එසේ කීවේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් ගම්මානයක් සුන්බුන් වූ පසු මාධ්‍ය හමුවකට එක්වූ Blatten නගරාධිපති මතියාස් බෙල්වෝල්ඩ්.
ස්විට්සර්ලන්තයේ බ්ලැටන් කඳුකර ගම්මානයේ ග්ලැසියරය කඩා වැටීමෙන් පසු , අනතුර දායක තත්වය තවමත් එසේම පවතී. කන්දකින් ග්ලැසියරයක විශාල කොටස් කැඩී ගොස් බ්ලැටන් ගම්මානයේ කොටස් සුන්බුන් සහ අයිෂ් ගොඩවල්වලින් වැසී ගියේය.
දැවැන්ත ග්ලැසියර කඩා වැටීම හේතුවෙන්, ලොන්සා ගඟ සහ ගිසෙන්ටෙලා ගම්මාන ඇළ අවහිරවීමෙන් විලක් සෑදීමට පටන් ගෙන තිබේ. එසේ ඒකරාශී වන ජල ප්‍රවාහය කෙසේ වර්ධනය වේදැයි දැනට ඇස්තමේන්තු කළ නොහැකි තත්වයක් තුල ආරක්ෂක පියවරක් ලෙස ,බලධාරීන් දැනටමත් ගඟ අසල ජීවත් වන වයිලර් සහ කිපල් ප්‍රජාවන්හි පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් ඇත.
කඩා වැටුනු පාෂාණ සහ අයිෂ් මිශ්‍රණය මීටර් කිහිපයක් උසින් කිලෝමීටර දෙකක දිගකින් සහ මීටර් 200 ක පළලකින් විහිදී ගොස් තිබේ.
සිදුවිය හැකි අනතුර කලින් හදුනාගෙන තිබූ නිසා නිවාස තුන්සීයයක පමන පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත්කර තිබුනී.
කෙසේ වෙතත් එක් පුද්ගලයකු අතුරුදහන් වී ඇතැයි පැවසේ.
යුරෝපයට දේශගුණික විපර්යාසවල බලපෑම් වඩ වඩාත් පැහැදිලිව දැනෙමින් තිබේ.
මේ කතාව ස්වීට්සර්ලන්තයේ සුංදරත්වය , පිරිසිදු කම ගැන බොහෝ දෙනෙකු ඉහලින් කතාකලද , එය අර්ධ සත්‍යයක් බව පැහැදිළි කිරීම පිනිසය
ස්වීට්සර්ලන්තය වර්ග කිලෝමිටර් 41000 කට ආසන්න කුඩා රටකි. වැඩි භූමි ප්‍රමාණයක් කදු වෙයි.
සැබැවින්ම බැලූ බැල්මට ස්වීට්සර්ලන්තයය සුංදරය , යුරෝපයේ සෙසු නගර සහ සංසන්දනය කරන විට පිරිසිදුය. ගම්මාන පවා සුංදරව පෙනෙයි. කැලැව සේම ගොවි බිම්ද පිලිවලට නඩත්තුකරයි. ගොවියන්ට රජයෙන් ලැබෙන සහනාධාර එය දිරිමත් කරයි. එයින් ගොවි නිශ්පාදන කිරි, කිරි ආශ්‍රිත නිෂ්පාදන මිල ඉතා පහල අගයක පවත්වාගෙන යැමට හැකිවී ඇත්තේ ඒ නිසාවෙන් ය.
අත්‍යාවශ්‍ය ආහාර හී මිල ස්ථාවර මට්ටමක පවතී. තමන්ගේ ආදායමේ හැටියට තෝරා ගැනීම් කලහැකිවේ. උදාහරණයක් ලෙස 500 g පාන් ගෙඩියක මිල 2009 වර්ෂයේදී ෆ්‍රැන්ක් එකයි රාපන පහක් වූ අතර 2025 දී ෆ්‍රැන්ක් එකයි රාපන් විස්සකි. එය හරියට අවුරුදු 16 කින් මිල ඉහල ගොස් ඇත්තේ ශත 15 කිනි.
- ඊට සාපේක්ෂව ගෙවල්කුලී සහ සෞඛ්‍ය ආරක්ෂණයනම් දරාගත නොහැකි ලෙස ඉහල ගොස් ඇති බව සදහන් කල යුතුය. ඔරොත්තු නොදෙන ගෙවල් කුලී නිසා පාරට වැටෙන ජනයා වැඩි වෙමින් පවතී(obdachlos )එසේම දහස් ගනන් ජනයා නිවාස අහිමිවීමේ අවදානමක සිටී.එය වෙනම සාකච්චා කලයුතු කරුණකි.
තත්වය එසේ වුවත් යුරෝපයේ සෙසු රටවලට සාපේක්ෂව ස්විට්සර්ලන්තය පරිසර සංරක්ෂණයට අදාලව ප්‍රමිතින් නීතීන් ක්‍රියාවට නැගීමට අසමත්ව ඇතැයි ස්විස් පරිසර ක්‍රියාකාරීන් චෝදනා කරයි.
එසේම ලෝකයේ බරපතල පරිසර දූෂණයන් සහ මානව හිමිකම් කඩකරන බහුජාතීක සමාගම් ස්විට්සර්ලන්තය මූලස්ථානය කරගෙන ක්‍රියාත්මක වෙයි.
ඒ නිසාම ස්විස් පරිසර සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් ” ස්විට්සර්ලන්තය මූලස්ථානය කරගත් බහුජාතීක සමාගම් විදේශයන්හී සිදුකරන මානව හිමිකම් කඩකිරීම් සහ පරිසර විනාශයන්ට එරෙහී ව නීතී ගෙන ඒමට පෙඩරල් ආන්ඩුවට බලකර ජන මත විමසුමක් ද කැදවීමට ක්‍රියා කලේය .
එය Konzernverantwortungsinitiative ලෙස හැදීන්වීය පැවති ජන මත විමසීමේදී 50.7% ජනතාවක් ඊට පක්ෂව ඡන්දය දී වැඩි ජනතා කැමැත්තක් ලැබුනද එය නීතීයක් ලෙස ගෙන ඒමට බහුතර ප්‍රාන්ත ප්‍රමාණයක් කැමැත්ත නොලැබිනි.
කෙසේවෙතත් ස්වීට්සර්ලන්තයේ බහුජාතික සමාගම් සහ දක්ෂිණාංශික දේශපාලන පක්ෂ ජන මනස වෙනස් කිරීමට දැරූ බරපතල උත්සාහයන් පරාජය කර බහුතර ජනතාවක් දිනා ගැනීමට එම චංදයේදී මෙහි වාමාංශික ප්‍රගතිශීලී ජනයාට හැකිවුනි.
පරිසරය රැකගැනීමට පැමිණි ස්විස් ජේෂ්ඨ පුරවැසි කතුන්…
ස්වීට්සර්ලන්තයේ ජීවත්වන වැඩිහිටි කාන්තාවන් සංවිධානය වී ස්විස් පෙඩරල් ආන්ඩුවට එරෙහීව යුරෝපා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කර කියා සිටියේ ” පරිසර සංරක්ෂණ ප්‍රමිතීන් අනුව කටයුතු කිරීමට ස්වීට්සර්ලන්තයට නියෝගයක් පනවන ලෙසය “
“කිලීමා සිංඥා්රීන් “ලෙස ඔවුන් තමන්ව හදුන්වයි.
යුරෝපා මානව හිමිකම් කොමිෂම ස්වීට්සර්ලන්තයට එරෙහිව දුන් නියෝගය ස්විස් ජේෂ්ඨ කාන්තාවන් ලද ඓතිහාසික ජයක් වීය.
මිහිමව සුරැකීම දේශසීමා, මහාද්වීප බේදයකින් තොර සැමගේ වගකීමක්වේ. එහෙත් පරිසරයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය එක අංශකයින් අඩු කිරීමේ සම්මුතියකට ඒමට පවා ලෝක බලවතුන් අසමත්වී තිබේ. එහි අනිටු ප්‍රතිථල භේදයකින් තොරව භුක්තිවිඳීමට සිදුවන බව ලාබය සහ බලය ගැන පමනක් ප්‍රමුඛ කරගත් ඇමරිකාව , බටහි ර ඇතුළු ලෝක බලවතුන් තේරුම් ගැනීමට තවමත් නොහැකි වී තිබේ.
සරත් මද්දුමාගේ-Sarath Maddumage