Breaking News

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය මතින් පුපුරා ගියේ ඇමරිකානු ජනතාවගේ වර්ණ වදයට එරෙහි පීඩනය පමණක් නෙවෙයි

සමන්සිරි හේරත්

කොරෝනා ව්‍යාප්තියේ වගකීමෙන් වැඩිම පංගුව ඩොනල්ඩ් ට්‍රම්ප් බාරගත යුතු බවට ඇමරිකානු ජනතාව අතර ගොඩනැගෙමින් තිබුණු විරෝධය පුපුරා එළියට ඒමට මං නැතිව තිබුනු මොහොතක, පසුගිය විසි පස්වෙනිදා ඇමරිකානු පොලිසිය අතින් පීඩාවට ලක් වී මිය ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය විසින් දොරටු විවර කර තිබෙනවා.

ජාතිවාදයට එරෙහිව ගොඩනැගෙන විරෝධය මර්ධනය කරන්න බලය පාවිච්චි කරන අතර විරෝධය මර්ධනය මතින් තීව්‍ර වෙමින් තිබෙනවා. නගර ගණනාවක ම ඇවිල යන මෙම විරෝධය මර්ධනය කිරීම සඳහා පොලිසිය විවිධ ක්‍රියාමාර්ග ගත් අතර එම ක්‍රියාමාර්ග හේතුවෙන් විරෝධතාවය ප්‍රචණ්ඩකාරී වීමට බලපාල තිබෙනවා. පුද්ගලයන් 2500 වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් අයට එරෙහිව ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම, සොරකම් කිරීම හා හානි කිරීම වැනි අපරාධ චෝදනා එල්ල වී තිබේ.

විරෝධය මැඩ පැවැත්වීම සඳහා හමුදා බලය යෙදවීමට සිදුවෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත්  වෙඩිතැබීම් වුවද සිදු කිරීම කළ හැකි බවත් විරෝධතාකරුවන් ප්‍රකෝප කිරීම සඳහා ඉවහල් වු තවත් කරුණක් .

කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භයත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනතුරු අඟවමින් චෝදනා කරමින් ඉන්න අතරතුර රට තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිසි පියවර ගත්තේ නැහැයි කියන විවේචනය ඇමරිකානු ජනතාව තුළින් ට්‍රම්ප් ඇතුළු රජය වෙත එල්ල වෙමින් තිබුණා. අද දින වන විට කොරෝනා රෝගීන් ගණන18 040 000 ඉක්මවා තිබෙන අතර මරණ එ10 7 000 කට වැඩියි .ඇමෙරිකාවේ සෞඛ්‍ය පෞද්ගලිකකරණය කිරීම තුළ දුප්පතුන් අවශ්‍ය ප්‍රතිකාර කර ගැනීමට නොහැකිව මියයෑම සිදුවුණු අතර එය සමාජය කම්පනය කිරීමට ඉවහල් වූ කරුණක්. කොරෝනා වෛරස ව්‍යාප්ත කාලය තුළ මධ්‍යම පාන්තික පීඩනය ඉහළ යෑම, විරැකියාව උත්සන්න වීම,දරා ගත නොහැකි තත්ත්වයකට පත්වී තිබුණු අතර ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයමේ සියළු පීඩනයන්එළියට අරගෙන ඒමට මග පාදනු ලැබුවා. විරැකියාව 20% කින් වැඩිවෙලා සහ රැකියා අහිමිවූ හෝ වැටුප් කප්පාදු කළ කම්කරුවන් මිලියන 50 වැඩියි .අද ඇමරිකානුවන්ගේ වැඩි පිරිසක් ඉන්නේ බලාපොරොත්තු සුන් වූතැනකයි.

මේ පවතින තත්ත්වය සමනයට පත් වීමේ කාලය පිළිබඳව කාටවත් මදහසක් නැහැ. කඩා වැටුණු ජන ජීවිත නැවත නගා සිටුවන්නට ට්‍රම්ප් ඇතුළු කණ්ඩායම ගන්න පියවරක් පෙනෙන්න නැහැ..මෙ විරෝධතාවයක පාරටම පැනනැගුනු එකකුත් නෙමෙයි.පසුගිය කාලය තුළ විටින් විට ටිකෙන් ටික විරෝධතාවය මතු වුණත් කොරෝනා වෛරස තත්වය හේතුවෙන් එය යට ගසා ගැනීමට ජනතාවට බල කර තිබුණා.

බොහෝ විට මේ ජනතා නැගිටීම ට්‍රම්ප්ගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට මග පාදනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

 

leave a reply