභාව මේ යෝජනාව පිළිබඳව සලකා බලන්නට මහජන අදහස් විමසීමක් පසුගිය සැප්තැම්බර් 18 වනදා සිට ඔක්තෝබර් 8 වනදා දක්වා සිදු කළා.
එකතු කරගත් ජනතා සමාලෝචනය කර මහජන උපයෝගීතා කොමිෂන් සභාව 2025 වසරේ ඉදිරි කාර්තුව සඳහා විදුලි බිල වැඩි කරනවාද නැද්ද යන එක තීරණය කිරීමට නියමිතයි .
කෙසේ වෙතත් වසර ආරම්භයේදී ආණ්ඩුව විදුලි ගාස්තු වැඩි කිරීමට උත්සාහ කළද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් විදුලි ගාස්තු 20% කින් අඩු කිරීමට තීරණය කරන ලදී. ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ මෙම ගාස්තු අඩු කිරීම හේතුවෙන් 2025 වසරේ මුල් කාර්තුවේදී රුපියල් බිලියන 18 ක පාඩුවක් සිදු වූ බවයි. මේ පාඩුව පියවීමට ඔවුන් ජූනි මාසයේදී 18.3% ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටි අතර, මහජන උපයෝගිතා කොමිෂන් සභාව එය 15% කට සීමා කරන ලදී. 2025 වසරේ අවසන් කාර්තුව සඳහා තිබෙන විදුලි ගාස්තුව ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවස්ථාව ලබා දුන්නොත් මේ වසර ආරම්භයේ අඩු කළ විදුලි ගාස්තුව ඉක්මවා වසර අවසාන වන විට විදුලි ගාස්තුව වැඩිවීම සිදුවනු ඇති.
https://vivaranews.com/archives/56907