ඉන්ධන පෝලිං රට වටේ

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය හේතුවෙන් එප්පාවල නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දැක ගත හැකි විය..

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය හේතුවෙන් තෙල් බෙදා හැරීමේ කටයුතු අඩාල වීම හේතුවෙන් ඉන්ධන තොග ඉන්ධන පිරවුම්හල් වෙත නොලැබේ යැයි බියෙන් ජනතාව ඉන්ධනහල් අසල දිගු පෝලීම් වල රැදී සිටිමින් ඉන්ධන ලබා ගන්නා අයුරු දැක ගත හැකි විය.

එප්පාවල නගරයේ එක් ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් තොග නොමැති අතර, අනෙක් ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් ලබා ගැනීමට ජනතාව දිගු පෝලිම් වල රැදී සිටියහ.ඩීසල් සඳහා පෝලිම් නොමැති අතර, ඩීසල් නිකුත් කිරීම සාමාන්‍යය පරිදී සිදු කෙරෙන අයුරුද දැක ගත හැකි විය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...