උන් වනසා දැමු රඹකැන්ඔයට පණ දෙමු!

අම්පාර මහඔය රඹකැන්ඔය ප්‍රදේශයේ අක්කර 6000ක පමණ භූමි ප්‍රමාණයක් මහා පරිමාණ බඩඉරිඟු වගාව සඳහා සමාගම් වලට විකිණීමට ආණ්ඩුව තීරණය කර තිබිණ. ඒ අනුව එම ප්‍රදේශයේ පිහිටි වනාන්තර භුමි ඩෝසර් පවා යොදා ගනිමින් හෙලි පෙහෙලි කරනු ලැබීය. මීට පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශවාසීන්ගෙන් බරපතල විරෝධයක් එල්ල විය. මහඔය තරුණ එකමුතුව මගින් ‘වනසා දැමු රඹකැන්ඔයට යලි පණ දෙමු’ නමින් වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත්තේ මෙම මහා වන සංහාරයට විරෝධය පල කිරීම සඳහායි. ඒ අනුව සමාගම් විසින් කපා දැමු රඹකැන්ඔය ප්‍රදේශයේ පැල සිටුවීමේ වැඩසටහනක් ඔවුන් සංවිධානය කර ඇත.

ඒ සඳහා හෙට, දෙසැම්බර් 29 උදේ 9ට මහඔයට පැලයක් ද රැගෙන පැමිණෙන ලෙස මහඔය තරුණ එකමුතුව ආරාධනා කර සිටී.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...