අභ්‍යාසලාභී උපාධිධාරීන් හෙට සිට විරෝධතාවයේ

2019 වසරේ බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 14283ක් ස්ථිර නොකිරීම සම්බන්ධයෙන් පළාත් සභා ඉදිරිපිට නිහඩ විරෝධතා මාලාවක් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබේ .

පුහුණුව ලත් පිරිස දැනට පුහුණුව අවසන්ව මාස 4ක් ගතව ඇත. නමුත් ස්ථිර කරන දිනය සම්බන්ධයෙන් මේ වනවිටත් තීරණයක් ගෙන නොමැති අතර ස්ථිර කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීමට ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණ මාලාවක් පහත දිනවල සිදු කරන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි .

නොවැම්බර් 30 – උදේ 10.00 ට වයඹ පළාත් සභාව ඉදිරිපිට – කුරුණෑගල
දෙසැම්බර් 01 – උදේ 10.00 ට සබරගමු පළාත් සභාව ඉදිරිපිට – රත්නපුර
දෙසැම්බර් 02 – උදේ 10.00 ට උතුරුමැද පළාත් සභාව ඉදිරිපිට – අනුරාධපුර
දෙසැම්බර් 03 – උදේ 10.00 ට ඌව පළාත් සභාව ඉදිරිපිට – බදුල්ල
දෙසැම්බර් 08 – උදේ 10.00 ට දකුණ පළාත් සභාව ඉදිරිපිට – ගාල්ල
දෙසැම්බර් 10 – උදේ 10.00 ට වයඹ පළාත් සභාව ඉදිරිපිට – පැලවත්ත (කොළඹ)
දෙසැම්බර් 14 – උදේ 10.00 ට නැගෙනහිර පළාත් සභාව ඉදිරිපිට – ති‍්‍රකුණාමලය
දෙසැම්බර් 15 – උදේ 10.00 ට උතුර පළාත් සභාව ඉදිරිපිට – යාපනය

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...