මාස නමයකදී පොලීසියට එරෙහිව 1000 ඉක්මවා පැමිණිලි

ස්වාධීන පොලිස් කොමිසමට මේ වසරේ මුල් මාස 9ට පැමිණිලි 1100 ක් ලැබී ඇති බව වාර්තා වේ.

පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම, පක්ෂග්‍රාහී ලෙස විසදුම් ලබා දීම, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, පහරදීම්, වද හිංසා, කාන්තාවන්ට හිරිහැර කිරීම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බොරු චෝදනා කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බව පොලිස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා තිබේ.

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අලුතෙන් ස්වාධීන පොලිස් කොමිසම සඳහා සභිකයන් පත් කරන තුරු දැනට පවතින කොමිසම මෙම පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාකරන බව ද සඳහන් වේ.

මීට අමතරව පසුගිය වසර 05ක කාලය තුළ පොලීසියට එරෙහිව පොලිස් කොමිසම වෙත මහජන පැමිණිලි 9295ක් ලැබී ඇති බව වාර්තා වී තිබුණි. මෙම පැමිණිලි ලැබී ඇත්තේ ද නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, ව්‍යාජ චෝදනා එල්ල කිරීම්, පහරදීම්, වධ බන්ධනයට ලක් කිරීම්, පක්ෂපාති ලෙස ක්‍රියාකිරීමේ සිදුවීම්, බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ සිදුවීම් සහ රාජකාරි නිසිපරිදි ඉටු නොකිරීමේ සිදුවීම් යන ආදිය සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකරන ඩේලි මිරර් පුවත්පත පවසන්නේ දිනකදී ලංකාවේ මහා මාර්ගවල සිදුවන සිදුවීම් දෙස බැලීමේදී පොලිසිය විසින් සිදුකරන විෂමාචාර ක්‍රියා ලැබී ඇති පැමිණිලි ප්‍රමාණයට වඩා වැඩිවිය යුතු බවයි.

කෙසේ වෙතත්, පුරවැසියන්ට කෲර සැළකීම ඇතුළු විෂමාචාර සම්බන්ධයෙන් නිලධාරීන්ට නඩු පවරනු ලබන්නේ කලාතුරකින් බවත් සුළු වශයෙන් වැරදිකරුවන් වන නිලධාරීන්ට සුළු විනයානුකූල පියවර හෝ අනතුරු ඇඟවීම් ලබා දෙනු ලබන බව මෙම පුවත් වාර්තාව පෙන්වා දෙයි. පොලිස් නිලධාරීන් තමන් සිදුකරන විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් වගකීමට සිදුවෙනු ඇති බව විශ්වාස නොකරන බව ද එම වාර්තාව පවසයි.

2015 ඔක්තෝම්බර් මාසයේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජාතික පොලිස් කොමිෂන් සභාව පිහිටුවන ලද්දේ පොලීසියේ නීති විරෝධී ක්‍රියාවන්ගෙන් සහ/හෝ අකාර්යක්ෂමතාවයෙන් මහජනතාව ආරක්ෂා කිරීමේ අරමුණ පෙරදැරිවයි. ඒ වෙනුවෙන් වාර්ෂිකව වැඩි වැඩියෙන් මහජන මුදල් වැය කෙරේ. නමුත් පොලිස් කොමිසම පිහිටුවීමේ අරමුණ කොතරම් දුරට ඉටුවී ඇද්ද යන කාරණය ප්‍රශ්නයක් බව ඩේලි මිරර් පුවත්පත වැඩිදුරටත් පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...