උන් වනසා දැමු රඹකැන්ඔයට පණ දෙමු!

අම්පාර මහඔය රඹකැන්ඔය ප්‍රදේශයේ අක්කර 6000ක පමණ භූමි ප්‍රමාණයක් මහා පරිමාණ බඩඉරිඟු වගාව සඳහා සමාගම් වලට විකිණීමට ආණ්ඩුව තීරණය කර තිබිණ. ඒ අනුව එම ප්‍රදේශයේ පිහිටි වනාන්තර භුමි ඩෝසර් පවා යොදා ගනිමින් හෙලි පෙහෙලි කරනු ලැබීය. මීට පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශවාසීන්ගෙන් බරපතල විරෝධයක් එල්ල විය. මහඔය තරුණ එකමුතුව මගින් ‘වනසා දැමු රඹකැන්ඔයට යලි පණ දෙමු’ නමින් වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත්තේ මෙම මහා වන සංහාරයට විරෝධය පල කිරීම සඳහායි. ඒ අනුව සමාගම් විසින් කපා දැමු රඹකැන්ඔය ප්‍රදේශයේ පැල සිටුවීමේ වැඩසටහනක් ඔවුන් සංවිධානය කර ඇත.

ඒ සඳහා හෙට, දෙසැම්බර් 29 උදේ 9ට මහඔයට පැලයක් ද රැගෙන පැමිණෙන ලෙස මහඔය තරුණ එකමුතුව ආරාධනා කර සිටී.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...