කාන්තාවන් දරුවන් ලබන එක තීන්දු කරන්නේත් හාම්පුතුන්! මේක අමානුෂික තත්වයක්

මම විශේෂයෙන් කතා කරන්න කැමතියි කාන්තාවන්ට, ශ්‍රමය වගුරන කාන්තාවන්ට මේ කම්කරු නීති සංශෝධනය කොච්චර බලපානවාද කියලා.
අපි දන්නවා රටේ ආර්ථිකයට කාන්තාවන් දක්වන දායකත්වය.

ආර්ථිකය රඳා පවතින ප්‍රධාන ක්ෂේත්‍ර තුනෙහි සේවකයන් අතරින් වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ කාන්තාවන්.

මේ වෙනකොටත් පවතින නීති ඇතුළේ, යම් ප්‍රගතිශීලී නීති රාමුවක් ඇතුළේ පවා බරපතල විදියට කාන්තාවන් හිංසනයට, සූරාකෑමට ලක් වෙනවා.
එන්න නියමිත නීති සංශෝධන ඇතුළේ ඔවුන්ගේ සම්පූර්ණ ජීවිතය අනාරක්ෂිතභාවයකට පත් කරපු, තවදුරටත් සූරාකන තත්වයක් තමයි ඇති කරනවා..
කාන්තාවන්ට බලපාන ප්‍රධාන නීතියක් තමයි ප්‍රසූත නිවාඩු සම්බන්ධ නීතිය. දැන් ප්‍රසූත නිවාඩු දීර්ඝ කරන අයිතිය හාම්පුතුන්ට දෙනවා.
ඇත්තටම දැන් කාන්තාවන් දරුවන් ලබනවාද කියලාත් තීන්දු කරන්නේ හාම්පුතුන්. මේක අමානුෂික තත්වයක්.

දැන් කාන්තාවන් රාත්‍රී සේවයේ යොදවද්දී කොන්දේසි යොදවලා තියෙනවා. ඒ කොන්දේසි ඇතුළේ පවා වැඩ කරද්දී බාධා තියෙනවා. වැඩ කරන කිසිම කාන්තාවක් නැහැ වාචික, මානසික, ශාරීරික හිංසනයට ලක් වෙලා නැති. නීති ඇතිවත් තත්වය එසේ නම් නීති නැති වුණොත් වෙන්නේ මොකක්ද කියලා අපට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.

පහුගිය කාල වකවානුව තුළත් සියලු කොන්දේසි, ප්‍රතිපත්තති ඇතුළේ පාලකයන් කළේ තවදුරටත් දවසින් දවස කම්කරුවන් සූරාකන්න රාමු සකස් කරගත්ත එක.

අපි දන්නවා කොවිඩ් තත්වය ඇතුළේ සමාජ දූරස්ථභාවය පවත්වාගෙන යෑම වගේ සීමා මැද ඔවුන් තමන්ගේ ආදායම තර කරගත්තේ කියලා. ප්‍රඩක්ෂන් ලයින් එකක සේවකයන් 25 දෙනෙකුගෙන් ගත්ත නිෂ්පාදනයම සමාජ දූරස්ථභාවය ආරක්ෂා කරගන්නට සේවකයන් 10 පමණක් යොදවමින්, ගත්තා. දැන්, මෙතෙක් අනීතිකව ගෙනිච්ච එවැනි ක්‍රමවේද රටේ නීතිය බවට පත් කරන්නයි උත්සාහ කරන්නේ.

සේවකයන්, වැඩකරන ජනතාවගේ ජීවිත බරපතල අවදානමකට ලක් කරන නීති තමයි මේ සකස් වෙමින් පවතින්නේ. වෘත්තිය සමිති, බහුජන සංවිධාන හැටියට අපි මේ කෙටුම්පත් කරන නීති රාමුවට විරෝධය ප්‍රකාශ කරනවා.

https://www.facebook.com/uduwaragedara

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...