Breaking News

Pfizer එන්නත සාර්ථකයි දුප්පතුනට ලබා ගැනීම අපහසුයි

උපාලි ජයසිංහ

COVID-19 සඳහා වූ Pfizer ඖෂධ සමාගමෙි සාර්ථක එන්නත දුප්පත් රටවලට ලැබෙිද ? උත්තරය නැත යන්නයි !

COVID-19 න් ඡනතාවට බේරී සිටිය හැකි එන්නතක් නිපදවීම ගැන පසුගිය සතියෙ ලෝක ඡනමාධ්‍යවල සිරස්තල බවට පත්වී තිබිණි. 90% ක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකියැයි පවසන එය එක්සත් ඡනපද ෆයිසර් සහ එහි හවුල්කරු ඡර්මනියේ බයෝ එන්ටෙක්හි සම නිෂපාදනයකි.මූලික විශ්ලේෂණයකට අනුව COVID-19 රෝගය වලක්වා ගැනීම සඳහා වූ එකී එන්නත සියයට 90 කට වඩා පලදායි නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවා ඊට සුබපැතුමි එක්කර තිබිනී.

මෙි වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී ආරම්භයක් සඳහා, ෆයිසර් සමාගමට නිපදවිය හැක්කේ එන්නත් මාත්‍රා සීමිත ප්‍රමාණයක් පමණි – බොහෝ විට එය මාත්‍රා බිලියන 1.3 ක් පමණ වේ. එය විශාල නිෂ්පාදනයක් සේ පෙනුනද එකී නිෂ්පාදනයෙන් 99% ක්ම දැනටමත් ලෝකයේ පොහොසත් රටවල් ඇනවුමි කර අවසානය. එක්සත් ජනපදය, යුරෝපා සංගමය, , කැනඩාව සහ ජපානය දැනටමත් ඉහළ මිලදී ගැනීමේ ගිවිසුමක් මගින් මාත්‍රා බිලියන 1.1 ක් හෝ සැපයුමෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් ඉල්ලා ඇත. බ්‍රිරිතාන්‍ය දෙසැමිබර් මස නත්තලට පෙර මිලියන 10 ක මාත්‍රාවක් සදහා ගිවිසුමිවලට එළඹ අවසන්ය. මුල්ම ඇනවුම ඔවුනගේය. ඉතින් covid 19 ෆයිසර් සමාගමෙි සාර්ථක එන්නත් මාත්‍රාවන් ඉතිරිවනු ඇත්තේ තවත් සොචිචමකි.”අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල බොහෝ දෙනෙකුටද අපටද මෙම එන්නත අවම වශයෙන් ලබන වසර අවසන් වන විට හෝ ලබා ගත නොහැකි වනු ඇත.

මීට උත්තරයක් ලෙස ෆයිසර් සමාගමට සිය දෙවන නිෂ්පාදන අදියරේදී ඖෂධය දෙගුන ‍තෙගුන කල හැක. එසේ වුවද දුප්පත් රටවලට එය ලබා ගැනීම අසීරු වනු ඇත. මක්නිසාද යත් එය ප්‍රවාහනය කල යුත්තේ ඉතාමත් අඩු උෂණත්වයක් ඇති ඒ වෙනුවෙන් නි‍ෂ්පාදිත ප්‍රවාහන මාධ්‍යක් ඔස්සේය. එය ගබඩා කිරීමද නඩත්තු කිරීමද කල යුත්තේ ඉතා අඩු උෂ්නත්වයක් යටතේය. ඉන් අදහස් වන්නේ ඖෂධය සාමාන්‍ය ශිතකරනයක නොතැබිය හැකි බවයි. එය
ෆැරන්හයිට් අංශක 0 ක් පමණ වේ.

ෆයිසර් එන්නත නිෂ්පාදිත එක්සත් ජනපදයේ බොහෝ රෝහල් සහ සායනවල මෙම තත්වයට ගැලපෙන ශිතකරන නොමැත. එබැවින් ඔවුහු දැන් රාඡ්‍ය මැදිහත්වීමි තුලින් විශේෂ සීතල ශීතකරණ සදහා යමින් තිබෙි.

.ධනවත් රටවල් පළමුව එන්නතකට අත තැබීමේ අපේක්ෂාව සෑම විටම පැවතුනද. රාජ්‍ය-පෞද්ගලික සෞඛ්‍ය හවුල්කාරිත්වය වන GAVI, CEPI පදනම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසර මුලදී Covax පිහිටුවන ලද්දේ එබැවිනි. කෝවාක්ස් නිර්මාණය කරන ලද්දේ සංචිත මිලදී ගැනීමේ ගිවිසුම් හරහා කොවිඩ් -19 එන්නත සාධාරණ ලෙස බෙදා හැරීමට සහාය වීම සඳහා වන අතර, සියලු රටවලට, සාධාරන ලෙස එන්නත් මිලදී ගැනීමට එය ඉඩ සලසයි; ඉහළ ආදායම් ලබන රටවල් සෘජුවම මිලදී ගැනීමෙන් සහ දුගී රටවලට විදේශ සංවර්ධන ආධාර සහ පරිත්‍යාගශීලි දායකත්වය මගින් එය අරමුදල් සපයයි.ඉලක්කය වන්නේ සියලු රටවලට ඔවුන්ගේ ජනගහනයෙන් අවම වශයෙන් 20% ක් වත් ප්‍රතිශක්තිකරණය ලබා ගත හැකි වන පරිදි ප්‍රමාණවත් එන්නත් ලබා ගැනීමට ඉඩ සැලසීමයි එහෙත් , පොරොන්දු වූ පරිදි ෆයිසර් එන්නත දැනට කොවැක්ස් හි කොටසක් නොවේ එම නිසා ෆයිසර් එන්නතෙහි සාර්ථකත්වය අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට සාර්ථක එන්නත් ලබා ගත හැකි ආකාරය පිළිබඳ ගැඹුරු ප්‍රශ්න මතු කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් ෆයිසර් සමාගම සමඟ සාකච්ඡා කළත්, විභව සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබේද, නැතහොත් අත්තිකාරම් මිලදී ගැනීමේ ගිවිසුම් ඇති ධනවත් රටවලට සැපයුමට ප්‍රමුඛතාවය ලබා දෙන්නේද යන්න සෙසු ලෝකයට කොපමණ ප්‍රමාණයක් ලබා ගත හැකිද යන්න කිසිවක් ප්‍රකාශ කර නැත. ඔවුහු නිහඬ සාක්කුව ලොකු ධනවත් රටවල් පෝලිමේ ඉදිරියෙන් පොරබදමින් සිටින විට, අප විමසිය යුත්තේ මේ වන විට වෛරස් ආසාදිතයන්ගේ පෙරමුණේ සිටින සාක්කු නැති ලෝකයේ දුප්පත්ම රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියා කරන්නේ කෙසේද යන්නයි .

leave a reply