ලංකාවේ වායු දූෂණය වැඩිවීම හෘද රෝග ඉහළයාමට හේතු වෙලා

වායු දූෂණය හේතුවෙන් ලෝකයේ වෙනත් රටවල මෙන් ශ්‍රී ලංකාවේද හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ඉහළ පෙළේ හෘද රෝග විශේෂඥයන් පවසයි.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ කියා සිටියේ, “වායු දූෂණය සැලකිය යුතු පාරිසරික ගැටලුවක් ලෙස බොහෝ කලක සිට සලකනු ලැබුවද, මානව සෞඛ්‍යයට එහි බලපෑම දැන් නව පර්යේෂණ මගින් හෙළිව ඇති බවයි”

“එබැවින්, වායු දූෂණය හෘද රෝග වර්ධනය වීමේ ප්‍රධාන අවදානම් සාධකයක් ලෙස හඳුනාගෙන ඇත,” ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ වායු දූෂණය ඉහළ යමින් පවතින බැවින් වායු දූෂණය හා සම්බන්ධ රෝග වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත පියවරයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව පැවසූ වෛද්‍ය පතිරණ හෘද රෝගීන් වායු දූෂණයට නිරාවරණය වීමෙන් වැළකී සිටිය යුතු බව පැවසීය.

ඊට අමතරව, “වායු දූෂණය හෘද රෝගවලින් පෙළෙන රෝගීන්ට පමණක් නොව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව, පිළිකා රෝග සහ නිදන්ගත පෙනහළු රෝග වැනි බෝ නොවන රෝගවලටද බලපානවා.”

වායු දූෂණය යනු වායුගෝලයේ ස්වභාවික ලක්ෂණ වෙනස් කරන ඕනෑම රසායනික, භෞතික හෝ ජීව විද්‍යාත්මක කාරකයක් මඟින් ගෘහස්ථ හෝ එළිමහන් පරිසරය දූෂණය වීමයි. WHO දත්ත වලට අනුව, සමස්ත ගෝලීය ජනගහනය (99%) පාහේ නිර්දේශිත මට්ටමට වඩා වැඩි වායු දූෂණ මට්ටම් වලට නිරාවරණය වේ.

 

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...