අධික උෂ්ණත්වය නිසා එප්පාවලින් තෙවැනි මරණයත් වාර්ථා වෙයි…

පවතින අධික උෂ්ණය නිසා තාප කම්පනයට පත්වීමෙන් මිය ගිය බවට සැක කරන තෙවන මරණයත් එප්පාවලින් අද (26) වාර්ථා විය.

අද (26) පස්වරුවේ, මෙම මරණය සිදුව ඇත.මෙලෙස මරණයට පත්ව ඇත්තේ එප්පාවල, මැඩියාව, යාය 02 ප්‍රදේශයේ පදිංචි යූ.බී දිසානායක නම් අසූ එක් හැවිරිදි තිදරු පියෙකි.

යූ.බී දිසානායක මහතා අද(26) සුපුරුදු පරිදී තමන් පදිංචි නිවසේ සිට නිවස පිටුපස කුඹුර වෙත පෙරවරු 11.00 ට පමණ ගොස් නැවත නොපැමිණීම හේතුවෙන් පස්වරු 2.00 ට පමණ ඔහුගේ පුතු ඒ පිළිබඳව සොයා බැලීමේදී ඔහු කුඹුරේ ලියද්දක් මත වැටී සිට ඇති අතර, ඔහුගේ ශරීරයේ ඒ වන විටත් අධික උෂ්ණත්වය හේතුවෙන් දිය බිබිළි ශරීරය ස්ථාන කීපයක මතු වී ඔහුගේ ශරීරයේ හම ගැලවී ගොස් තිබී ඇත.ඔහුව කඩිනමින් එප්පාවල රජයේ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මිය ගිය යූ.බී දිසානායක මහතාගේ දේහයේ ස්ථාන කීපයකම හම ගැලවී තිබෙන අයුරුද දැක ගත හැකි විය.ඔහු සුපුරුදු පරිදී නිවස පිටුපස පිහිටි කුඹුරේ සිය පුතු හා දියණිය ගොවිතැන් කටයුතු කරන අයුරු බලාගෙන සිටීමට පැමිණෙන බවත් ඒ අවස්ථාවේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පවුලේ ඥාතීන් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යූ.බී දිසානායක මහතාගේ පුතු කියා සිටියේ,
මමත් වෙලේ වැඩ කර කර හිටියේ, තාත්තාට අමාරුවක් තිබුණේ නෑ, තාත්තා උදේට කාලා ගෙදරට වෙලා හිටියේ, මම 11 ට විතර ගෙදර එද්දී තාත්තා හිටියා ගෙදර, මම සමිතියට ගිහින් ආයෙත් ඇවිත් වෙලට ගිහින් වැඩ කරලා ආවා.තාත්තා ගෙදර හිටියේ නෑ. ඊට පස්සේ මම තාත්තා නැති නිසා හැම තැනම බැලුවා.වෙලට ගිහින් බලන කොට තාත්තා වෙලේ වැටිලා හිටියා.මම තාත්තා උස්සගෙන ආවා.ඒ වෙලාවේ තද අව්ව තිබ්බා.අව්ව සැර නිසා තාත්තා ක්ලාන්ත වෙන්න ඇති.කරේ තියාගෙන එද්දී තාත්තාගේ ඇගේ දිය පට්ට තිබුනේ නෑ, ගෙදරට එද්දි දිය පට්ට ඇවිල්ලා.අව්ව නිසා තමයි එහෙම වෙලා තිබුණේ.තාත්තා වෙලට යන්නේ අක්කා හරි මම හරි වෙලේ වැඩ කරන ඒවා බලන්න.තාත්තාට වෙන අසනීප නෑ, තාත්තාට ක්ලාන්ත කැරකිල්ල ගතිය විතරයි තිබුණේ. අව්ව සැරේ යන්න ඇත්තේ තාත්තා.මං දැක්කා නම් ඔහොම වෙන්නේ නෑ.යැයි පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණ සිදු කරන අතර, මිය ගිය පුද්ගලයාගේ දේහය එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

පසුගිය දින 10 තුළදීද එප්පාවල ප්‍රදේශයෙන් මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්ත්වයට පත්ව පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබිණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 34 හා 38 හැවිරිදි වියේ පසුවන එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
අප්‍රේල් මස 16 වැනි දින අවුරුදු උත්සවය කඹ ඇදීමේ තරඟයෙන් තෙහෙට්ටුවට පත්ව අයිස් වතුර හිසට වත් කර ගැනීමෙන් එප්පාවල , පහළ සියඹලෑව පදිංචි ඒ.ආර්.එස් අතුල ධම්මික නම් අයෙකු මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අප්‍රේල් මස 18 වැනි දින එල්.ජී ගාමිණි විජේසිංහ මහතා තම කුඹුරේ තණකොළ කැපීමට ගොස් අව්රශ්මියේ සිට දිය නෑමෙන් පසුව මියගොස් තිබිණි.එම මරණ දෙක සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්වයකට පත්ව එම මරණ සිදුව ඇති බවයි.ඒ අනුව අද (26) සිදු වූ මරණය පවතින අධික උෂ්ණය නිසා තාප කම්පනයට පත්වීමෙන් මිය ගිය බවට සැක කරන තෙවන මරණයයි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...