විදුලි බිල වැඩිවීමෙන් කුඩා කර්මාන්තකරුවන් කබලෙන් ලිපට

විදුලි බිල වැඩි කිරීම හරහා සමස්ත කර්මාන්ත පද්ධතියම කඩා වැටෙන තත්ත්වයට පත්කර තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

පසුගිය කාලය පුරා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුළු දුෂ්කර තත්ත්ව යටතේ කර්මාන්ත පවත්වා ගෙන ගිය අතර අන්තිම දොරත් වැසීමට සිදුව තිබියදීත් විදුලි බිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනුණු බව එහි සභාපති නිලුක්ෂ කුමාර සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිලුක්ෂ කුමාර මහතා,

”අපිට දැන් පාරිභෝගික ජනතාවට කියන්න තියෙන්නේ අපිත් එක්ක තරහ වෙන්න එපා, අපිට හෙණ ඉල්ලන්න එපා අපිට සිද්ධ වෙනවා දේශීයව නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ වල මිල 15%කින් 20%කින් ඉහළ දාන්න. ඉදිරියට එන්නේ සිංහල අලුත් අවුරුද්ද. අපිට සිද්ධ වෙනවා සියලුම දේශීය නිෂ්පාදන වන නිමි ඇඳුම් මිල 15%කින් 20%කින් ඉහළ දාන්න.ඒ වගේම ආහාර දවටන 15%කින් 20%කින් ඉහළ දන්නා සිදුවෙනවා.

මේ ඉහළ දැමීම කර්මාන්තකරුවෝ ලෙස සිදුකරන දෙයක් නෙවෙයි. අපිට කරන්න දෙයක් නැහැ. රටේ සමස්ත පාරිභෝගිකයාට අපි කියනවා ඔයාලා හෙණ ඉල්ලන්න විදුලි බිල වැඩි කරපු කාංචන විජේසේකර ඇතුළු මහජන උපයෝගිතා කොමිසමේ අනීතිකව බලය දුන්න මිනිස්සුන්ට”

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...