Breaking News

තොණ්ඩමන් යන්න ගියේ උන්ගේ රෙදි ගලවාගෙනය 

හිල්මි සුපුන් 

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා ප්‍රජා සවිබල ගැන්වීම්  සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය වරයාව සිටි  අරුමුගම් තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද දින සිදු කරනු ලැබුවා.  දින 6 ක කාලයක් තුල ප්‍රදේශ 5කට තොන්ඩමන්ගේ මිනිය අරගෙන ගිහින්  දේශපාලන වාසි ලබාගන්න තොණ්ඩමන්ගේ පක්ෂයත් බලය හොබවන අනෙකුත් දේශපාලන පක්ෂත්  අපූරු නාටකයක් රඟ පෑවා. සාමාන්‍ය  පුද්ගලයෙක් මුක  ආවරණය පොඩ්ඩක් එහාට මෙහාට කරගෙන සිටියොත් කැමරා  උස්සගෙන ගිහින් ඒක පෙන්නලා ඒ මිනිහව අපහසුතාවයට පත්කරමින් පුවත්  නිර්මාණය කරමින් නීතියේ දිග පළල කියපු   හමුදාපති මාධ්‍ය ප්‍රකාශකත්  පොලිස්ලි  මාධ්‍ය ප්‍රකාශකයාවත් පහුගිය දවස් වල අපට දකින්න ලැබුනේ නැහැ .

සමහර රූපවාහිනී නාලිකා මේ දවස් වලෝ covid-19  ව්‍යාප්තිය පිළිබඳව අතගාගෙන ගියා මිසක් කතා කරේ නැහැ, නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් අල්මරුන කතා කිවුවා මිසක් වෙනදා වගේ  පුළුල් විදිහට කතාබහ කරන්න ඉඩකඩ වෙන් කර ගත්තෙත් නෑ. අද මැයි 31 වෙනිදා  තොණ්ඩමන්ගේ අවසන් කටයුතු සිද්ධ කළා. මේ අවමඟුලට සහභාගි වෙන්න අවසර දීලා තිබුණේ නිරෝධායන ක්‍රියාවලියට යටත්ව දෙසීයකට පමණක්ලු .

දැන් අපි අවධානය යොමු කරමු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා අද මාධ්‍යයට කියලා තිබුණු ප්‍රකාශයට, ඔහු මෙහෙම කියනවා….

තොණ්ඩමන්ගේ අවසන් කටයුතු සිදුවුණු ආකාරය අනුව යම් හෙයකින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වුනොත් තොණ්ඩමන්ගේ පවුලේ අයට එරෙහිව නඩු පවරනවා තියනවා.ඊට හේතුව තමයිි රෝධායන නීති රීති කඩ කරමින් මේ අවමංගල්‍ය කටයුතු සිද්ධ කිරීම. තොන්ඩමන්ගේ මිනිය ප්‍රදේශ  පහකට අරගෙන යෑම. ඔහු කියන ආකාරයට මේක නරක පූර්වාදර්ශයක්.  රෝධායන නීති කඩ කිරීම, ජනතාව ඒකරාශි කිරීම, වගේම මිනිය වටේ අරන් යැම නාඩගමක්. ඉතින් ඒ නිසා මේ මළගම හේතු කරගෙන කෝරෝනා වෛරස ව්‍යාප්තියක් සිද්ධ වුනොත් දැඩි නීතිරීති ක්‍රියාත්මක කරමින් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසා සිටියා . ඒක බොහොම හොඳයි.

දැන් අපි මඳක් විමසා බලමු මේ කියන කතාව ඇත්තක්ද කියලා , මලගෙදරට පොදු ජනතාව මෙන්ම මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු ගොඩක් ඉන්නව. තොන්ඩමන්ගේ මිනිය ප්‍රදේශ  පහකට අරගෙන යන්න  පහසුකම් සැපයුවේ කවුද? තොන්ඩමන්ට හෙලිකොප්ටර් නෑනේ එතකොට ඒව සැපයූවේ ආණ්ඩුව. අද දිනේ හමුදා පොලිස් ආරක්ෂාව යටතේ අවමඟුල් පෙරහැර කරන්න පහසුකම් සැපයුවේ කවුද? තොන්ඩමන්ගේ පවුලට හමුදාවක් පොලීසියක් නෑනේ ඒවා සැපයූවේ ආණ්ඩුව. මෙතුවක් කල් දේශපාලනය තුළ නො දැක තිබුණු තොණ්ඩමන්ගේ පුතාව පඹයෙක් කරමින් මේ මල මිනියත් එක්ක වටේ අරගෙන යන්න අනුබල දුන්නේ කවුද? වත්මන් පාලකයෝ ඇතුළු මේ තක්කඩි දේශපාලනය ඉදිරි මැතිවරණ වාසි ලබා ගැනීම සඳහා. මේ කියන තොන්ඩමන්ගේ පුතා කටවුට් එකක් වගේ අත් දෙක වැද වහනයක නැගී ජනතාවට ආචාර කරමින් යන තැනට ඉඩකඩ සැලැස්සුවේ කවුද? මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ වත්මන් ආණ්ඩුව නෙවෙයිද? .

යම් විදිහකට කවුරුහරි කියනවා නම් ක්‍රියාවලිය සිද්ධ වුණේ තොන්ඩමන්ගේ පවුලේ අයගේ වුවමනාවට  බලහත්කාරයෙන් කියලා එහෙම කියන අය හිතන් ඉන්නවා වෙන්න පුළුවන් රටේ ඉන්නේ  හරක් කියලා.

අද තොණ්ඩමන්ගේ අවසන් දවසේ මහින්ද රාජපක්ෂගේ කතාවෙනුත්  කියවුනේ වතු කම්කරු ජනතාවගේ දහඩිය ලේ විකුණලා තමන්ගේ පැවැත්ම සාදාගත් තොන්ඩමන්ගේ දේශපාලනයට වසි  වෙන කතා දැන් අවසාන වශයෙන්තු කම්කරුවන්ගේ සහ වැඩි කිරීමේ ප්‍රශ්නය ගැන කතා කරා කියලා මහින්ද කියනවා.තවදුරටත් ඒ දහ ගැන කතා කරන්න දෙයක් නෑදෙන්ඩ විතරයි තියෙන්නේ,

අපි මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාට යෝජනා කරනවා යම් විදිහකින් ඔය  කියන ප්‍රදේශවල මේ මළගමට සහභාගි වෙච්ච අයට කොරෝනා වෛරසය වැළඳුණොත් ඒකෙ ව්‍යාප්තිය වර්ධනය වුණොත් සාමාන්‍ය පොදු ජනතාවට නඩු දාන්න කලින් කරුණාකරලා මේ දේශපාලන තක්කඩි ටික අල්ලගන්න.

හිල්මි සුපුන්

leave a reply