මේ ඔක්කෝම ප්‍රශ්න එන්නේ ජීවත් වෙන්නේ කොහොමද යන ප්‍රශ්නයට මිස ජීවත් වෙන්නේ ඇයි කියන පිළිතුරට නෙවෙයි. ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයේ දී, ලෝකයම, හැම රටක් රාජ්‍යයක්ම දාර්ශනික ගැටලුවක නිමග්න වෙලා ඉන්න ගමන් ජීවත් වෙන්නේ ඇයි කියන එකට දේශපාලනිකව උත්තර හොයනවා. හැබැයි දේශපාලනික ප්‍රශ්නය දාර්ශනික වෙන කොට දාර්ශනික ප්‍රශ්නය දේශපාලනික කර ගන්නේ කොහොමද කියන එකයි හොයා ගන්න වලි කන්නේ.
මේකට අපි කැමැතියි සංකල්ප දෙකක් යෝජනා කරන්න. එකක් තමයි “නම්” දේශපාලනය (IF POLITICS) සහ අනෙක “මේ මොහොත” (HERE AND NOW POLITICS) කියන එක. ඒක තවත් සංකල්ප ගත කොළොත් කියන්න පුළුවන් “සෙන් දේශපාලනය” (SEN POLITICS) කියල. මේ දෙක ඉංග්‍රීසියෙන් කිව්වොත් „IF“ සහ „ HERE AND NOW“. නම් (IF) කියන එකට ප්‍රකට කවියක් තියෙනවා RUDYARD KIPLING ගේ. නොබෙල් ත්‍යාගී, අධිරාජ්‍යවාදය අගය කළ හා බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ජීවත්ව සිටි කිප්ලින් තම පුතාට ජීවත් විය යුතු ආකාරය ගැන කියන කවියක්. ජීවිතයේ විවිධ අවස්ථාවලදී, විශ්වාසයෙන් යුතුව අර්ථවත්ව ධාර්මිකව ජීවත් විය යුත්තේ කෙසේද යන්න මෙහි සංක්ෂිප්ත අදහස උනත්, අපිට මෙහිදී වැදගත් වෙන්නේ මේ “නම්(IF) කියන තේරුමේ සංකල්පීය සම්බන්ධයයි.
මේ මොහොත කියන එක දාර්ශනිකව එන්නේ බෞද්ධ දර්ශනයෙන්. සංයුක්තව සෙන් බුදු දහමින්. මේ සංකල්ප දෙක කොහොමද අපේ ජීවිතවලට මෙන්ම අපේ දේශපාලනයට ඈඳාගෙන ගැටලු අවබෝධකරගෙන ඉස්සරට යන්නේ කියන එකටයි අපේ යෝජනව.
“නම්” කියන එක ගත්තම වියහැකියාවක්. ඒක පරිකල්පනයක්. බැරි උන දෙයක් නැවත වියහැකියාවක් කර ගැනීම හෝ හිතන දෙයක් හැකියාවක් කර ගැනීම මේ ලෝකයමට පොදු ධර්මතාවයක්. එහෙම නම් ලංකාවේ අපි කියා වෙනසක් නෑ. කොහොමද කියන එක දාර්ශනිකයි. ඇයි කියන එක දේශපාලනිකයි. දැන් බලමු ලංකාව මුහුණ දෙන දාර්ශනික හා දේශපාලනික විඝඨනය කොහොමද තේරුම් ගන්න පුළුවන් කියලා.
මෑත කාලය, ඒ කියන්නේ සුද්දා ගියාට පස්සේ කාලයේ ඉඳලා ගත්තොත් අපි කොහොමද කියන දාර්ශනික ප්‍රශ්නයට මුහුණ දෙන කොට “නම්” කියන අතීත නො හැකියාවේ මෙන්ම අනාගත විය හැකියාවේ තමයි ලෝකය පරිකල්පනය කරන්නේ. හැබැයි අපි ජීවිත විදිහටත්, දේශපාලිනක සමාජික හා සංස්තෘතික විදිහටත් අත් දකින ඇත්ත වෙන්නේ “මේ මොහොත” යන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අත් විඳින එක. දේශපාලනයේ දී “මේ මොහොත” යන්න “නම්” කියන දෙයට වඩා බැරෑරුම් වගේම ප්‍රබලයි. ඇයි එහෙම වෙන්නේ. අමෙරිකාව ලංකාවට මැදිහත් වෙනකොට, චීනය ලංකාවට හිටු කියලා ණය දෙනකොට, කොරෝනා පැතිරී ව්‍යවසනයක් වෙමින් ඒකත් දේශපාලනය වෙන කොට, මේ මොහොත කියන එකත් එක්ක ගනුදෙනු කරන්නේ වෙන්නේ, දේශපාලන බලාධිකාරයත් එක්ක. ඇත්තටම “මේ මොහොතේ” දේශපාලනය වෙන්නේ බලය හොබවන අය විසින් කරන දේශපාලනය. එය හොඳ නරක වේවා, ගඳ සුවඳ වේවා ඒකට මේ දේශපාලන බලයට එකඟ වෙන් වෙලා තියෙන්නේ. එම බලය ඇතුලේත් “මේ මොහොතට” නම් දේශපාලනය ඇතුල් වෙනව නම් ඒකට සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක විමල් වීරවංශ සහ 20 විරෝධයෙන් තේරුම් ගන්න පුළුවන්. මේ නිසා “නම්” සහ මේ මොහොත යන දෙක පාර භෞතික හා භෞතික කියලා තේරුම් ගන්නත් පුළුවන්. අනිත් අතට විකල්ප අර්ථයෙන් මේ මොහොතට මැදිහත් වන දේශපාලනයට ක්‍රියාත්මක වෙන්න වෙලා තියෙන්නේ අතීතයේ සහ අනාගතයේ “නම්” සංල්පයේ. විකල්ප දේශපානය “මේ මොහොතේ” දේශපාලනය කර ගන්න නම් කුමක් හෝ බලයක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්තම් ඒක පාර භෞතික විදිහටයි වැඩ කරන්නේ. විකල්පයේ දේශපාලන බලය පවතින්නේ අතීතයේ නො හැකියාවට දෙස් තැබීමෙන් හෝ අනාගතයේ හැකියාවක් ගැන දකින සිහිනයක පාර භෞතික බලයෙන්. උදාහරණයකින් කිව්වොත්, ලංකාවට අමෙරිකාවේ මැදිහත් වීම ගැන විරෝධය පාන, උද්ඝෝෂණය කරන අදහස් දක්වන අප සියලු දෙනාම “නම්” දේශපාලනයේ නිරත වුණාට, මේ මොහොතේ සෙන් දේශපාලනය කරන්නේ අමෙරිකාව චීනය ඉන්දියාව සහ ලංකාවේ දේශපාලන බලය හොබවන අය. අමෙරිකාවේ මැදිහත් වීම පෙර සේම සිද්ධ වෙමින් යනවා. කෑ ගැහුවා කියලා මොකුත් වෙනස් වෙලා නෑ. වෙනස් වෙලා නැත්තේ මොකුත් නිසා නෙවෙයි. කෑ ගහන අපි වෙනස් වෙලා නැති නිසයි. හේතුව අපි ඉන්නේ “නම්” තුල මිසක මේ මොහොතේ නෙවෙයි. කෙනෙකුට කියන්න පුළුවන් “නම්” කියලා කියන අවස්ථාවත් මේ මොහොත තමයි කියලා. ඒත් ඒ දෙක අතර වෙනස හඳුනා ගැනීම සහ එයට අනුව ක්‍රියා කරන්න දර්ශනයක් හොයා ගන්න එක තුලයි “නම්” දේශපාලනයට “මේ මොහොතට” ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ.
තවත් විදිහකට කිව්වොත්: යථාර්ථය වෙන්නේ “මේ මොහොත” නම්, ප්‍රබන්ධය වෙන්නේ “නම්” කියන එකයි කියල්ත් කියන්න පුළුවන්. එම්. සී.සී අත්සන් කරනවාද නැද්ද, කොරෝනා පාලනය කරන්නේ කොහොමද කියන කාරණා යථාර්ථයට අයිති වෙද්දී, ඊට දක්වන විරෝධයන් කියන්නේ එක අතකින් ප්‍රබන්ධයන්. එනම් “නම්” කියන විරෝධය තුල “මේ මොහොතට විසඳුමක් නැති බව තමයි ඇත්ත. අමෙරිකන් ගිවිසුම් අත්සන් නො කර සල්ලි නෑ. සල්ලි නැතුව මොකුත් කරන්න විදිහක් නෑ. කරන්න වෙන දෙයක්තු නෑ. මේ මොහොත පවත්වාගෙන යෑමට වෙන විකල්පයක් නැති වෙන කොට අනිත් කිසිම දෙයක් අදාල නෑ. දැන් අමෙරිකන් ගිසුමට විරුද්ධ යහපාලන පාලනයේ සිටි අය, එදා ඒ වෙනුවෙන් සාධාරණ හේතු ඉදිරිපත් කලා අමතක නෑ. චම්පික රණවක හොඳම උදාහරණය. එදා විපක්ෂයෙන් සහ දැන් ආණ්ඩුව පැත්තෙන් අනිත් හොඳම උදාහරණය තමයි විමල් වීරවංශ. හැම කෙනෙකුටම “නම් කියන එකෙන් ඕන දෙයක් කියන්න පුළුවන් වුණාට, මේ මොහොත කියන එකේ දී ඕන දෙයක් කියන්න පුළුවන් උණත් ඕන දෙයක් කරන්න බෑ.
නිකමට හිතමු, ජනාතා විමුක්ති පෙරමුණ ඉන්නේ මේ මොහොතේ නම්, එනම් ගෝඨාභය බලයේ ඉන්න තැන නම්, අමෙරිකාව සම්බන්ධයෙන් කරන්නේ මොකක්ද, ඒක වෙනස් උණත් චීනය සම්බන්ධයෙන් කරන්නේ මොකක් ද, මේ මොහොතේ දේශපාලනය කර නැති නිසා “නම්” කියන එකෙන් දැන් උත්තර දුන්නට ඇත්තට මුහුණු දෙන්න උනොත් කරන්න වෙන්නේ එකඟවීම හෝ පලා යෑම යි. තමන්ට මුළු බලය නැති නිසාත් යම් බල කොටස් කාරයෝ වෙලා හිටිය අවස්ථාවල කරන්න තිබුණේ “මේ මොහොත” කියන එකෙන් පලා යෑම විතරයි. ජනතා විමුක්ති පෙරමුණට වෙන්න හෝ නොවෙන්න කියන දේශපාලනයට ආයුබොවන් කියන්න උනේ 71 කැරැල්ලෙන් පස්සේ. ඊට පස්සේ හරි හමන් දර්ශනයක් තිබුණේ නෑ. අපි මුලින් මතු කරපු දාර්ශනික ප්‍රශ්නයට මෙන්ම දාර්ශනික ප්‍රශ්නයේ දේශපාලනයට.
සෙන් බෞද්ධ සංකල්පය දේශපාලනයේ දර්ශනයට ඈදාගෙන “නම්” කියන එකට වඩා “මේ මොහොත කියන එකට දේශපාලනය තමන්ගේ පමණින් මෙහෙය වන්නේ නම්, ජවිපේ කළ යුත්තේ අමෙරිකන් කන්තෝරුව ඉදිරියේ බෝඩ් ලෑලි එල්ලාගෙන ඉන්න එක නොවේ. එ්ක අයිති වෙන්නේ තමන්ගේ භාවිතාව වෙනුවට අනුන්ගේ භාවිතාවට “නම් කියන තමන්ගේ භාවිතාව පෙන් වීම මිසක “මේ මොහොතේ දේශපාලනය නොවේ. මේක තව විදිහකට කිව්වොත් ජවිපේ විරෝධතා යනු ප්‍රබන්ධ මිසක යථාර්ථයක් නොවේ. මොකද අපි හැමෝම දන්නවා ඔය කියන නපුර ගැන ඡන්දය දීපූ ජනතාවට ඔය කියන තරම් ගැටලුවක් නැති බව. ඇත්තටම වෙන්න යන්නේ නපුරක් උණත්, ඒ නපුර කියන තරම් බරපතල කියලා තේරෙන්නෙ නෑ. වසර හැත්තෑව අසූව පුරා කරපු ප්‍රතිසංස්කරණ සහ භාහිර ලෝකෙත් එක්ක කරපු වැරදි ගණු දෙනු වැරදි විදිහට පෙනෙන්න ඊට විකල්ප ජීවන හා දේශපාලන විලාසයන් ඇති වෙලා නෑ. මුළු මහත් ජාතියම විශාල ණය බරකින් ඉන්නේ කිව්වට, මිනිසුසු ඒ ණය බරේ කොටස් කාරයෝ කියන එක “නම් දේශපාලනය විදිහටයි ගන්නේ. මේකට අවශ්‍ය කෙරෙන දැනුමක් පැතියට, ඒ දැනුම සෙන් දේශපාලනයත් එක්ක විකල්ප කරන්න හැකි වෙලා නැති එක අපි හැමොගෙම ප්‍රශ්නයක්. මේ නිසා එම්සීසී එකටත් එහාට දේවල් උණත් “ ඡන්දය දුන් ජනතාවගේ මේ මොහොතට” අදාල නෑ. ඒ අනදාල ජීවිත අදාල කර ගන්න අරගෙන යන්න පුළුවන් විකල්ප දෘෂ්ටිවාදයක් නෑ. තියෙන එක පරණ ලංගම බස්එකක් වගෙයි. විකල්පයේ කා අතේවත් ඒකට බෙහෙත් නෑ. “නම්” කියන එක තිබුණට වැඩක් නෑ. මොකද ඒක පාර භෞතිකයි. භෞතික වෙන්න නම් “මේ මොහොත එක්ක දේශපාලනය කරන්න වෙනවා. ඒක බලයේ ඉන්න අය හොඳට දැන් දන්නවා. If politics, මිසක විකල්පයට here and now politics නැති බවත්, තිබුණත් ඒක නැති කරන්නේ කොහොමද කියන එක තමයි අද තිබෙන ගෝලීය සෙන් පොලිටික්ස් ( Sen Politics) එක.
මේ නිසා මේක ඇත්තටම ගත්තොත් අද වන විට මානව සමාජයේ දාර්ශනික ගැටලුවක් ලෙස සූත්‍රගත කෙරුවත් වරදක් නෑ. මොකද ලෝකයම ඇත්තේ බටහිර නූතවාදයේ වෙනත් මාවතකට විරිවර්තනය විය යුතු කාලයක. බටහිර නූතනවාදය කිව්වම ඒකෙන් චීනය ඉන්දියාව රුසියාව බේරෙන්න විදිහක් නෑ. චීනයත් හිරවෙලා ඉන්නේ ඇරියස් එක්ක නූතනවාදයේ ගැටලුවක. ඒකට දාවෝවාදය, සෙන් බුදු දහම වගේ දර්ශනයන් විතරක් නෙවෙයි කොමියුනිස්වාදය තිබුණු රටක් උණත් ඉතිහාසයේ වැරදි විපරිවර්තකයකට ගමන් කරපු රටක් වෙලා ලෝක ශිෂ්ටාචාරයේ විනාශය සොයා යන රටක් තමයි චීනය කියන්නේ. චීනය කියන්නේ තවමත් ලෝකයට නොදන්නා දෙවියෙක්. අමෙරිකාව කියන්නේ දන්නා යක්ෂයෙක් නම්, නොදන්නා දෙවියාගේ විනාශයත්, දන්නා යක්ෂයාගේ විනාශයත් යන දෙකම එන්නේ මේ කියන බල පෙරේත කෑදරකම සහිත බටහිර නූතනවාදී දාරශිනික දැක්මේ කොහොමද ජීවත් වෙන්නේ කියන උත්තර නැති ගැටලුව එක්කයි. මේ ගෝලීය ඇත්ත ඇතුලේ වසර 70 ක් 80 ක් හිරවෙලා ඉන්න දේශපාලනය “නම්” කියන එක වෙනුවට “මේ මොහොත” කියන එකට “ජීවන විලාසයක්” හොයා ගන්න බැරි වීම තමයි අද උග්‍ර වෙලා තියෙන්නේ. ජවිපේට පෙසපෙටත් ඇතුලු විකල්ප බලවේගවලටත් අද කරන්න තියෙන්නේ “නම්” වෙනුවට, බටහිර නූතන විරෝධී “ජීවන විලාශයක් හදන එකයි. ඒක හැටනව ලක්ෂයක් ඡන්දය ගත්තු රාජපක්ෂලාට කරන්න කියන “නම්” න්‍යායය වෙනුවට, ජවිපේ ලක්ෂ හතරට “නව ජීවන විලාසයක්” සහිත “මේ මොහොතේ යථාර්ථයට මුහුණ දී, එය හැට නව ලක්ෂයට ආදර්ශයක් කිරීම යි. ඒක පෙසපෙටත් ඒක ඇතුලේ තියෙන ඡන්ද 14 000 ටත් අදාලයි. එහෙම උනොත් මෙතෙත් එතෙක් කරපු “නම්” දේශපාලනය වෙනස් කරන්න වෙනවා. ඒ වෙනස් වීම කියන්නේ විපරිවර්තනයක් වගේම අලුත් ජීවන විලාශයක්.
අපේ මේ මොහොතේ දේශපාලනය අමෙරිකානු පොම්පේට විරුද්ධ වෙනවා වෙනුට තියෙන්නේ වෙන එකක්. ඒක දෙයාකාරයි.
- අහිතකර යැයි කියන හා අත්සන් කිරීමට නියමිත ඉතා ආසන්න ගිවිසුම්වලට අනුමැතිය ගන්න නම් ජනමත විචාරණයකට ආණ්ඩුවට යෝජනා කිරීම. මේ සඳහා හැටනව ලක්ෂය අනුමැතිය දී තිබේද යන්න තියෙන ගැටලු ඇති නිසා වහාම ජනමත විචාරණයක් තියන්න. ( මේකට චීනය ඉන්දියාව ඇතුලු අනෙක් ගෝලීය අගතීන් සම්බන්ධයෙන් ඇති කරුණු ද අදාල කරගන්න පුළුවන්).
ඒක රජයට බලකිරීමක් වන අතර ලැබී ඇති ජන වරමට අනුව ආණ්ඩුවට ක්‍රියාකිරීමට ද අවස්ථාවක් ඇති නිසා බොරු විරෝධයක් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ පොදු මහජන ව්‍යාපාරයකට ද මග පාදා ගත හැකි දෙයක් කර ගත හැකිය. ජනතා අනුමැතිය ලැබේ නම්. චීනය හෝ අමෙරිකාව කොලනියක් වීම හෝ සුර පුරයක් වීමේ වගකීම ජනතාව බාර ගත යුතු වේ. එය එසේ නොකර නොදුන් ජන වරම “දුන් ජනවරම” කියා ආණ්ඩුව කටයුතු කරන්නේ වුවත්, මේ මොහොතේ දේශපාලනය යකඩ කටින් හෝ සිදු වීම වැළැක්විය නො හැකි ය. අපිට ඒකට මුහුණ දෙන්න වෙන්නේ ශිෂ්ටසම්පන්නවත්, අලුත් විදිහටත් අනුව මිසක, පරණ යල් පැන ගිය පච විරෝධයන්ගෙන් නොවේ.
- දෙවැන්න වන්නේ දීර්ඝ කාලීන නව ජීවන විලාසිතාවකට තමන්ගෙන් තම පාක්ෂකයාගෙන්, තම අසල්වැසියා සමඟ මේ මොහොතේ සිට පටන් ගැනීම ය. එය සෙන් පොලිටික්ස් මිසක, ඉෆ් පොලිටික්ස් නොවිය යුතු ය.
මේ අනුව ඉහත සංකල්ප වඩාත් පුළුල් විදිහට බලමින් සාරංශ ගත කර කියතොත්, ලෝකයටත් මිනිසාටත්, ලංකාවටත්, වාම විකල්ප අපි හැමට ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එකක් වන්නේ තනිව නිවන් දකින්න නම් ථේරවාදය තෝරා ගැනීමත්, සාමූහිකව විමුකත්ය ලාබා ගැනීමට නම්, සෙන් දර්ශනය ද ඇතුලු සාකල්‍ය මාක්ස්වාදයකට ඇතුළත් වීම ය. මේ මාර්ග දෙක තුල අනෙක් දාර්ශනික ගැටලු, හතුරුකම්, ප්‍රතිවිරෝධතා, පක්ෂ නායකත්වයන්, පොරවල් යනු (Pea nuts) පී නට් ය.