ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම ගැන පෙරටුගාමීන් තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලයි

රජයේ දත්ත අවකාශයේ ගබඩා කර තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් දත්ත මැකී යාම පිළිබඳ වැදගත් තොරතුරු සමාජගත කිරීම උදෙසා එම තොරතුරු ලබා ගැනීමේ අයැදුම්පතක් අද (සැප්තැම්බර් 15) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් භාර දෙන ලදී. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් එම තොරතුරු ඉල්ලුම් කිරීමේ අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ තවත් ක්‍රියාකාරීන් සහභාගී විය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පුබුදු ජයගොඩ පැවසුවේ තොරතුරු දැනගැනීමේ අයදුම්පත හරහා මෙතරම් සංවේදී දත්ත එක තැනක පමණක් ගබඩාකර තිබුනේ ඇයි? මේ දත්ත සම්බන්ධ ආරක්ෂණ විගණනයක් තිබුනද? දත්ත නැවත ලබාගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉල්ලීමක් කර තිබේද? මොරටුව විශ්ව විද්‍යාලය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර තිබේද? ඖෂධ ලියාපදිංචිය, ඖෂධ සමාගම් ලියාපදිංචිය, අසාදු ලේඛණගත කළ ඖෂධ සහ අසාදු ලේඛණගත සමාගම් වැනි වැදගත් තොරතුරු මැකී ගොස් තිබීම සම්බන්ධයෙන් නව සභාපතිවරයාගේ සම්බන්ධයක් තිබේද? යන්න ගැන විමසූ බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...