විදුලි බිල වැඩිවීමෙන් කුඩා කර්මාන්තකරුවන් කබලෙන් ලිපට

විදුලි බිල වැඩි කිරීම හරහා සමස්ත කර්මාන්ත පද්ධතියම කඩා වැටෙන තත්ත්වයට පත්කර තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

පසුගිය කාලය පුරා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුළු දුෂ්කර තත්ත්ව යටතේ කර්මාන්ත පවත්වා ගෙන ගිය අතර අන්තිම දොරත් වැසීමට සිදුව තිබියදීත් විදුලි බිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනුණු බව එහි සභාපති නිලුක්ෂ කුමාර සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිලුක්ෂ කුමාර මහතා,

”අපිට දැන් පාරිභෝගික ජනතාවට කියන්න තියෙන්නේ අපිත් එක්ක තරහ වෙන්න එපා, අපිට හෙණ ඉල්ලන්න එපා අපිට සිද්ධ වෙනවා දේශීයව නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ වල මිල 15%කින් 20%කින් ඉහළ දාන්න. ඉදිරියට එන්නේ සිංහල අලුත් අවුරුද්ද. අපිට සිද්ධ වෙනවා සියලුම දේශීය නිෂ්පාදන වන නිමි ඇඳුම් මිල 15%කින් 20%කින් ඉහළ දාන්න.ඒ වගේම ආහාර දවටන 15%කින් 20%කින් ඉහළ දන්නා සිදුවෙනවා.

මේ ඉහළ දැමීම කර්මාන්තකරුවෝ ලෙස සිදුකරන දෙයක් නෙවෙයි. අපිට කරන්න දෙයක් නැහැ. රටේ සමස්ත පාරිභෝගිකයාට අපි කියනවා ඔයාලා හෙණ ඉල්ලන්න විදුලි බිල වැඩි කරපු කාංචන විජේසේකර ඇතුළු මහජන උපයෝගිතා කොමිසමේ අනීතිකව බලය දුන්න මිනිස්සුන්ට”

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...