ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම ගැන පෙරටුගාමීන් තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලයි

රජයේ දත්ත අවකාශයේ ගබඩා කර තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් දත්ත මැකී යාම පිළිබඳ වැදගත් තොරතුරු සමාජගත කිරීම උදෙසා එම තොරතුරු ලබා ගැනීමේ අයැදුම්පතක් අද (සැප්තැම්බර් 15) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් භාර දෙන ලදී. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් එම තොරතුරු ඉල්ලුම් කිරීමේ අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ තවත් ක්‍රියාකාරීන් සහභාගී විය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පුබුදු ජයගොඩ පැවසුවේ තොරතුරු දැනගැනීමේ අයදුම්පත හරහා මෙතරම් සංවේදී දත්ත එක තැනක පමණක් ගබඩාකර තිබුනේ ඇයි? මේ දත්ත සම්බන්ධ ආරක්ෂණ විගණනයක් තිබුනද? දත්ත නැවත ලබාගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉල්ලීමක් කර තිබේද? මොරටුව විශ්ව විද්‍යාලය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර තිබේද? ඖෂධ ලියාපදිංචිය, ඖෂධ සමාගම් ලියාපදිංචිය, අසාදු ලේඛණගත කළ ඖෂධ සහ අසාදු ලේඛණගත සමාගම් වැනි වැදගත් තොරතුරු මැකී ගොස් තිබීම සම්බන්ධයෙන් නව සභාපතිවරයාගේ සම්බන්ධයක් තිබේද? යන්න ගැන විමසූ බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...