සිංහරාජ අඩවියේ අනාගත ඉරණම

ආර්ථික වාසි සඳහා වැසි වනාන්තර විනාශ කිරීම පුනරුදයේ සිතුවමක් ආහාර පිසීමට පිළිස්සීම හා සමාන බව ආචාර්ය ඊ. ඕ. විල්සන් සඳහන් කරයි.

වැසි වනාන්තර ගැන කතා කිරීමේ දී අපට පළමු ව මතකයට නැගෙන්නේ සිංහරාජය පිළිබඳ ව ය. දකුණු ඇමෙරිකානුවන්ට ඇමසන් වනාන්තරය මෙන් ම ශ්‍රී ලාංකිකයන්ට සිංහරාජය පිළිබඳ ව ඇත්තේ මහත් අභිමානයකි. ඊට හේතුව මෙම වනාන්තරවල පවතින අද්විතීය ජෛව විවිධත්වය හා ඒ මත ගොඩනැගී ඇති සමාජ ආර්ථික හා සංස්කෘතිකමය තත්ත්වයන් ය. නමුත් ඇමසන් වනය මුහුණ දී ඇති දේශපාලනික ඛේදවාචකයට ඒ අයුරින් ම සිංහරාජය ද මුහුණ දී තිබේ. වෙනසකට ඇත්තේ බ්‍රසීලයේ, බොලිවියාවේ හා වෙනිසියුලාවේ රාජ්‍ය නායකයන් ජනතාව හා එක් ව ඇමසන් වනය විනාශ කරන සමාගම්වලට එරෙහිව සටන් කරද්දී මෙරට රජය සිංහරාජ වනය සමාගම් ග්‍රහණයට නතු කිරීමට ජනතාවට එරෙහිව සටන් කිරීම ය. ඒ පිළිබඳ දීර්ඝ විවරණයක් ඉදිරිපත් කිරීමට මේ පොතෙන් උත්සාහ දරා ඇත.

මෙම පොත තුළින් වැසි වනාන්තර ආරක්ෂා කිරීමට පුළුල් මතවාදයක් ගොඩනැගීමට ද උත්සාහ දරනු ඇත.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ (MONLAR) රාජගිරියේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් මෙම පොත ලබා ගැනීමට හැකියාව ඇත. ඒ සඳහා 0112870369 දුරකතන අංකයෙන් විමසන්න.

 

Share post:

Popular

වෙනත් පුවත්

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...