ගුවන්තොටුපලේ – රට පුරා අහඹු ලෙස කරන පී.සී.ආර්. නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශය යළිත් කොරෝනා රැල්ලකට අත වනයි

නැවත වරක් කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළ යාමේ අවදානමක් පවතින බවත්, එහි වගකීම අහඹු ලෙස කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ නතර කළ, ගුවන්තොටුපලේදී මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ නතර කළ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු මාර්ගෝපදේශ නිකුත් කරන සියලුම විශේෂඥයින් වග කිව යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් පවසයි.

පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණාගාර දෙකක් තිබියදී රටට ඇතුළුවන ගුවන් මගීන් පරීක්ෂාව අතහැර ඇත්තේ දේශපාලඥයින්ගේ උවමනාව අනුව කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්ගේ අදහස් අනුව යැයිද ඔහු චෝදනා කරයි.

ඒ අතරම පරිත්‍යාග ලෙස ලැබී ඇති ජංගම පී.සී.ආර්. රසායනාගාර භාවිතා කරමින් පරීක්ෂණ පවත්වමින් යළිත් කොරෝනා රැුල්ලක් ඇතිවීම ගැන කල් ඇතිව තීරණ ගැනීමට හැකියාව තිබියදී ඒ ගැන කිසිදු පියවරක් නොගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්චකම නිසා බවද ඔහු අවධාරණය කරයි.

වසංගතයට නැවත හිස එසවීමට අවස්ථාව ලබා නොදී රෝගය පාලනය කිරිම සදහා අවශ්‍ය පියවර ගත යුතු බවද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...