යුරෝ 2.50  කින් විවෘත කළ අධිවේගී පිවිසුම

Date:

මේ ඡායාරූපය අරන් තියෙන්නේ ඉතාලියේ  අධිවේගී මාර්ගයක ට ඇතුල්වී පිටවීම සඳහා පිවිසුමක් නිර්මාණය කර, ඊයේ දිනයේ දී එය විවෘත කරන අවස්ථාවක්. මේ පිවිසුම හදන්න  වැය වී තිබෙන මුදල යුරෝ  230 000 . ආසන්න මුදලකි.  මේ පිවිසුම  හදන්න මාස විසි තුනක කාලයක් ගත වෙලා තියෙනවා .

මෙය සැලකිය යුතු මුදලක් වැය කරමින් කරපු නිර්මාණයක්, ේශපාලන වශයෙන් ප්‍රාදේශීය සභාවේ බලය පවතින කණ්ඩායමට තමන්ට වාසියක් අත්පත් කර ගැනීම සඳහා මෙය මොන නම් පාවිච්චි කරන්න තිබුණා  අපේ රටේ දේශපාලකයන් කල්පනා කරන ආකාරයට හිතුවනම් . ඉදිකිරීම් මුල්ගල් තැබීමේ සිට  යමක් ගොඩනඟා එය විවෘත කිරීම දක්වා  ම ඉදිකිරීමෙන් ලංකාවේ දේශපාලකයන් තමන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීමට විවිධ අවස්ථාවලදී ජනතාවගේ මුදල් නාස්ති කරමින් තමන්ගේ නම බෝඩ් ලෑලි වල ගසා ගනිමින් විශාල මුදල් අවභාවිතයක් කරනු ලබනවා.

ඉදිකිරීම නිමකර විවෘත කිරීම  සඳහා මෙතැනදී වැයවන්නේ පිත්ත පටියට වැය වූ මුදල පමණයි. මෙහිදී අමාත්‍යවරුන් පිළිබඳ කිසිම සදහනක් නැහැ .  මුදල් වෙන් කළ අමාත්‍යංශය පිළිබඳව සඳහනක් නැහැ.  විශාල ජන ඒකරාශී කිරීම් කරමින් දේශපාල වාසි ලබා ගැනීම් සිදු වී නොමැත.මේ  මොහොතේ ප්‍රාදේශීය සභාවේ බලය හොබවන කණ්ඩායමේ  කීපදෙනෙක් ඉංජිනේරුවන් සහ  නගර සභාව නියෝජනය කරන නියෝජිතයන් කිහිප දෙනෙක් පමණයි මෙහි පෙනී සිටින්නේ.  මේ අය අතුරින් දෙදෙනෙක් තමයි පීත්ත පටිය  අල්ලන් ඉන්නේ  නගරාධිපතිවරයා  එය කපා පාර විවෘත කරනවා එකම ෆොටෝ එකයි තියෙන්නෙත්.

 අපේ මාර්තු භූමිය ආරක්ෂා කරන පීතෘ රැකවරණය තිබෙන්නේ මහමුහුදේන්.  එහෙත් අද අපි මේ කතා කරන, මේක ලියන මොහොත වන විට ඒ ආරක්ෂක වැට  පටු දේශපාලන අරමුණු වෙනුවෙන්  කළ තවත් විනාශයක් හේතුවෙන් දූෂණය වෙමින් පවතිනවා.  මේ අති දැවැන්ත විනාශයන් හමුවේ  පැනනගින විශාල ම පැනය තමයි  ජනතාව කෙසේද මේ තරම්ම ඉවසිලිවන්ත ව සිටින්නේ කියන එක.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...