මහ පාරේ නඩු ඇසීම ගැන පොලිසියට දොස්

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතන නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලීසිය වෙත විවේචන රැසක් එල්ල වෙමින් පවතියි.

මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විවේචනය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් සටහනක් තබා තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කළ යුතු බවයි.

සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්නය කිරීම, ඔවුන් සිදු කරන ප්‍රකාශ සහ එම විඩියෝ ක්ලිප් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම මහජනතාව පිනවන නමුත් නඩු විභාගය ආරම්භ වූ පසු ඒවායින් පැමිණිල්ලට කිසිදු වාසියක් නොමැති බවද ඔහු සඳහන් කර සිටියි.

සාලිය පීරිස් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, එවැනි බොළඳ ක්‍රියා මගින් පොලිසියේ කීර්තිනාමයට හානි වන බවත්, එමගින් විමර්ශකයන්ගේ වෘත්තීයභාවය පිලිබඳව ප්‍රශ්න පැන නගින අතර සමස්ත පද්ධතියටම අපකීර්තියක් ගෙන දෙන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...