රෙද්දේ සංස්කෘතිය

රජයේ රෝහල්වල හෙද නිලධාරින්ගේ හෙද නිල ඇඳුම කිසියම් ආගම් හා සංස්කෘතීන් අනුගමනය කරන පුද්ගලයින් ගැන සිතා වෙනස් කරන්නේ නම් එයට එකඟ නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව මුස්ලිම් ජාතික හෙදියන්ගේ ඇදුම වෙනස් කිරීමට පෙර සිය සංගමය සමග සාකච්ඡා කොට තීන්දුවකට එළැඹෙන ලෙසද එම හිමියන් ප්‍රකාශ කර ඇත.

මෙවැනි අදහස් පළවන්නේ රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි නිල ඇදුම් ඇදීමට කිසිදු නෛතික බාධාවක් නැති බව අමාත්‍ය විජිත හේරත් පවසා තිබීම සම්බන්ධයෙනි.

ඊට අමතරව ශෆියා යමික් දකුණු ආසියාතික මළල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 3ක් දිනාගැනීම ගැන අදහස් දක්වන බොහෝ පිරිස් ද මුස්ලිම් සංස්කෘතිය තුළ කාන්තාවන්ගේ ඇඳුම් පැළදුම් සීමා කරන බවට මැසිවිලි නගනු දක්නට ලැබේ.

බොහෝ පිරිසකට මාතෘකාව වී තිබෙන්නේ ඇය නව තරඟ වාර්තා පිහිටුවීම සහ ඇගේ දක්ෂතාවය නොව ඇය මුස්ලිම් සම්ප්‍රදායික ඇඳුම් ප්‍රතික්ෂේප කරමින් කලිසම් ෂර්ට් ඇදීම සහ බෞද්ධ පාසලක අධ්‍යාපනය ලැබීමයි.

විශේෂයෙන් ලංකාව තුළ ජාතිවාදය ක්‍රියාත්මක වන එක් ආකාරයක් වන්නේ මුස්ලිම් කාන්තාවන්ට ඇඳුම් සම්බන්ධ නීති රීති දැමීමයි. පාස්කු ප්‍රහාරයෙන් පසු මෛත්‍රිපාල සිරිසේන විසින් බුර්කා තහනම් කරනු ලැබුවේ කිසිදු හේතුවක් නොමැතිවයි. බුර්කාව සහ පාස්කු ප්‍රහාරය අතර කිසිදු සම්බන්ධයක් නොතිබුණි.

මුස්ලිම් කාන්තාවන්ට පමණක් නොව ඇඳුම් ගැන සිංහල කාන්තාවන්ට ද විවිධ සංස්කෘතික සීමා පනවනු දැකිය හැක. උදහරනයක්ට පාසල් ගුරුවරුන්ට සාරිය අනිවාර්ය කිරීම, පාසල් වෙත යන මව්වරුන්ට සාරිය අනිවාර්ය කිරීම වැනි දේවල් සිංහල සමාජය විසින්ද කාන්තාවන් මත බලෙන් පටවා ඇත.

දියුණු යයි සැළකෙන රටවල පවා විවිධ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් අවශ්‍ය පරිදි නිල ඇඳුම්වල වෙනස්කම් කිරීමට අවස්ථාව ලබාදී ඇත.

තමන් ඇඳිය යුත්තේ කුමන ආකාරයේ ඇඳුමක් ද යන්න තීරණය කළ යුත්තේ අදාළ ඇඳුම අදින කාන්තාවනුයි. ඔවුන්ගේ අදහස් අනුව නිල ඇඳුම් වැනි පොදු කරණා ගැන තීරණය කළ හැක.

ගැහැණුන්ගේ ඇඳුම් හරහා තම සංස්කෘතිය ආරක්ෂා කරගැනීමට සිතීම හා ගැහැණු ඇඳිය යුතු දේවල් සම්බන්ධයෙන් අධිපති සංස්කෘතීන් මත හිඳිමින් තීරණය කිරීම හරහා පීඩාවට පත්වන්නේ ගැහැණුන් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...