Day: May 27, 2022

  • 21 කට හැම තැනින්ම කදිම යෝජනා

    21 කට හැම තැනින්ම කදිම යෝජනා

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
    ගරු ජනාධිපති,
    ජනාධිපති ලේකම් කාර්යාලය,
    කොළඹ 01.

    ගරු ජනාධිපතිතුමනි,

    21 වන සංශෝධනයේ අරමුණ යථාර්ථයක් කරමු

    21 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නැවතත් රාජ්‍ය පාලනයේ යහපත් මූලධර්ම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට එකඟතාවය පලකිරීම පිළිබඳව අපගේ ප්‍රසාදය පලකරන අතර එකී සංශෝධනයේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමුකරන ලෙස ඔබතුමන්ගෙන් සහ සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමු.

    1. ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරීමට ඇති අයිතිය සීමා වියයුතු අතර එය 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුරූපව වෙනස්විය යුතුය.
    2. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදනයට අනුකූලව වෙනස්විය යුතුය.
    3. කැබිනට් මණ්ඩලය 20 දෙනෙකුට සීමා විය යුතු අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාවද 20 කට සීමා කල යුතුය.
    4. අමාත්‍යාංශ ලේකම්වරුන්, ව්‍යවස්ථාදායක සභාවේ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට අනුකූලව ජනාධිපතිවරයා විසින් පත්කල යුතුය.
    5. තානාපතිවරුන් හා දූත මණ්ඩල ප්‍රධානීන් තේරීම සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු අතර පත්කිරීම් සිදුකිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ හා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශයන්ට යටත්ව සිදුකල යුතුය.
    6. මහජන දේපළ සම්බන්ධ ගිවිසුම් සහ විදේශ ණය ලබාගැනීමට අදාල ගිවිසුම් අත්සන් කිරීම වෙනුවෙන් විනිවිදභාවයක් සහිත ක්‍රමවේදයක් සැකසිය යුතු අතර එය පාර්ලිමේන්තුවේ දැනුවත්භාවයක් සහිතව සිදුවිය යුතුය.
    7. රාජ්‍ය මූල්‍ය ස්වාධීනතාවය, විනිවිදභාව හා වගවීම ආරක්ෂා වන ක්‍රමවේදයක් සැකසිය යුතුය.
    8. ජනාධිපතිවරයාට ඇති සමාව දීමේ බලය කිසියම් නීතිමය රාමුවක් හා සීමාවක් තුළ සිදුකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කල යුතුය.

    එමෙන්ම මේ වන විට නැවතත් සමහර දේශපාලනඥයන් 21 වන ව්‍යවස්ථා සංශෝධනය සිය බල ව්‍යප්තියේ කොටසක් බවට පත්කරගැනීමට කටයුතු කරන බවක් පෙනීයන බැවින් පහත සඳහන් කරුණු කෙරෙහිද ඔබතුමන්ගේ අවධානයට යොමුකිරීමට කැමැත්තෙමු.

    1. 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ඝතයට ඇතුළත් කරුණු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ 4 වතාවක් දේශපාලන බලහුවමාරුව සමග සංශෝධනය කර ඇති අතර 21 වන සංශෝධනය එහි පස්වන අවස්ථාවයි.

    එකම කරුණ අරභයා පුද්ගල හා පක්ෂ දේශපාලන අභිලාශයන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ කාලය හා මහජන මුදල් නාස්ති කිරීම පිළිබඳව මහජන නියෝජිතයින් ලැජ්ජා විය යුතුය. එමෙන්ම එකිනෙකට විරුද්ධ 17-18-19 හා 20 සංශෝධන 4 ටම කැමැත්ත පලකල හැකිවීම විශ්මයජනකය. එවැනි මහජන නියෝජිතයින් 23 ක් වර්තමාන පාර්ලිමේන්තුවද නියෝජනය කරයි.. ඒ අතර නීතීඥයින් හා මහාචාර්යවරුන්ද සිටිති.

    1. 5 වන වතාවටද මෙම සංශෝධනය සිදුකිරීමට සිදුව ඇත්තේ එය එතරම්ම ජනතාවට වැදගත් වන හෙයිනි. එමෙන්ම ඒ සඳහා මේ වන විට මිනිස් ජීවිත, රාජ්‍ය දේපළ හා මහජන නියෝජිතයින්ගේ දේපළද විනාශයට පත්ව ඇත. 21 වන සංශෝධනය අරගල භූමියේ සිටින පිරිස් මෙන්ම රටේ බහුතරය අපේක්ෂා කරන ඉල්ලීමක් වන අතර එය රටේ යහපැවැත්මට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රසාදය දිනාගැනීමටද හේතුවනු ඇත. එබැවින් මෙම සංශෝධනය දේශපාලන බල ව්‍යප්තිය සඳහා භාවිත කිරීමට ඉඩ නොතබා එහි මුඛ්‍ය අරමුණු ඉටුවන ආකාරයට කඩිනමින් පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමු.

    රෝහණ හෙට්ටිආරච්චි
    විධායක අධ්‍යක්ෂ

    පිටපත් – සියලුම දේශපාලන පක්ෂ නායකයින් වෙත

     

  • පුරවැසිභාවයට නව පිම්මක් – IUS SCHOLAE නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට

    පුරවැසිභාවයට නව පිම්මක් – IUS SCHOLAE නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට

    යම් කෙනෙකු ඉගෙන ගන්නා රටක පුරවැසිභාවය ලබා ගැනීමේ අයිතිය.
    බොහෝ උද්ගෝෂණ හා විරෝධතා වලින් පසුව අවසානයේ පුරවැසිභාවය වෙනුවෙන් සකස් කල අදාල නීති සංසෝධනය ජුනි 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා එහි න්‍යාය පත‍්‍රයට ඇතුලත් කර ඇත. මෙය කාලයක පටන් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වන සංවිධාන හා පුරවැසියන්ට සතුට ගෙන දෙන ආරංචියකි.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ජුසෙප්පෙ බ්‍රෙසියා මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙම නීතියට සහය දක්වන අය උද්යෝගයෙන් සහ ජවයෙන් යුතුව ඉදිරියට ගමන් කරමින් මෙම මහගු අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත යුතු බවයි. කාරක සභාවේදී අපි පැය 15ක සාකච්ඡුාවකට යන්නයි ඉන්නේ. සංශෝධන 480න් 30කට විතර අපි ඡුන්දය දුන්නා. බාධක තියෙනවා, නමුත් ජයග‍්‍රහණය කරන්න ශිෂ්ඨාචාර සටනක් තියෙනවා. පාසලේ කාර්යභාරය සහ අපේ ගුරුවරුන්ගේ කාර්යභාරය ඉහළ නංවමින් යාවත්කාලීන කළ යුතු නීතියක් තිබෙනවා, යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

    ඉතාලියේ උපතලබා වයස අව්රුදු 18 ක් සම්පූර්ණ වන විට ඉතාලියේ පදිංචිය තහවුරු කිරීමට හා අධ්‍යාපනය ලබමින් වාසය කල බව තහවුරු කරන අයට ඉතාලි පුරවැසිභාවය ස්වයංක‍්‍රීයව ලැබෙන ක‍්‍රමවේදයක් ස්ථාපිතව තිබුනත් වෙනත් රටක උපත ලබා ඉතාලි පාසල් අධ්‍යාපනය ලබමින් දිගටම ඉතාලියේ ජීවත්වන දරුවන් වෙත එම අවස්ථාව හිමි නොවුනි. ඔවුන් වෙනත් රටක උපත ලැබුවත් අධ්‍යාපනය ලබමින් ? ඳී සිටින්නේ ඉතාලියේ නම් ඔවුන් උපන් රට හෝ දෙමාපියන් ඉතාලි පුරවැසියන් නොවන තත්වය අනුව සැලකීම මානුෂීය නොවන හෙයින් තවදුරටත් ඔවුන් ඉතාලි පුරවැසියන් මිස ඔවුන්ගේ ඔරිජින් එක අදාල කර ගත යුතු නොවන බවට හා ඔවුන්ට පුරවැසිභාවයට ඇති ශුද්ධවූ අයිතිය පිළිබඳ විශාල තර්කයක් ගොඩනගමින් සිවිල් සමාජය ඉල්ලා සිටියේ එවන් අයට ඉතාලි පුරවැසිභාවය ලබාදිය යුතු බවයි. මෙම සටන වසර ගනනාවක් පුරා සිදු කරමින් තිබෙන අතර එය මින් පෙර ආණ්ඩු දෙකක ඉතිහාසයකට නෑකම් කියයි. පසුගිය අවස්ථාවක පාර්ලිමේන්තුවෙන් සම්මත වුවත් සෙනෙට් සභාවේදී එය නැවත සංසෝධන සඳහා යොමු කෙරුනි. ඒ අතර ආණ්ඩු පෙරළියක් සිදුවූ හෙයින් මෙසේ ඇදි ඇදී ආ අතර ඉදිරි මැතිවරණයක් ලග ලගම එළඹෙන හෙයින් කාගේත් අවධානය ඊට යොමු වී ඇති බව අපගේ නිරීක්ෂණයයි. බොහෝ විට මැතිවරණ වලදී එරටේ පුරවැසියන් ඡුන්දය ප‍්‍රකාෂ කිරීම අවම වෙමින් තිබෙන අතර නව පුරවැසියන් කෙරෙහි දේශපාලකයින්ගේ අවධානය යොමුවී ඇති බව අපගේ නිරීක්ෂණයයි. එමෙන්ම නව පුරවැසියන් තම අයිතීන් දිනා ගැනීම සඳහා දේශපාලකයින් වෙත නැඹුරු වන තත්වයක් දකින්නට පුලූවන. ඊට හේතුව ඡුන්ද බලය නැතිව කොතරම් අරගල කලත් නොලැබූ අවධානය පුරවැසි ඡුන්ද බලය නිසා තමන් වෙත ආකර්ෂණය වී ඇති බව ඔවුන් හොඳින් වටහාගෙන ඇති හෙයිනි.

    (ලියුම්කරු ඇතුලූ අප සංවිධානයේ පිරිස මෙම පුරවැසි අයිතිය දිනාගැනීම වෙනුවෙන් විවිධ අවස්ථාවන් වලදී කටයුතු කල සහ තවදුරටත් කරමින් තිබෙන අතර අප ප‍්‍රදේශයන්හි ලාංකීය ජනතාවට එම විරෝධතා වලට සම්බන්ද වන ලෙසට ඇරයුම් කලත් සහභාගි වූයේ ඉතා අතලොස්සකි. ඉදිරියේදී මේ අයිතිය බුක්ති විඳින පිරිස වෙත අපගේ අහිතක් නැති වුවත් මෙහි සටහන් කරන්නට කල්පනා කලේ ඉදිරියේදී හෝ අයිතීන් උදෙසා සිදු කෙරෙන සාමුහික අරගල වලට සම්බන්ද වන ලෙසට පුංචි මතක් කිරීමක් සඳහා පමණි.)

    තීමස් විජිත්
  • අසිත ප්‍රනාන්දු කඩුළු 10

    අසිත ප්‍රනාන්දු කඩුළු 10

    චමින්ද වාස් විසින් මීට පෙර අවස්ථා දෙකක දී කඩුළු 10 බැගින් ලබාගෙන ඇති අතර ඒ අතරින් චමින්ද වාස් 2001 වසරේ දී බටහිර කොදෙව්වන් සමඟ පැවති 03 වන ටෙස්ට් තරඟයේ දී ලකුණු 191කට කඩුළු 14ක් ලබාගනිමින් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු ටෙස්ට් තරඟාවලියක දී ලබාගත් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්වුණා.

    ඉන් වසර 21කට පමණ පසුව අසිත ප්‍රනාන්දු විසින් ලකුනු 144කට කඩුළු 10ක් ලබාගනිමින් චමින්ද වාස්ට පසුව එම දස්කම දැක්වූ දෙවන ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා බවට පත්වුණා.

    මේ ජයග්‍රහණය එක්ක අපිට ලෝක ටෙස්ට් ශූරතාවලියේ පාකිස්ථානය අභිබවා ඉදිරියට එන්නත්, ලකුණු සටහනේ සිව්වන ස්ථානයට පසුවෙන්නත් පුළුවන් වුණා.

    රටේ තියෙන ප්‍රශ්න එක්ක හෙම්බත් වෙලා ඉන්න කාලෙක ක්‍රිකට් පිස්සුව තියෙන රටකට මෙහෙම හරි සමරන්න දෙයක් ඉතිරි වුණු එකම මොන තරම් දෙයක්ද?
    #සංජේ

  • ගාලුමුවදොර අරගලය ජනතාවට ජයග්‍රහණ අත්කර දුන් අරගලයක්

    ගාලුමුවදොර අරගලය ජනතාවට ජයග්‍රහණ අත්කර දුන් අරගලයක්

    ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනතා අරගලය ආරම්භ කර හෙටට දින 50ක් වෙනවා. මේ අරගලය ආරම්භ කරපු මුල් ආරම්භකයන් පවා අරගලය මෙපමණ දුර යාවි කියා හිතන්න නැතුව ඇති. ගාලුමුවදොර අරගලය නැවුම් අත්දැකීමක් සමාජයට එක් කරමින් අලුත් අරගල විධික්‍රම පාවිච්චි කරමින් අඛණ්ඩව එහි ජවය පවත්වාගෙන යමින් එය නොකඩවා ඉදිරියට ගෙන යන්නට කැප වෙච්ච ගිහි, පැවිදි, තරුණ, මහලු, වැඩිහිටි පිරිසක් එම ස්ථානයේම ලැගුම්ගෙන ඉන්නවා. එසේ ඔවුන් එම භූමියේ අරක්ගෙන සිටින්නේ පෞද්ගලික අරමුණක් ඉෂ්ට කරගැනීම සඳහා නෙවෙයි පොදු අරමුණක් වෙනුවෙන්. මේ අරගලයේ තියෙන විශිෂ්ටත්වය ම තමයි මස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අරගලය ආරක්ෂා කරන්න පිරිසක් සියල්ල කැප කර සිටීම.

    දශක දෙක තුනක් පවතින්නට කල්පනා කරමින් පැමිණි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුව හොල්ලන්න, පෙරලන්න, ජනතාවට ජයග්‍රහණ අත්කර දෙන්න ගෝල්ෆේස් අරගලය සමත් වෙලා තියෙනවා. ගාලුමුවදොර අරගල භූමිය හෙට දින 50 වෙත ළඟා වෙන්නේ ජනතාවට ජයග්‍රහණ අත්කර දුන් අභිමානයෙන් සහ වදුරටත් ජනතාවට ජයග්‍රහණ අත්කර දෙන්නට දැවැන්ත ශක්තියක් හෙට දිනයේදීත් ඒකරාශී කරගනිමින් කියන එක අපිට විශ්වාසයි. අරගලය කෙරෙහි විශ්වාසය තබමින් ආරම්භයේ සිට අද දක්වාම නොකඩවාම අරගලයට ශක්තිය දෙන youth for change සංවිධානයේ ජාතික කමිටු සාමාජික ලහිරු වීරසේකර සමඟ අප කළ සංවාදය පහත පළවේ

     

  • ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයෝ සියදිවි නසාගනිද්දී දයා ගමගේලාට රාජ්‍ය බැංකුවලින් ණය සහන දෙන හැටි

    ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයෝ සියදිවි නසාගනිද්දී දයා ගමගේලාට රාජ්‍ය බැංකුවලින් ණය සහන දෙන හැටි

    ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් සියදිවි නසා ගනිද්දී මහා පරිමාණ ව්‍යාපාරිකයින් රාජ්‍ය බැංකුවකට ගෙවිය යුතු ණය බොල් ණය ලෙස කපා හැර ඇති ආකාරයට ඊයේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැහැදිලි කළා.

    මෙන්ඩිස් සමාගමේ අයිතිකරු අර්ජුන් ඇලෝසියස් රුපියල් මිලියන තුන්දහස් දෙසිය හතළිස් දෙකක ණය මුදලක් ලංකා බැංකුවට නොගෙවා පැහැර හැර ඇති බවත් දයා ගමගේට අයත් දයා ඇපරල් සමාගම රුපියල් මිලියන දෙදහස් හයසිය හතළිස් අටක ණයක් රාජ්‍ය බැංකුවක් වෙත ගෙවීම පැහැර හැර ඇති බවත් දුමින්ද නාගමුව මෙහිදී පැවසීය.

    එසේම ඔහු මෙහිදී සඳහන් කරේ ධම්මික පෙරේරා Barclays සමාගම රුපියල් මිලියන 575ක බදු නොගෙවා පැහැර හැර ඇති බවයි.

    එසේම ඔහු පැවසුවේ මහා පරිමාණ වයපරිකයන් විසින් රාජ්‍ය බැංකුවලින් ලබාගත් බිලියන 101ට ආසන්න ණය නොගෙවා පැහැර හැර ඇති බවයි. නමුත් සමස්ත ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් ලබාගත් ණය ගණන් බැලුවහොත් මුළු ප්‍රමාණය රුපියල් බිලියන 25ක් පමණ වන බව දුමින්ද නාගමුව මෙහිදී පැවසිය.

    අර්ජුන් ඇලෝසියස් වෙත ලංකා බැංකුව සහ මහජන බැංකුව ණය ලබාදී ඇත්තේ ඒ සමයේ බලපත්‍රයක් හෝ රහිතව පවත්වාගෙන ගිය මෙන්ඩිස් සමාගම වෙත බව කෝප් කමිටුව විසින්ද අනාවරණය කර තිබුණි. එසේම අර්ජුන් ඇලෝසියස් යනු මහ බැංකු මංකොල්ලයේ චූදිතයෙකි. වෙනත් ආකාරයකින් කියනවා නම් ජනතා දේපොළ කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.

    එසේම දයා ගමගේ යනු ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමට ඇති ප්‍රධාන මූල්‍ය ආයතනයක හිමිකරුවායි. ධම්මික පෙරේරාත් මූල්‍ය සමාගම් කිහිපයක්ම පවත්වාගෙන යන්නෙකි.

    මොවුන් එක් පසෙකින් මූල්‍ය ප්‍රාග්ධනය හරහා ජනතාව ගසා කමින් සිට අතර තවත් පසෙකින් ජනතා දේපොළ කාබාසිනියා කරමින් සිටින ආකාරය පිළිකුල් සහගත වේ.