සුද්දන්ගෙන් කළු මිනිස්සුන්ට එල්ලවන මර්දනය

Date:

හැමෝම ජෝර්ජ් ෆ්ලොයිඩ්ව පොලිස් නිලධාරීන් පිරිසක් අතින් ඝාතනය වීම ගැන කතා කරන නිසා හැමෝගෙම දැන ගැනීම පිනිස මේ කතාව කියන්න හිතුණා.

ඇමෙරිකාවේ ජීවත්වෙන අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයන්ට කරදර සිද්ධ වීම ආරම්භ වුණේ අද ඊයේ ඉඳන් නෙමෙයි. ඔවුන්ව වහලුන් ලෙස ඇමෙරිකාවට රැගෙන ආපු කාලේ ඉඳන්මයි. වහල් ක්‍රමය නැති කරලා දැම්මත් තවමත් වර්ගවාදී ගිනි දළු ඇමෙරිකාවේ දැල්වෙනවා.

1966 දී ඇමෙරිකාවේ ඕක්ලෑන්ඩ්වල පොලීසිය විසින් එහෙ ජීවත් වෙන කළු ජාතිකයන්ට දැඩි පීඩාකාරී තත්ත්වයක් ඇති කරනවා. ඔවුන්ට ජීවත් වෙන්නම අපහසු තැන සමාජය තුළින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පක්ෂයක් නිර්මාණය වෙනවා.

ඒ අනුව 1966 වසරේ දී එවකට විශ්ව විද්‍යාල සිසුන් වූ Huey P. Newton සහ Bobby Seale කියන දෙපළ එක්ව Black Panther Party නැතහොත් Black Panther Party for Self-Defense නමින් පක්ෂයක් නිර්මාණය කරනවා.

මෙම පක්ෂය ආයුධ සන්නද්ධ පක්ෂයක් වූ අතර ඔවුන්ගේ මුලික අරමුණ වුණේ කළු ජාතිකයන්ව පොලිස් මැර ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කිරීම සහ ආත්ම ආරක්ෂාව සැපයීමයි.

එමෙන්ම ඔවුන් වේගයෙන් ප්‍රබල ලෙස සමාජය තුළ පැතිරී ගිය අතර හමුදාවක් මෙන් ඔවුන් සියලු දෙනා එකට එකතු වෙනවා. සමාජ සුබ සාධන කටයුතු හා තවත් බොහෝ දේවල් ද සමාජ සුබ සිද්ධිය වෙනුවෙන් ඔවුන් නිර්මාණය කරන්නටත් කටයුතු කරනවා.

එමෙන්ම නීතියෙන් හෝ බලධාරීන්ගෙන් කළු ජාතිකයන්ට සහනයක් නොලැබෙන තැන ඒ වෙනුවෙන් සෑම අවස්ථාවකම සාකච්ඡා මාර්ගයෙන් හෝ සන්නද්ධව ඉදිරිපත් වීමට බ්ලැක් පැන්තර්වරුන් ඉදිරිපත් වුණා.

දුප්පත් පිරිස් හට උදව් කිරීම, දරුවන්ට උදෑසන ආහාර ලබා දීම, ස්වයං රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීම, කාන්තාවන්ට සහන සැලසීම වැනි බොහෝ සමාජ ක්‍රියාකාරකම් කරමින් ඇමෙරිකානු සමාජය තුළ පමණක් ලෝකය පුරාම ව්‍යාප්ත වූ සංවිධානයක් බවට බ්ලැක් පැන්තර්වරුන්ගේ පක්ෂය බලය විහිදුවා හරිනවා.

නමුත් ඇමෙරිකාවේ පාලන තන්ත්‍රය මෙම බලය යටපත් කිරීමට කළ හැකි සියලු දේ කරමින් අවසානයේ ඇමෙරිකාවේ සතුරෙක් ලෙස මෙම පක්ෂය නම් කොට FBI ආයතනය මඟින් තහනම් කරනු ලබනවා.

2018 වසරේ දී තිරගත වූ Black Panther චිත්‍රපටය අති සාර්ථක වීමට ප්‍රධානම හේතුව වුයේ ද මෙම Black Panther Party එකේ සමාජය තුළ ගොඩ නඟා තිබූ සමාජ කර්තව්‍යයයි. එමෙන්ම Black Panther චරිතය නිර්මාණය වීමටත් මෙම Black Panther පක්ෂය හේතුවක් බවට පත් වුණා.

වර්ගවාදය, ජාතිවාදය සෑම වෙලාවකම බලය තමන්ගේ යටතේ තබා ගැනීමට පාලන තන්ත්‍රයන් තමන්ගේ අවියක් බවට පත් කරගද්දී, සමාජය තුළින් ඒවාට විරුද්ධව හිස එසවෙන සෑම අවස්ථාවකම එම හිස ගසා දමන්නටද පාලන තන්ත්‍රය පියවර ගනී.

African-American ජනතාවගේ අයිතිය වෙනුවෙන් බිහි පක්ෂයක් මර්දනය කිරීම එයට කදිම උදාහරණයකි.

සංජය රණවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...