ගොවියන්ට පොහොර සල්ලිවලට ගන්න කියලා ආහාර සුරක්ෂිතතාවය ගැන බණ කියන ආණ්ඩුවක්

රජයේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන පොහොර බෙදා හැරීමේ කටයුතුවලින් එළැඹෙන 2023/24 මහ කන්නයේ සිට ඉවත්වීමට රජය තීරණය ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ගොවීන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට මුදල් සහනාධාරයක් ලෙස ගොවීන්ගේ බැංකු ගිණුම්වලට ඝෘජුව ම බැර කිරීමට සැලසුම් කොට ඇති නිසා පොහොර බෙදා හැරීම් කටයුතුවලින් රජය ඉවත් වීමට තීරණය කළ බව ද ඔහු පවසා තිබේ. වගා බිම්වලට අවශ්‍ය යූරියා පොහොර ඇතුළු සියලු පොහොර සැපයීම පෞද්ගලික අංශ මගින් සිදු කෙරෙන බව ද ඇමතිවරයා පවසා ඇත.

රජයේ පොහොර බෙදා හැරීමේ වැඩසටහන යටතේ පසුගිය යල කන්නයේදී රට පුරා යූරියා පොහොර බෙදා හැරීමට ප්‍රවාහන, ඉන්ධන, කම්කරු, නැව් ගාස්තු හා වරාය ගාස්තුද ඇතුළුව රුපියල් කෝටි 150කටත් වැඩි මුදලක් වැය කර ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි.

එමෙන් ම, 2022/23 මහ කන්නය සඳහා අවශ්‍ය සියලු පොහොර වර්ග රට පුරා බෙදා හැරීමට රුපියල් මිලියන 6,500කට වඩා වැඩි මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු ගතකර තිබෙන බව ද ඔහු කීය.

ඒ අනුව හෙක්ටෙයාර් එකකට රුපියල් 50,000කට වැඩි මුදලක් ගොවි ජනතාවට ලබා දීම කෙරෙහි අවධානය යොමුකර තිබෙන බව ඇමතිවරයා පවසා තිබේ.

මහින්ද අමරවීර විසින් ඉහත ප්‍රකාශ සිදුකර ඇත්තේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශයට පත්කළ ඊයේ දිනදීමයි.

ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසියේ රසායනික පොහොර ගෙන්වීම නැවත්වීමට පෙර රජය විසින් ගොවීන්ට නොමිලේ පොහොර ලබාදීම සිදුකරන ලදී. දැන් සිදුව ඇත්තේ ගොවීන්ට පොහොර හිඟයකට මුහුණ දීමට අමතරව අධික මිලකට පොහොර මිලදී ගැනීමටයි. අමරවීරගේ ප්‍රකාශය හරහා පැහැදිලි වන්නේ රජය පොහොර ලබාදීමේ වගකීමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.

පොහොර ප්‍රශ්නය නිසා සහල් ඇතුළු ආහාර ගණනාවක මිල ඉහළ යාම හිඟයක් නිර්මාණය වීම දැනටමත් සිදුව තිබේ. රජය පොහොර සම්බන්ධ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන් ඉවත්වීම හරහා මෙම තත්ත්වය තවත් වැඩි වෙනු ඇත.

එවැනි වටපිටාවක ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් නව නීති හඳුන්වා දෙන බව රජය නිවේදනය කිරීම විහිළුවකි.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...