Breaking News

මෙි ‍‍මොහොතේ පෘතුවියේ අන්ත අසරණම ඡීවියා කවුදැයි යමෙක් ඇසුවහොත් මා පෙන්වන්නේ රොහින්ගියානු මිනිසෙක්වය

උපාලි ජයසිංහ

ඉන්දියාවෙි බෙංගාලයේ සිය ඡිවිකාව ගෙනගිය රොහිංගියානු මිනිසුන් ඉන් උදුරා බුරුමයේ පැල කරීම මෙි ඛෙිදවාචකයේ ආරමිභය ලෙස ගත හැකිය. එහි ගෞරවය එවකට ඉන්දියාව මෙන්ම බුරුමයද පාලනය කල බ්‍රිතාන්‍ය අධිරාඡ්‍යයට හිමිවිය යුතුය. ඔවුහු සිය කෙත්වතුවල හා කර්මාන්ත ශාලාවල වැඩකිරීමට ලාබ ශ්‍රමය සොයමින් සිටි කාලයයි එය. හරියට ලංකාවෙි තේවතුවලට ඉන්දියානුවන් ගෙනාවාක් මෙන්. ඉන්ග්‍රීසින් බුරුමය හැර යනවිට ඔවුන් එරටට ගෙන ආ මිනිසුන්ට කුමක් කරන්නේදැයි සිතීම ඔවුන්ගේ ප්‍රශ්නයක් නොවීය. මෙි කතාකරන්නේ 1885 ත් 1937 දක්වාත් කාලය තුල බ්‍රිතාන්‍යයන් ශ්‍රමිකයන් ලෙස බුරැමයට ගෙන ආ රොගිංගියානුවන් ගැනය. එසේ ගෙන ආ සියලු රොහිංගියානුවන් බුරුමයේ අර්කාන් කලාපය කේන්ද්‍රෙකාට ඡීවත් වු අතර බුරුමයේ බහුතරයක් ඇදහූ බුද්ධාගමෙන් සපුරා වෙනස් ලෙස රොහිංගියානුවෝ ඇදහූවෙි ඉස්ලාමි ධර්මයය. එය අවසානයේ කෙලවර වූයේ බුරුම භික්ෂුව විසින් රොහිංගියානුවන් බුරැමයෙන් පන්නා දැමීමෙන් බව අපි දැන් දනිමු. එකී පන්නා දැමීම මොන තරමි මිලේචිඡ දැයි එක්සත් ඡාතින්ගේ සංවිධානයේ මානව හිමිකමි කොමසාරිස් කියූ මෙි වදන් වලින් පැහැදිලිවෙි.

‘‘ උමතු ආගමික අන්තවාදයේ පෙලපොතක් ලෙස රොහිංගියානුවන්ගේ ඡිවිතකතාව අපි අපේ දරුවන්ට කියවිමට දිය යුතුය ‘‘

ඡීවත්වීමට නමි සිය උපන්ගූමිය හැර දමා යායුතු බව රෝහිංගියානුවෝ දැන සිටියහ. එය තේරුමි ගැනීමට රොහිංගියානු ගැහැණුන් සිය ගණන් දූෂණය වීමටත් මිනිසුන් දහස් ගණනක් ඝාතනය වීමටත් සිදුවිය අද ඔවුහු ලක්ෂ 10 ක් අසල් වැසි බංග්ලාදේශයේ කදවුරු තුලට ගාල් වී සිටිති. එසේ සිටින්නේ තමන්ට ඡීවත්වීමට සුදුසු පොලොවක් ලෝක දෙශපාලකයෝ දෙන තුරුය. එහෙත් ඔවුනට එසේ ඡීවත්වීමට පොළොවක් ලැබීමට පෙරම සමූහයම වැළලීයාමෙි අවදානම කෙරෝනා වසංගතය ගෙනවිත් තිබෙි. නවතම දත්ත වලට අනුව දැනට බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගතයින් 859,161 ක් සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් හා ගැහැණු ළමයින් බව UNHCR කියා සිටි. තවමත් කදවුරු තුලට වෛරසය ගමන ආරමිභ කර නැත.වෛරසය කදවුර තුලට සංක්‍රමණය වුවහොත් ඔවුනට නිරෝධායනයට තැන් නැත. කදවුර තුල රෝහල් නැත. අඩි 20 යි විස්සේ ඉටි කොල හා ලෑලි ඇටවු මඩු තුල ඔවුන් 6 ක් හෝ 8 ක් ඡීවිත්වෙති. අත් සේදීමට තබා බීමට හෝ ඔවුනට පිරිසිදු ඡලය නොමැත. සබන් ලැබෙන්නේ සති දෙකකට එක් වරකි.”අපට කිසිවක් නොමැති නිසා අපි බිය වෙමු. අප ජීවත් වන්නේ අධික ජනගහනයක් සිටින ප්‍රදේශයක බැවින්, වෛරසය මෙහි පැමිණියහොත්, අප සියල්ලන්ම මිය යනු ඇත. ඔවුහු කියති.

තත්වය එසේ තිබියදිත් තවත් ධිවර බෝටිටු දෙකකින් පැමිනි සරණාගත රොහිංගියානුවන් පිරිසක් බංග්ලා දේශයෙන් රැකවරණ ඉල්ලමින් බෙංගාල බොක්කේ පාවෙමින් සිටිති. බංග්ලාදේශය ඔවුන් සිය රටට ගැනීමට ප්‍රතික්ෂේප කරයි.. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වන යූඑන්එච්සීආර්ට අනුව, අතරමං වූ රොහින්ග්‍යා වැසියන් “ප්‍රමාණවත් ආහාර හා ජලය නොමැතිව සති ගණනාවක් මුහුදේ සිටින්නට ඇත.”

හියුමන් රයිට්ස් වොච් සෙනසුරාදා කියා සිටියේ බංග්ලාදේශ රජය විසින් අතරමං වූ සරණාගතයින්ට වහාම වෙරළට පැමිණ ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය සහ සෞඛ්‍ය සේවා ලබා දිය යුතු බවයි.

“මියන්මාර හමුදාවේ කුරිරු අපරාධවල ප්‍රතිපලයක් ලෙස බංග්ලාදේශය විශාල බරක් උසුලන බව අපි දනිමු . නමුත් සරණාගතයින්ව බෝට්ටු වලින් මුහුදට තල්ලු කිරීම සඳහා එය නිදහසට කරුණක් නොවේ” යැයි හියුමන් රයිටිස් වොචිහි ආසියා අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් පැවසීය.

එවිට බංග්ලාදේශ් විදේශ ඇමති AK Abdul Momen හියුමන් රයිටි වොචිහි ප්‍රධානියාට ලස්සන පිලිතුරක් දී තිබෙි.

‘‘ .”බංග්ලාදේශය සෑම විටම වගකීම භාර ගත යුත්තේ ඇයි?”ඔබ රෝහින්ග්‍යා වැසියන් රැගෙන යන ලෙස බංග්ලාදේශයෙන් ඉල්ලා සිටින්නේ ඇයි? ඔවුන් සිටින්නේ ගැඹුරු මුහුදේ, බංග්ලාදේශයේ භෞමික ජලයේ පවා නොවේ . බෙංගාල බොක්ක වටා තව රටවල් 8 ක් තියෙනව ඇයි ඒවයින් ඉල්ලන්නෙ නැත්තෙ ? ඔබ ඉස්සෙල්ලම ඒක ඉල්ලන්න ඔන“මියන්මාර රජයෙන්. ඒක තමයි ඔබේ යුතුකම වන්නේ ඔවුන් ඔවුන්ගේ පුරවැසියන් වන නිසා.මෙි අහන්න බංග්ලාදේශය දැනටමත් රෝහින්ග්‍යා මිලියනයකට වඩා බාර අරගෙනයි ඉන්නෙ දැන් අපි. අපේ ත්‍යාගශීලීභාවය අත්හැර දාලයි තියෙන්නෙ .”කරුණාකර ඔබ එක්සත් ජාතීන්ගෙන් , ඇමරිකා එක්සත් ජනපදයෙන් , එක්සත් රාජධානියෙන් හෝ, කැනඩාව වැනි රටවල් වලින් යම් වගකීමක් දරන්නැයි ඉල්ලා සිටින්න. රෝහින්ග්‍යා ජනතාව ඔවුන් රැගෙන යාමට කැමති නම් ඔවුන්ගේ රටට යැවීමට අපි සූදානම්”

උපුටා ගැනීම උපාලි ජයසිංහ මුහුණු පොතෙන්

leave a reply