වර්ණභේදවාදයට එරෙහිව සටන් කළ අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ මිය යයි

වර්ණභේදවාදයට එරෙහි අරගලයේ සංකේතයක් වූ සහ පසුව සංහිඳියාවේ ප්‍රවර්ධකයා බවට පත් වූ දකුණු අප්‍රිකානු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ මිය ගිය බව නිවේදනය කරමින්, ජනාධිපති සිරිල් රමෆෝසා, රටේ ඉතිහාසයේ අත්‍යවශ්‍ය චරිතයක් අද අභාවප්‍රාප්ත වීම ගැන “සියලු දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන්, කණගාටුව” ප්‍රකාශ කර තිබේ .

ඩෙස්මන්ඩ් ටුටූ මිය යනවිට 90 හැවිරිදි වියේ පසු විය . ඔහු වර්ගවාදී පාලනයට එරෙහි අවිහිංසාවාදී අරගලයේ සංකේතයක් ලෙස 1984 නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්තේය. වර්ණභේදවාදය අවසන් වීමෙන් පසු, නව දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස නෙල්සන් මැන්ඩෙලා තේරී පත් වූ පසු, ටුටු 1995 දී නිර්මාණය කරන ලද සත්‍යය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ (TRC) සභාපතිත්වය දැරූ අතර, එය දෙපාර්ශවය අතර වේදනාකාරී හා ගැටුම්කාරී ක්‍රියාවලියක් තුළ සාමකාමී මාවතක් නිර්මාණය කරන්නට වෙර දැරිය .

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...