Breaking News

රටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගසාකෑමට සහ මුහුණපාන ගැටලුවලට එරෙහිව ඉතාලිය තුළ විරෝධතා

විදෙස්ගත ලාංකීය ශ‍්‍රමිකයින්ගේ ගැටලූ වහා විසඳනු
නිදහසේ ලංකාවට යන්නට නොහැකිවීම
තානාපති කාර්යාලයේ ලියාපදංචිවීමේ ක‍්‍රමවේදයේ ඇති අක‍්‍රමිකතා
ගුවන් ටිකට්පත් මිල අධික වීම
පීසීආර් සඳහා ගෙවන්නට වන අසාධාරණ මිල
නිවසේ නිරෝධායනය වෙනුවට අධික මිල ගනන් අයකරන හෝටල් නිරෝධායනය
මතු පරපුරත් විදෙස් වහල් සේවයට ඇද දමන ආර්ථිකයක් පරිසරයත් වනසන නිහීන පාලනය

කොරෝනා වසංගතය විසින් රැකියා අහිමි වීම් ආධායම් අඩුවීම් වැනි ගැටලූ වලට මුහුණදීමට සිදුවී තිබෙන විදෙස්ගත ලාංකීය ශ‍්‍රමිකයින් පිළිබඳ කිසිදු වගකීමක් දැරීමට ලංකා රජය මෙතෙක් කටයුතු කර නැත. කොරෝනා වසංගත කොන්දේසි වලට යටත්ව වුවද වඩා පහසුවෙන් කලහැකි දෑ සම්බන්ධවද ඔවුන් කටයුතුු කරන්නේ වෙනස් ආකාරයෙනි. ඒ තම දේශපාලන සහ ජාවාරම්කාර වුවමනා මුල්කොටගෙන බව පැහැදිළිය. කොටින්ම කොරෝනාව ගරානාවක් කරගෙන තිබෙන ආකාරය අප ඇස් පනාපිට පෙනෙන්නට ඇත. පලමු කාරණය අත්‍යාවශය විටකදී වුවද තම මව් රටට යෑමට ඉඩ අහුරා තිබීමයි. එය අපේ අයිතියක් වුවත් ඔවුන් කටයුතු කරමින් සිටින්නේ එය නොසලකාය. වරප‍්‍රසාදිත පිරිස් සඳහා සහ ජාවාරම්කාර අරමුණෙන් ක‍්‍රියාත්මක වීමේදී එක ක‍්‍රමයකටත් අව වරප‍්‍රසාදීන්ට තව ආකාරයටත් සැලකීම තවදුරටත් සැගවිය නොහැකි කාරණයකි. ලංකාවට යෑම සඳහා තානාපති කාර්යාලයේ ලැයිස්තුගත වන්නට සිදුව ඇත. එය සිදුවන්නේ ඉල්ලන ආකාරයට හෝ අවශ්‍යතාවයේ ප‍්‍රමුකත්වය අනුව නොව වෙනත් මැදිහත්වීම් මතය. එයට එකතුවී ඇති අලූත්ම කථාව ටිකට් කරන අවස්ථාවේ ඒජන්සියට යුරෝ 100ක් ගෙවා ලැයිස්තුවේ නම අඩට දමා ගැනීමේ අවස්ථාව උදාකර දීමේ ජාවාරමයි.

ලංකාවට යෑමට අවස්ථාව උදාකර ගැනීමෙන් පසු මුහුණ දීමට වන අනෙක් කාරණය වන්නේ අධික ටිකට් ගාස්තුව සහ ඊට එක්වන පීසීආර් සඳහා අයකිරීම් සහ නිරෝධායනය සඳහා ගෙවීමට නියමිත හෝටල් ගාස්තුවයි. කවුරු මොන බයිලා ගැහුවත් හොටෙල් නිරෝධායනය අනිවාර්යය වේ. මෙය නියත වශයෙන්ම උන්ගේ ජාවාරම්කරුවන් පිනවීමට විදෙස්ගත ලාංකිකයා සූරාකෑමකි. ඒ වෙනුවට ලාංකිකයින්ගේ ඉල්ලීම වන්නේ අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී හැර තම නිවෙස්තුල නිරෝධායනය වීමට ඉඩ සලසන ලෙසයි. අධි අවධානම් රටවලින් පැමිනෙන අය හැර අන් සියලූ රටවල ක‍්‍රමවේදය වන්නේ නිවෙස් නිරෝධායනයයි.

තානාපති කාර්යාල සේවාවන්ද සිදු කරමින් තිබෙන්නේ ලාංකිකයා තවත් අපහසුතාවයට පත් කිරීම මිස ඔවුන් සඳහා ඉටුකල යුතු තම වගකීම පැහැර හැරීම බව බොහෝ ලාංකිකයින් තම අතිදැකීමෙන් දනී. එය යුරෝපයට මෙන්ම සෙසු රටවලද කියා වෙනසක් නැත. මැදපෙරදිග තත්වය ඉතා සෝචනීයය. මේ සියල්ල අතර තම රට හැරදමා විදෙස් රටවල ශ‍්‍රමය වගුරන්නට අපට සිදුවී ඇත්තේද අප රට මෙතෙක් පාලනය කලවුන්ගේ නොපනත්කම් නිසාය. එසේ විදෙස්ගතව රටට විශාල විදෙස් විනිමයක් ගෙනදෙනමුත් එය ඔවුන්ට අදාල නැත. ඒ විතරක් නොව අපේ රටට ගොස් ආයෝජනයක් කර නිදහසේ ජීවත් වන්නට සිතුවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල දමමින් රටේ ඉඩම් ටිකේ සිට සියලූ සම්පත් විකුණාගෙන කමින් රට තව තවත් ණය කරමින් ගෙන යන පාලනයක් තුල අපගේ ඒ බලාපොරොත්තුවද දැන් බිඳවැටෙමින් ඇත. අවසානයේ සිදු කරමින් තිබෙන පරිසර විනාශය හමුවේ සදහටම විදෙස්ගතව ජීවත් වන්නට සිදුවන තත්වයක්ද අපට උදාවී ඇත. එහෙත් අපේ ¥ දරු දෙමාපිය නෑ හිතවත් සියලූ දෙනාට අත්වන ඉරණම කුමක්ද ඒ නිසා මේ සකල විධ ව්‍යසනයන්ගෙන් අප රට මුදා ගතයුතු බවත් ඒ වෙනුවෙන් අපේ අවධානය යොමු කල යුතු බවත් විදෙස්ගත ලාංකීය ජනතාවට මතක් කරමු.

leave a reply