යුක්තිය ඉල්ලා උතුරු – නැගෙනහිර ජනයා හර්තාලයක: යාපන විශ්වවිද්‍යාල සිසුනුත් එක් වෙයි

උතුරු – නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට දැවැන්ත හර්තාලයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, කොක්කුතුඩුවායි ප්‍රදේශයේ හමු වූ සමූහ මිනීවළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් සහ උතුරු නැගෙනහිර ප්‍රදේශ කේන්ද්‍ර කරගමින් සිදු කරන බලහත්කාරි බෞද්ධකරණයට විරෝධය පළ කරමින්.

බලහත්කාරයෙන් අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් සංවිධාන කර ඇති මෙම හර්තාලය සඳහා යාපන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය ද සිය සහය කර ඇති බව සඳහන්.

බලහත්කාරයෙන් අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඊශ්වරි මහත්මිය ප්‍රකාශ කළේ, වට්ටුවාකාල් පාලම අසල සිට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පා ගමනක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

අදාළ සමූහ මිනී වළෙන් හමු වූ අස්ථි කොටස් 2009 වසරේ දී හමුදාවට භාර දුන් අයගේ විය හැකි බවට සැක කරන බවයි මරියතුරෙයි ඊශ්වරි මහත්මිය කියා සිටියේ.

උපුටා ගැනීම monara වෙබ් අඩවියෙන් 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...