ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නඩු විභාගය ජෙරුසලමේ ආරම්භ වී තිබේ.

පසුගිය මැයි 23 ඊශ්‍රායල් අධිකරනය රටෙි අගමැතිවරයාට එරහෙිව නැගී ඇති චෝදනා විභාගයට ගත්තේය.70 හැවිරිදි නෙතන්යාහු ඊශ්‍රායල් ඉතිහාසයේ නඩු විභාගයකට මුහුණ දුන් පළමු අගමැතිවරයාද ස්ථාවර නායකයාද වේ. අල්ලස්, වංචා සහ විශ්වාසය කඩ කිරීම යන චෝදනා වලට ඔහුට අධිකරණයේදී මුහුණ දීමට සිදුවෙි.

ඔහු මීට සතියකට පෙර සිය අස්ථාවර ආන්ඩුව බිදවැටීමට මත්තෙන් හවුල් පක්ෂවල එක්සත් රජයක ප්‍රධානියා ලෙස දිවුරුම් දුන්නේය.ඔහුගේ දේශපාලන ප්‍රතිවාදියා වන බෙනී ගැන්ට්ස් වසරකට අඩු කාලයකදී අවිනිශ්චිත මැතිවරණ තුනකින් පසුව බලය බෙදා ගැනීමට බෙන්ඡිම්න් හා එකඟ විය.

නෙතන්යාහු ගේ නඩු විභාග කරන අතරතුර ඔහුට ඉල්ලා අස්වන ලෙස විරුද්ධවාදීන් කළ ඉල්ලීම් ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.එමෙන්ම අධිකරණය තුල ඔහු මුහුණු ආවරණයක් පැළඳ සිටි අතර වාර්තාකරුවන් කාමරයෙන් පිටවන තුරු විත්තිකරුවන්ගේ බංකුවේ වාඩිවීම ප්‍රතික්ෂේප කළ බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...