ගුවන්තොටුපලේ – රට පුරා අහඹු ලෙස කරන පී.සී.ආර්. නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශය යළිත් කොරෝනා රැල්ලකට අත වනයි

නැවත වරක් කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළ යාමේ අවදානමක් පවතින බවත්, එහි වගකීම අහඹු ලෙස කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ නතර කළ, ගුවන්තොටුපලේදී මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ නතර කළ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු මාර්ගෝපදේශ නිකුත් කරන සියලුම විශේෂඥයින් වග කිව යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් පවසයි.

පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණාගාර දෙකක් තිබියදී රටට ඇතුළුවන ගුවන් මගීන් පරීක්ෂාව අතහැර ඇත්තේ දේශපාලඥයින්ගේ උවමනාව අනුව කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්ගේ අදහස් අනුව යැයිද ඔහු චෝදනා කරයි.

ඒ අතරම පරිත්‍යාග ලෙස ලැබී ඇති ජංගම පී.සී.ආර්. රසායනාගාර භාවිතා කරමින් පරීක්ෂණ පවත්වමින් යළිත් කොරෝනා රැුල්ලක් ඇතිවීම ගැන කල් ඇතිව තීරණ ගැනීමට හැකියාව තිබියදී ඒ ගැන කිසිදු පියවරක් නොගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්චකම නිසා බවද ඔහු අවධාරණය කරයි.

වසංගතයට නැවත හිස එසවීමට අවස්ථාව ලබා නොදී රෝගය පාලනය කිරිම සදහා අවශ්‍ය පියවර ගත යුතු බවද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...