යුක්තිය ඉල්ලා උතුරු – නැගෙනහිර ජනයා හර්තාලයක: යාපන විශ්වවිද්‍යාල සිසුනුත් එක් වෙයි

උතුරු – නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට දැවැන්ත හර්තාලයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, කොක්කුතුඩුවායි ප්‍රදේශයේ හමු වූ සමූහ මිනීවළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් සහ උතුරු නැගෙනහිර ප්‍රදේශ කේන්ද්‍ර කරගමින් සිදු කරන බලහත්කාරි බෞද්ධකරණයට විරෝධය පළ කරමින්.

බලහත්කාරයෙන් අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් සංවිධාන කර ඇති මෙම හර්තාලය සඳහා යාපන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය ද සිය සහය කර ඇති බව සඳහන්.

බලහත්කාරයෙන් අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඊශ්වරි මහත්මිය ප්‍රකාශ කළේ, වට්ටුවාකාල් පාලම අසල සිට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පා ගමනක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

අදාළ සමූහ මිනී වළෙන් හමු වූ අස්ථි කොටස් 2009 වසරේ දී හමුදාවට භාර දුන් අයගේ විය හැකි බවට සැක කරන බවයි මරියතුරෙයි ඊශ්වරි මහත්මිය කියා සිටියේ.

උපුටා ගැනීම monara වෙබ් අඩවියෙන් 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...